අසීමාන්තික - 03 කොටස

643 118 21
                                    


" ස්වාමිනි කරුණා කළ මැනව "

"  ක්‍රිස්තුනි කරුණා කළ මැනව. "

" ස්වාමිනි කරුණා කළ මැනව."

" ක්‍රිස්තුනි, අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව."

" ක්‍රිස්තුනි, අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව."

…………………

" ස්වාමීනි,"

"එතුමියගේ වික්ෂෝප ගෞරවයෙන් සිහි කරන අපට ඔබගේ පුත්‍ර වූ ජේසු තුමන්ගේ දුක් ප්‍රාප්තියේ කුසල් පල නෙලා ගැනීමට කරුණාවෙන් වරම් දුන මැනව "

"මේ කීදේ ඔබ හා ස්ප්‍රීතු සාන්තු සමග සදාකාලයටම ජීවත් වන්නා වූ ද, රජකම් කරන්නා වුද ,ඔබගේ පුත්‍ර වූ අපගේ ස්වාමි වූ ජේසු තුමන් උදෙසා ම ලැබේවා."

" ආමෙන් ! "

" ආමේන් !!! "

ආමේන් වචනය පල්ලිය පුරා දෝන්කාර දෙද්දී,දීශ් එයාගේ ඔත්පල අම්මා දිහා බැලුවා.

" යමුද අම්මා..සේනා අම්මව එක්ක එන්න..."

රෝද පුටුවේ ඉදගෙන හිටිය දීශ්ගේ අම්මට ඒ තරම් සිහි කල්පනාවක් තිබුණ බවක් පේන්න තිබ්බෙ නෑ.සුදුමැලි මූණේ යටගිය මලානික වෙච්ච ඇස් දෙක එකම දිශාවකට එල්ල වෙලා තිබුණත් ඒවා ඇස් පිල්ලම් නම් නොගහපු තරම්..

" මන්ත්‍රීතුමා..සදා මිස්ට කොහොමද දැන්.."

" අනේ..කොච්චර හොදට හිටපු අපේ කෙල්ලද මේ..සදා..උබ ඉක්මනට ආයෙ ඇවිදපන් කෙල්ලේ..."

" අවුරුදු හතරකටත් කිට්ටුයි..තාම ගුණෙයක් නැද්ද මන්ත්‍රීතුමා.."

දේව මෙහෙයට ඇවිත් හිටපු හැමෝම දීශ් එක්ක පුංචිම හරි දෙයක් සම්බන්දව කතා කරන්න අමතක කරේ නෑ,විශේෂයෙන්ම දීශ්ගේ අම්මට කොහෙවත් නැති අවධානයක්,අනුකම්පාවක් පල්ලියට ආපු මිනිස්සුන්ගෙන් ලැබුණා.ඒකට හේතුව වුණේ දීශ්ගේ අම්මගේ අසනීපේ..

"  සොරි ආන්ටි..මට දැන් යන්න ඕනේ..ස්පෙශල් මීටින් එකක්..අපි පස්සේ වෙලාවක ආයෙ කතා කරමුකෝ.."

ෆෝන් එක කනේ තියාගෙන කෝල් එකක ඉන්නවා වගේ ප්‍රිටෙන්ඩ් කරලා තමන්ට එල්ලවෙන ප්‍රශ්න මග ඇරපු දීශ් හැමදාම මිනිස්සුන්ගෙන් ගැලවුණේ එහෙම...

අසීමාන්තික || Non Fiction Where stories live. Discover now