අසීමාන්තික - 05 කොටස

661 99 64
                                    


"හවසට ඉර බහින එක මිනිස්සු ලස්සනට දැක්කට මොකද,සමහරවිට හද පායද්දී ඒක ඊට වඩා ලස්සනට දකින්න අපිට පුළුවන්...ඉතින් ධනාත්මක චින්තනය අපි හැමෝටම වැදගත් වෙන්නේ ඒ නිසා....රටක පොලිටික්ස් ගත්තත් දේශපාලකඥන්ට පුළුවන් වෙන්නෝනේ පොසිටිව් වයිබ්ස් දෙන දේශපාලනයක් මිනිස්සු අතරට යවන්න..."

" ඒත් මන්ත්‍රීතුමා..අද නෙගටිව් මාකටින් විදිහට සෝශල් මීඩියා වල පවා යන දේශපාලනය ගැන ඔබ තුමාගේ අදහස මොකද්ද කියලා අපි දැනගන්න ආසයි..."

" ඇත්තටම මං හිතන්නෑ...ඒක හොදයි කියලා..මොකද ඒක මගේ විදිහ නෙවේ ඇත්තටම..."

' ඇත්තටම ඒක ඔයාගේ විදිහ නෙවේද අයියේ..'

දීශ් කල්පනා කළේ ටී වී එක දිහා බලාගෙන වෙද්දී දීශ් වාඩිවෙලා හිටපු සෝෆා එක ගාවින්ම පඩිපෙළ උඩ වාඩි වෙලා හිටපු සේහ්‍ය කල්පනා කළේ දැන් ටිකකට කලින් එයයි දීශුයි අතර සිද්ධ වුණේ මොන වගේ කතා බහක්ද කියන එක..

පහළ කාමරේදී,සේහ්‍යගේ අත් දෙකෙන්ම අල්ලලා දීශ් සේහ්‍යව ඇදලා ගද්දී සේහ්‍යගේ කියවිල්ල නිකම්ම නතර වුණා.

හරිද..ගහලා ඉවරද..ගහලා ඉවර නම්..කේන්ඉතිය නිවුනද..එහෙනම් දැන් වරෙන් මාත් එක්ක...

නෑ..මට තව ගහන්නෝනේ...ඇත්තටම මොකද්ද මේකේ තේරුම...! මන්ත්‍රීතුමා..

තේරුමද...තේරුම මං කියා දෙන්නම් උබට තේරෙන කාලෙක..මොකද උබ තාම කිරි බොන වයසෙනේ ඉන්නේ...නේද..දැන් වරෙන්...අනික උබ නෙවේ..මමයි උබට ආයේ ගහන්නේ..

දීශ් ඒ පාර සේහ්‍යව අරගෙන ගියේ බංග්ලෝ එකේ තිබ්බ ලොකුම කාමරේකට,ඒ ගෙදර ඒ වගේ කාමර පහ හයකට වඩා තියෙන්න ඇති.

ආව්..

පරිස්සමෙන් නගින්න බැරිද...

පරිස්සමෙන් නගින්නේ කොහොමද මන්ත්‍රීතුමා මාව ඇදගෙන යනකොට...

කෝ පෙන්නපන්..කකුළට මොකද වුණේ...

ප්ලීස්...මගේ කකුළ් ගාවට නැවෙන්නෙපා..

දීශ් සේහ්‍යගේ කකුළ බලන්න නැවෙද්දී,සේහ්‍ය දීශ් හිටපු පඩියෙ ඉදලා පඩි දෙකක් පහළට බැස්සා.

අසීමාන්තික || Non Fiction Where stories live. Discover now