" මේ.."
" ම්ම්ම්..."
" තාත්තා ඇහුවා රට යන්න කැමතිද කියලා පස්සේ... "
" ඉතින් හොදයිනේ..."
" ඔව්..."
" කොහෙද.."
" ඉතාලි..ඉතින් මං එහෙ භාශාව ඉගෙනගන්නව මේ දවස් වල..."
" හොදයි..."
එයාලා කැබ් එකේ එද්දී පුංචි කතා බහක් ගියා...
ඊළගට සේහ්‍යව ගෙදරට යන අතුරුපාර ළඟින් බැස්සුව දීශ් ආපහු යන්න හැදුවා...." පරිස්සමෙන් යන්න..."
දොර වහන්න කලින් එහෙම කිව්වෙ දීශ්...
" ම්ම්ම්..."
ඒත් කොහොමද යන්නේ...අතුරු පාර දිගටම කට්ට කරුවලයි...පාර දිගේ ඇතුළට පේළියට තිබ්බ ගෙවල් වල ලයිට්ස් පවා නිවලා තිබ්බා...මොකද දැන් දොළහටත් කිට්ටුයි වෙලාව...සේහ්‍ය ෆෝන් එකේ ටෝච් එක ඔන් කරගත්තා....
" තාත්තා කියනෙකා හොයන්නැද්ද ඔයා ගෙදර ආවද කියලවත්..යන එන තැන් එහෙම...දැන් පරක්කු වෙලානේ හොදටම..."
" නෑ හොයනවා...අද මීටින් එක හින්දා එයා බිසී..."
" ආහ්..එහෙමත් එකක්ද..."
" හ්ම්ම්..."
" එහෙනං ගෙදර වෙන කාටහරි කෝල් එකක් දීලා මෙතනට එන්න කියනවා තමුසෙව එක්ක යන්න....මොකෙද්ද වගේ බලාගෙන ඉන්නේ..."
" බලමු.."
තාත්තගේ ෆෝන් එකටත් අරගෙන ඒ ආන්සර් කළේ නැති තැන සේහ්‍ය ගෙදර ලෑන්ඩ් ලයින් එකට ගත්තත් නෝ ආන්සර්...අනුරාධිට නම් කොහොමත් සිහියක් තිබ්බේ නැති එකේ අරගත්තට වැඩක් නෑ කියලා සේහ්‍ය දන්නවා....දීශ් අත් දෙක බැදගෙන සේහ්‍ය දිහා බලාගෙන...
" මංම එන්න ඕනෙ කියලද කියන්නේ...."
" නෑ...මං එහෙම කිව්වෙ නෑනේ...."
" එහෙනං...ඔච්චරට උබ ගැන හොයන්නැද්ද මුන්..."
දීශ්ට ඒ අස්සේ යකා....
දීශ්ගේ රැවුම් ගෙරවුම් එක්ක...සේහ්‍යට හිනා යන්නත් ආවා...." එහෙම නෑ...."
" යමං එහෙනම්...මැරෙන්න හරි...."
දීශ්ට එතන ඉදන් බොඩි ගාඩ් කෙනෙක්ව විතරක් යවන්න හිත දුන්නේ නෑ සේහ්‍යව ඇරලන්න...මාස්ක් එකකුත් දාගෙන කැප් එකකුත් දාගත්ත දීශ් එයාගේ පිස්ටල් එකත් කලිසම අස්සේ ගහගත්‍තා...එයාලා පිටිපස්සෙන් ආවේත් තව එක බොඩි ගාඩ් කෙනෙක් විතරයි...
![](https://img.wattpad.com/cover/354682291-288-k544462.jpg)
YOU ARE READING
අසීමාන්තික || Non Fiction
Non-Fictionඑක පාරටම ලයිට්ස් ඕෆ්.... ආයෙත් ලයිට්ස් ඔන් වුණා තප්පර ගාණක් යන්නත් කලින්.... " ඇති යන්තං අර ඉන්නේ....." සැනසුම් සුසුම පහතට දැම්ම දීශ්ට නම් ආයෙත් හරි ආසාවෙන් බලන් ඉන්න දෙයක් ලැබිලා වගේ....මේ වෙඩි හුවමාරුව අස්සෙත්... ලයිට්ස් ඔන් වෙනවත් එක්කම දීශ් හොයා...