අසීමාන්තික - 09 කොටස

567 86 11
                                    

හොද දෙයක් වුණේ...
සේහ්‍ය දිශ් නැගපු වාහනේට නගින්නේ නැතුව සදා මහත්මිය නැගපු වාහනේට නැග්ග නිසා දීශ්ට එයාව සන්සුන් කරගන්න අස්වැසිල්ලක් ලැබුණා...
ඒත් දීශ්ගේ ඉස්සරහ සීට් එකට තද පන්ච් එකක් ලැබුණා ඒ කේන්තියේ තෑගි වශයෙන්...
කවදද දීශ්ගේ කේන්තිය මේ විදිහට පාලනය වුණේ...කිසිම කෙනෙක් ඉස්සරහ ඒ කේන්තිය ලේසියෙන් පාලනය වුණේ නැහැ...සාලිය මාන්නප්පෙරුම ඉස්සරහ ඇරෙන්න....

දීශ් මේ ලෝකෙ උබ බය දේවල් තිබ්බේ එකයි....
ඒත් දැන් උබ තව දෙයක් ගැන බයෙන් ඉන්නවා...උබට ඒ දේ නැති වෙයි,උබ එයාට රිදවයි කියන බයෙන්.....
ඒත් උබට දැන් රිදෙනවා....උබම උබට රිද්දගන්නවා...

පිස්සු නැත්තන් සෝක්..මැර මන්ත්‍රීත් ඉදලා ඉදලා නටන්නේ එසේ මෙසේ සන්නි නෙවේ....

" ඩ්‍රයිවර් දැන් තමුන්ව හොටෙල් එකකට එක්ක යයි..එතන ඇදුම් වගේකුත් ඇති..ගිහින් ඒ තියෙන ඇදුම් ඇදගෙන ඔය වාහනේම මං කියන තැනට ඇවිත් ඉන්නවා...ම්.."

" සර්..එතකොට මැඩම්..."

" අනේ උබට එච්චරවත් මොලෙයක් නැද්ද...එතන ඉන්න සර්වන්ට් කෙනෙක්ට කියවලා අම්මවත් ලෑස්ති කරගන්නවා...."

ඒ පාර දීශ්ට සේහ්‍යට කෝල් අරන් හැමදේම මුල ඉදන් පැහැදිලි කරන්න වුණා....
අම්මෝ ඒක පුදුම ඉවසීමක්....අර තැලෙන්න තැලෙන්නයි යකඩේ මුවහත් වෙන්නේ කියන්නා වගේ දීශ්ගේ හිතට වදදිදී වදදිදී තිබ්බ ඒ හැගීම් එක්ක අර අහිංසක මූණට ගහන්න බනින්න දීශ්ට හිතක් නෑ දැන් දැන්....

" මට,ඇදුම් ඕන්නෑ මන්ත්‍රීතුමා...ඒකටත් මගෙ පඩියෙන් කැපුවොත් එහෙම..." ඇයි අප්පා කියලා සෙහ්‍ය මිමිණුවේ හිතින්...

" පඩියෙන් නෙවේ...වෙනේකක් කපන්නේ...ඇයි මනුස්සයෝ..නාවර පෙරාගෙන හිගන මනුස්සයෙක් වගේද උබට යන්නෝනෙ... සේහ මේක හොදට අහගනින්....මේක මේ ඔය වතු වල තියෙනව වගේ නිකං කාණු ගානේ ලගින බජව්වක් නෙවෙ මෙහෙ තියෙන හොදම හොටෙල් එකක...මේ දීශ් මන්ත්‍රීතුමාගේ මිනිහෙක් ගාණට උබ යන්න හදන්නේ....උබට කියන කට හොදයි..."

මිනිහෙක්...ඒ කියන්නේ තව මිනිස්සු ඉන්නව ගඩාපියට...
අනේ ඔය මොන මොන සොක්කත් බීපුවම කාණු ගානේ තමා මන්ත්‍රීතුමා...නෑ නෑ සේහ්‍ය එහෙම කිව්වේ හිතින් විතරයි...

අසීමාන්තික || Non Fiction Where stories live. Discover now