අසීමාන්තික - 06 කොටස

575 93 32
                                    


මම ඔයාගේ සේහා...

එතකොට මේ...සතියේ ආදරණීයම ගුවන් විදුලි වැඩසටහන...

ඔයාත් අහගෙනද ඉන්නේ..සති අන්තයේ..ලස්සන ඉරිදාවක් කියන්නේ තවත් එක් අවසානයක් වුණත්..

ඒක තවත් ආරම්භයක් විදිහට ඔයා ගාවට ඒවී...අලුත් සදුදාවකින් පටන් ගන්න සතියක්..ඔයාගේ ජීවිතේ තවත් පරිච්ඡේදයක් හැඩ කරාවී...

ඔයා තනිවෙලාද...ඔයා කොළඹ අවට ඉන්නව නම්...ඔයාගේ ගෙදර ඔයාගේ ඔෆිස් එකේ ජනේලෙයක් ඇරලා බලන්න...අහස ඔයාව තනිකරලා නෑ කියලා ඔයාට හිතෙයි...

වැස්ස වහින දිහා බලන්න...ඒවා පොළොවට වැටෙන සද්දෙට හොදින් කන් දෙන්න...

ඔයා වාහනයක් ඇතුළේ තනියම ඉන්නව නම්...ජනේලයෙන් ඈත ඔයාට පේන ලයිට්ස් එළි දිහා බලන්න...

ඔයාගේ ජනේලයේ වතුර බිංදු දිලිසෙන විදිහ බලන්න..

වැස්සත් එක්ක එකතුවුණු පරිසරය ඇතුළේ ඔයාට තනි--

' ක්වච්ච් '

" මට ඔය හු#ත්තවල් වලින් වැඩක් නෑ බන්..මේක මහ කරුම වැස්සක් විතරයි සේහ..."

" සේහ..උබ ඇත්තටම කොහෙද මැණික..."

දීශ් රේඩියෝ එකට ගැහුවේ මේ වෙලාවේ එළියේ වහින එක ගැනත් තරහින් වෙද්දී වැස්සත් එක්කම වටපිටාවේ වෙච්ච හැම දේකින්ම වුණේ දීශ්ට සේහ්‍යව මතක් වෙන එක වැඩි වීමක් විතරයි.

කොටිකාවත්ත බංග්ලෝ එකේ ඉදන් දීශ් තනියම එයාගේ කැබ් එකේම වේල්ල විල වත්තට ආවේ වෙලාව අටහා මාරට විතර වෙන්න තියෙද්දී...එළියේ හෝ ගාලා වහිද්දී දීශ් කැබ් එක පදවන වේගය තවත් වැඩි කළා..

" සේනා...කෝ කොල්ල කොහෙද...මට මගේ කොල්ලව හොයලා දීපන් බන්..."

" සර්..කලබල නොවී ඔහොම කැබ් එකට වෙලාම ඉන්න..සර් දැන් එළියට ආවොත් ඒක හෙට පත්තරවල යන්නේ වෙනම කාරණාවක් වෙලා..වත්තේ කට්ටිය හැමතැනම හොයනවා..පොලිසියත් දැන් මෙතනට එයි...ආවට පස්සේ--"

දීශ් තෙමි තෙමීම කැබ් එකෙන් බැහැලා ලොකුවට කලබලයක් නොකර සේහ්‍යලගේ ගේ ඇතුළට ගියා..පදුමෙවයි,සේහ්‍යගේ පුංචි අම්මවයි මරලා දාපු ලේ පැල්ලම් පොළොවේ තැන් තැන් වල තිබුණා ඇරෙන්න..දීශ්ට සේහ්‍යගේ ඉගියක්වත් හොයාගන්න බැරි වුණා...

අසීමාන්තික || Non Fiction Where stories live. Discover now