part 1🦋🌻

292 17 29
                                    

මට ඉන්න හිතුනා යන්නෙ නැතුව තුරුලෙ ඔයාගේ....
ඔය දිස්නෙ වදින ලස්සන පොඩි ඇස් දෙක
මාගේ....

නා..නා ..නනනා..නා.. නනනා..නා....න..නානානේ...

වෙනදා වගේම සුපුරුදු ආකාරයට කාලෙන් කාලෙට වෙනස් වෙනස් මගේ සින්දු play list එකත් දාගෙන දහස්  මල් විකසිත වෙන මේ..පියකරු උදෑසනේ.. මම මේ සූදානම්  වෙන්නේ දෙසැම්බර් මාසේම ගෙදර  ඉදලා ජනවාරි  4 වන  අද දින පාසල වෙත වාර්තා කිරිමටයි..😁😁

😁😁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



** බිගුම් කේෂුන්‍ය **

**අවුරුදු 17**

පවුලෙ බාලයා  වන මම අම්මා අයියා එක්ක තාමා ජීවත් වෙන්නෙ☺️..අප්පච්චි කිලිනොච්චියේ කෑම්ප් එකේ වැඩ කරන්නේ මාසෙකට සැරයක් වගේ ගෙදර  එවෙන්නෙ ,අයියා එයාගෙම කියලා බිස්නස් වගයක් කරනවා ,අම්මිනම් ඉතින්  ගෙදර දොරේ වැඩ බාලාගෙන ඉන්නවා ..කිසිම දේකින් අඩුපාඩුවක් කියන්න නැති අපි සාමාන්‍ය  විදියට ජීවිතේ ගෙවනවා.. නුවරට කිට්ටු වෙන්න තියන  මිශ්‍ර  පාසලකට යන මම ගැන කිව්වොත්  පවුලෙ අයයි ලගම යාලුවෝ දෙතුන් දෙනෙක් ඇරෙන්න වැඩිය කාත් එක්කවත් ආශ්‍රයක් නැති ,කාටවත් තෙරුම් ගන්න බැරි (අඩුම තරමෙ මටවත්...) ආතල් ගුප්ත චරිතයක්... හැබයි සිරියාවන්ත කොලුගැටයා හරිතේ....දැක්කත් ඇති හිත පිරෙන්න..😁😁

"පොඩී......පුතේ...මෙ කිරි එක බීලා..ඉක්මන් කරල යන්න දරුවෝ..දැන් හතටත් ලගයි "

"අනේ අම්මී.... ම්ගෙ බැජ් එක දැක්කද...."

"අනේ...ඇත්තමයි මෙ ළමයට මන්  හැමදාම කියනවා තමන්ගෙ බඩු පිළිවෙලකට එක තැනකින් තියා ගන්න කියලා..කෝ..ඉතිම් අහන්නැනෙ කියන දෙයක් ..
කාමරේ අතුගාද්දි බිම්වැටිලා තිබිලා කබඩ් එක උඩ තියන පොඩි  කප් එකෙන් අරන් තිබ්බා.. ඒකේ  ඇති බලන්න... "

උණුහුම 🦋🌻Where stories live. Discover now