අසීමාන්තික - 11 කොටස

520 75 7
                                    

හැමදේම අපි හිතන පතන විදිහටම සිද්ධ වෙනව නම් ලෝකේ හැමදාම අපිට සුරපුරයක් නේහ්...
ඒත් එහෙම නැහැනේ....
මොකද්දෝ හේතුවකට එදා රෑ දීශ් සේහ්‍ය ගාවට ආයෙත් යන්න උත්සාහ කරේ නෑ....කොච්චර ආදරේ කරපු.. ආසා කරපු දෙයක් වුණත්....කොච්චර ළඟින් ඉන්න ඕනෙ වුණත්...සේහ්‍ය කියන සබ්ජෙක්ට් එකෙන් දීශ් ඈත් වෙනවා කියලා තීරණය කරලා තිබ්බේ එදා සේහ්‍යගේ තාත්තා ප්‍රේමසිරි අත්තනායක කියලා දැනගත්ත දවසේ ඉදන්ම තමයි....

ඊට පස්සේ සිද්ධ වෙච්ච මොන දේ වුණත්...ස්තීරවම සේහ්‍ය එයා ළඟින් ඉන්නවද නැද්ද කියන කාරණාව නොසළකා හැර....සේහ්‍ය එක්ක ඉද්දි දැනෙන හැගීම් විදින්න දීශ්ගේ හිතේ කොච්චර ආසාවක් තිබ්බද කියන එක පෙන්නුවා....

චුට්ටක් එපිටට පෙරළුණු කතාවේ....ප්‍රේමසිරි මන්ත්‍රීතුමාගේ පැත්තෙන් ආවේ වෙනම කතාවක්....

සේහ්‍යගේ අම්මට සේහ්‍යව ලැබෙන්න ඉන්නවා කියලා මන්ත්‍රීතුමා දැනගෙන හිටියා...සේහ්‍යව ලැබුණ බව දැනගත්තට පස්සේ අත්තනායක පරම්පරාවේ සර්නේම් එකත් දුන්නා....ඉතින් ඉපදෙද්දිත් සේහ්‍ය ප්‍රේමසිරිගෙම දරුවෙක්....ඒත් දෙමව්පියෝ විවාහක නැහැ...

හැමෝම දන්නවා අත්තනායක මන්ත්‍රීතුමාට එදා පොළොන්නරුවේ පක්ෂ රැස්වීමේ ඉදලා කොළඹ එද්දී මුහුණදෙන්න සිද්ධවුණු රිය අනතුර....එදා මන්ත්‍රීතුමාගේ ඔළුවට වෙච්ච ඩැමේජ් එකත් එක්ක....ලොකු මෙමරි ලොස්ට් එකක් වුණා...සේහ්‍ය වගේම සේහ්‍යගේ අම්මා ගැන තිබ්බ මතකයන් නැති වුණා....

එදා ඉදන් සේහ්‍යත් එයාගේ අම්මත් අත්තනායක මන්ත්‍රීතුමාගෙන් ඈත් වෙලා ජීවත් වුණේ....මන්ත්‍රීතුමාගේ මතකයෙන් විතරක් නෙවේ.....සේහ්‍යගේ අම්මත් මන්ත්‍රීතුමාව එයාගේ පුතාගෙන් ඈත් කරලා තියාගත්තේ මොකද සේහ්‍ය ඉපදුනු වැරැද්ද සෙල්ලක්කාර මන්ත්‍රී පුතෙක් අතින් වෙච්ච පුංචි අත්වැරැද්දක් ගාණට දාලා මගාරින්න සේහ්‍යගේ තාත්තට ඕන වුණ නිසා...සේහ්‍යගේ අම්මා තනියම හැමදේම ඉහිළුවේ අත්තනායක මන්ත්‍රීතුමාට තිබුණු ආදරේ නිසාම විතරයි...

සේහ්‍යගේ තාත්තා ඒ කාලේ ඒ තරම්ම ජනප්‍රිය දේශපාලන චරිතයක් වුණේ නැහැ...ඒ නිසා සේහ්‍යගේ ළමා කාලෙට ඒක බලපෑවේ යාළුවන්ගෙන් ලැබුණ ' තාත්තා නැති එකා...' වගේ පුංචි දෝශාරෝපණ වලින් විතරයි.....ඉතින් සේහ්‍යට එයාගේ තාත්තා ගැන හොයන්නවත්...අයිතිවාසිකම් කියන්නවත් ඕන කමක් ආසාවක් එයාගේ පොඩි කාලෙ ඉදන්ම තිබුණේ නැහැ....සේහ්‍ය අම්මගෙන් ඒ ගැන ඇහුවේත් නැහැ....ඒ ගැන අහද්දී අම්මගේ ඇස් වල පිරෙන කඳුළු දකින්න කොල්ලට හයියක් තිබුණේ නැහැ...ටීවී එකේ තාත්තව පෙන්නද්දි වුණත් සේහ්‍ය හිස් හැගීමකින් බැලුවා විනා බලාපොරොත්තු තිබ්බේ නෑ ඒ හිතේ.....

අසීමාන්තික || Non Fiction Where stories live. Discover now