අසීමාන්තික - 12 කොටස

494 76 4
                                    

" සේහ්‍ය නවත්තන්න..."

දීශ්ගෙ ගැඹුරු කටහඩ වොශ් රූම් එක ඇතුළේ දෝන්කාර දෙන්න ඇති.

"......."

" ළගට එන්න...."
බිම බලාගෙන හිටපු සේහ්‍යට දීශ් මෘදුව ඇමතුවා.
ළගට එන්නලු !
සේහ්‍ය හිමීට දීශ්ට ලං වෙද්දී දීශ් කළේ හුස්මක් අතෑරපු එක...

" ආයෙත් කියන්න ඒක...."

" ආ- ආයෙත් කියන්න? "

" හ්ම්ම්.."

" මං ඔයාට ආදරෙයි..."

සේහ්‍ය කියද්දී දීශ් හිනාවෙලා බලාගෙන උන්නා...ඇයි ඒ එහෙම හිනාවෙන්නේ...ඒක නිකං ' තවත් මට ඔය ගැන කියන්න දෙයක් නැහැ ' වගේ අදහසක් දෙන හිනාවක්....ඇයි ඒ විදිහේ හිනාවක්ම...එතකොටම දීශ් දැක්කා සේහ්‍යගේ බලාපොරොත්තු බිඳුණු බැල්ම...

" ඉස්සරහට මොනවද කරන්න ඉන්නේ...."

මාතෘකාව පිට පෙරළපු දීශ් එයාගේ ලේන්සුවෙන් අත් පිහින ගමන් ආයෙත් කණ්ණාඩිය දිහා බැලුවා.තොල් පට පෙරළුවෙ මොන හැගීමකින්ද මන්දා සේහ්‍යගේ මුහුණ දිහා බලාගෙන...ඒක හොදම වෙලාව උනාට ඇදලා අරන් ඒ මූණට හාදු පිට හාදු දෙන්න....මොකද්ද හේතුවකට දීශ්ට ඒකත් ' බැහැ ' වගේ....

" ඉගෙනගන්නවා..."

" මොනවද ඉගෙනගන්නේ..."

දීශ් අත් දෙක බැදගෙන සින්ක් පේළියට සවි කරලා තිබ්බ කොටසට හේත්තුවක් දැම්මා....

" බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එක කරනවා...ප්‍රයිවට් කැම්පස් එකක...."

" වෙරි ගුඩ්...ඒක හොදයි..."

එච්චරද ? ඒක හොද කතා බහක් වුණත් පොතේ හැටියට ලොකු අඩුපාඩුවක් තිබුණා නේද කියලා සේහ්‍යට දැනෙන්නම ඕනේ...නැත්තන් මොකද්ද අරමුණ....අද දීශ්ව බලන්නමනේ එයා මේ ක්ලබ් එකට ආවේ....පරණ යාළුවන්ගේ මීට් අප් එකක් ගැන ගෙදරදී අනුරාධි කියද්දී...සේහ්‍යට අද එන්නම ඕනෙ වුණා දීශ්ව බලලා යන්න.....

" ආ යූ ඩන්.."

" හ්ම්ම්..."

" දෙන් ලෙට්ස් ගෝ.."

" හ්ම්ම් "

යන අතරේදිවත් දීශ් මොනවත්ම කියන්න උත්සාහ කළේ නම් නැහැ.

අසීමාන්තික || Non Fiction Where stories live. Discover now