පුංචි කාලේ....
සතුටු කාලේ.....
අත්පුඩියක් ගහන්න....
අම්මි ළගට දුවන්න....
තාත්තිගේ කොණ්ඩේ පාට පාට කොණ්ඩ කටු ගහන්න....
කිරි කිරි බෝලේ....
කැරකෙන්න....බිම වැටෙන්න.....
ඉස්කෝලේ යන්න කැමති නෑ....
මැල්ලුම් කන්න කැමති නෑ....නෑ.....
දයියා නිසා මස් හෝදලයි කන්නෝනේ....
ගුඩු ගුඩු ගාලා වතුර ගොඩක් බොන්න....
නැත්තන් බණ්ඩියේ ගල් පිරෙයි....Im your....duli duli poet....Anu babe....
අනේ මොනාද මේ....කවිද...දීශ්ට හිනා ගියා එයාගේ පුංචි කාලේ ෆොටෝස් බලද්දී....දෙක වසරේදි ගත්ත ෆොටෝ එකක් පිටිපස්සේ ඔහොම ලියලා තිබ්බා...සුදු කොට කලිසමට ස්කූල් ශර්ට් එක ඇදලා....ඒක චුට්ටක් පිට පැනලා...දීශ් ඒ කාලේ බෝලයි...ඒ අනුරාධිගේ පොල් අකුරු....ඇයි යකෝ පොඩි උන් මෙහෙම....කමන්නෑ... දීශුත් පොඩි කාලේ එහෙමයි....ඒ තමයි දීශ්ගේ පොඩි කාලේ....
චංගුමී වගේ කෙල්ලව අපි ක්ලාස් මොනිටර් කරමුද දී....
එයාට ඡන්දේ දාමූ හී....ඕකේ.....ඒ පහ වසරෙදි අනුරාධි දුන්න චිට් එකක්...
තව ක්‍රිස්මස් කාඩ්ස්...බර්ත් ඩේ කාඩ්ස්.....පුංචි ඔටෝ බුක් එක....ඒ හැමදේම දාපු ලී පෙට්ටිය...මේ හැමදේම දීශ්ගේ මතක....කොච්චර වයසට ගියත්....ජීවිතේ අපි ආදරේ කරන කාල වකවානු තියෙනවානේ....ඉතින් ඒව දිහා බලලා හූල්ලන්න අපිට වයසක් අදාළ නෑ.....ඔයාට මැරෙන මොහොතෙත් මතක් වේවී....හදවත කඩාගෙන යන්නම හූල්ලන්න හිතෙයි...ආයෙම යන්න හිතෙයි.....අපිම පොරවගත්ත හැගීම් දනව්වක් ඒ.....
ඒත් අවුරුදු 12 න් පස්සේ අනුරාධි ගැන තිබ්බ මතකේ ඔයිට වෙනස්....
එදා...රවී....අනුරාධි....පරස්පර ලෝකෙ දෙකක්...ඇද පොඩිවෙලා...දීශ් ඇද රෙද්ද හදලා හාන්සි වුණා....ඇද රෙදි දීශ් එක්ක උරණයි... හැඩි වෙච්ච ගමන්මයි...
අනුරාධිගේ හිනාව ඉස්සර වගේ නෙවේ....ඉස්සර පුංචි සතුටකටත් මහ ගොඩක් දිලිසුණ ඇස් දෙකක්....දීශ් ඒක දැක්කා...
ඒ ඇස් ලස්සනයි...දැන් විඩාබරයි...
ඕල්ඩ් ඊස් ගෝල්ඩ් බව ඇත්ත...ඒත් නිව් වන් ඉස් ලයික් අ මික්ස් ඔෆ් ඕල්ඩ් ඇන්ඩ් නිව්...දීශ් හිටියේ එහෙම තර්කෙක..
ජීවිතේ දෙවෙනි වතාවටත් දීශ් එහෙව් ඇස් දෙකකට වශී වුණානේ..... ඒ පළවෙනි වතාව.....මේ දෙවෙනි වතාව....
YOU ARE READING
අසීමාන්තික || Non Fiction
Non-Fictionඑක පාරටම ලයිට්ස් ඕෆ්.... ආයෙත් ලයිට්ස් ඔන් වුණා තප්පර ගාණක් යන්නත් කලින්.... " ඇති යන්තං අර ඉන්නේ....." සැනසුම් සුසුම පහතට දැම්ම දීශ්ට නම් ආයෙත් හරි ආසාවෙන් බලන් ඉන්න දෙයක් ලැබිලා වගේ....මේ වෙඩි හුවමාරුව අස්සෙත්... ලයිට්ස් ඔන් වෙනවත් එක්කම දීශ් හොයා...