අසීමාන්තික - 07 කොටස

605 91 22
                                    

" චූටි වස්තුව.."

" ම්ම්ම්..මො..මොකාද චූටි වස්තුව...පුරා වස්තුවද..හ්ම්ම්හ්.."

" හු#ත්තක් කියවනවා ඉදගෙන... "

සේහ්‍ය හීනෙන් කියවද්දී...දීශ්ට යකා නැග්ගා...

දීශ් රිදෙන නොරිද්දෙන ගාණට සේහ්‍යගේ මූණේ තිබ්බ තුවාලෙ උඩින් බෙහෙත් ගල්වද්දී ගොඩක් රළු අතකින් කරන මෘදු ස්පර්ශයක් සේහ්‍යට දැණුණා.ඒ වෙලාවේ පුංචි කෙදිරියක් එක්ක සේහ්‍ය අනිත් පැත්ත හැරෙන්න හදද්දී නිරාවරණය වෙලා තිබ්බ සේහ්‍යගේ සුදුම සුදු බෙල්ල උඩින් ගැඹුරු තෙත හාදුවක් නොතියා සේහ්‍යගෙන් ඈත් වෙන්න දීශ්ට බැරි වුණා.දීශ්ගේ නොසන්සුන්කම මිශ්‍ර වුණ හැගීම් එක්ක ඒක හාදුවකට වඩා පුංචි සැපුමක් වගේ බෙල්ල උඩ රතු පාටින් පැල්ලමක් හදද්දී,

" හ..හයායි..ම් න් නැ හතරයි..."

සේහ්‍ය හීනෙන් මැච් එකක් බලනවද කොහෙද..සේහ්‍යගේ මේ හැසිරීම දැකලා දීශ් එයා එක්කම හිනා වුණා.දීශ්ගේ හිනාව සේහ්‍ය ගාවදි නොනිවෙන දීප්තියකින් වගේම අවංක කමකින් දිලිසුණේ නිරායාසයෙන්ම..

" තව උම්මා හයක්ද ඉල්ලුවේ උබ ම්..."

" අ..අම්මා.."

සේහ්‍ය නින්දෙන් අම්මව මතක් කරද්දී දීශ් සේහ්‍යගේ ශර්ට් එකේ බොත්තමක් ගලවලා සේහ්‍යගේ පපුව සොෆ්ට් විදිහට අතගෑවේ සේහ්‍ය වේගයෙන් හුස්ම ගත්ත නිසා...

" අම්ම නැතුව සේහ පාලුවෙන්ද..."

" ම්න්...අම්මා නෑ..."

සේහ්‍ය ආයෙත් කිව්වේ එයාගේ පපුව උඩ තිබ්බ දීශ්ගේ අත තද කරලා පපුව දිගේ යන විදිහට ඈත් කරද්දී.සේහ්‍ය කරපු දේ නිසා තවත් බොත්තම් දෙකක් දීශ්ගේ අතින්ම ගැළවුණේ නොදැනුවත්වම වෙද්දී සේහ්‍යගේ ශර්ට් එක තද කරලා අල්ලගත්‍ත දීශ්ගේ ඇස් සේහ්‍ය දිහා බැලුවේ ලෙංගතු කම උතුරන ඇස් වලින්..

" උබ මගේ විතරයි සේහ..කියපන් මගේ විතරයි කියලා.."

" ම්න්..."

" උබ මාව අවුස්සන තරං...ආයෙත් කියපන් ඒක...පුළුවන් නම් හැමදාම කියපන්.."

" හ..හ්ම්ම්.."

විනාඩි පහකට විතර පස්සේ සේහ්‍ය සන්සුන් වුණා කියලා දීශ්ට තේරෙද්දී ගැළවුණ බොත්තම් දීශ් අතින්ම ආයෙත් පියවුණා..ඒත් දීශ්ගේ අත තවමත් සේහ්‍ය තදින් බදාගෙන හිටියා...විනාඩි පහකට විතර පස්සේ දීශ්ගේ ඇගිල්ල තිබ්බේ සේහ්‍යගේ කට ඇතුළේ...
.
.
.
විවෘත වුණ හොස්පිට්ල් කාමරේ ජනේලය ළඟ හිටගෙන ඉද්දී දීශ්ට හිතුණේ සමහරවිට,සමහර දේවල් වැහිලම ගිහින් හැංගිලාම තිබ්බා නම් කොච්චර දෙයක්ද කියලා.හරියට සේහ්‍යගේ දෙමව්පියන්ගේ අතීතය වගේ දේවල්...ජනේලයක් ඇරලා තිබ්බම දැනෙන සීතල නොදැනෙන්න ඒක වහලම තියන එක හොදයිනේ..අන්න ඒ වගේ...

අසීමාන්තික || Non Fiction Where stories live. Discover now