Part 3

2.5K 415 33
                                    

Eun ha pov

අනේ දෙයියනේ කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා.... ඇත්තටම මෙයා කවුද මේ වගේ තැනක ඉන්න තරම්..... ඇත්තටම එයා කවුද???? මම දැන් මොකද කරන්නේ.....

"මිස් එන්න ඇවිත් වාඩි වෙන්න"

Interview board එකේ හිටපු කෙනෙක් මට කතා කලාමයි මම හරි සිහියට ආවේ.... මම ඉස්සරහට අඩියක් තියද්දීම මගේ කකුල ආයේ රිදෙන්න ගත්තා.

"ආහ්හ්හ්......"

"ක්වෙන්චනා....."

කියාගෙන interview board එකේ ඉදගෙන ඉදපු හරිම cute පෙනුමක් තියෙන කෙනෙක් 🐥මං ගාවට ආවා.

"ඔයා හොදින් ද"

එයා මං ළගට ඇවිත් ඇහුවා.... මට එතකොට ඉබේට ම වගේ බැලුනේ මාව වට්ටපු කෙනා දිහා...😠 ආ.... ඔය බලන් ඉන්නේ... වැරදි කරලා ඉවර වෙලා තව බලාගෙනත් ඉන්නවා...👿 මට තිබ්බ කේන්තිය නිසා ම මම ආයේ හිත හිත හිටියේ නෑ රැව්වා පොර ව සීතල වේලා යන්න😏😡

"ඕ මං හොදින්"

මම හිනාවෙලා, කොර ගහ ගහාම interview board එක ලගට ගිහින් ඉද ගත්තා....
Eun ha fighting මම හිතින් හිතා ගත්තා. ඇත්තටම දැන්නම් මම හොදට ම බය වෙලා ඉන්නේ....😰

"ඔයාගේ කකුලට මොකද මිස් වුනේ" ඒ ඇහුවේ මූණ දෙපැත්තේ ලස්සන dimple දෙකක් තියෙන කෙනා.

"අද උදේ මාව බුල් ඩෝසරයකට හැප්පිලා බිම වැටුනා නේ.... 😤 ඉතිං කකුල ටිකක් රිදෙනවා...

මම එහෙම කියලා මාව වට්ටපු කෙනා දිහා බැලුවා. එයත් එක පාරටම බුල් ඩෝසරේ කිව්වේ මට ද කියන්න වගේ කේන්තියෙන් මාව කන්න වගේ මං දිහා බැලුවා.... එයාට ටිකක් එහාට වෙන්න කන්නාඩි දාපු කෙනෙක් අතින් කට වහාගෙන හිනා වෙනවා දැකලා මම එයා දිහා බැලුවා. ආ මේයා නේ උදේ බුල් ඩෝසරේ එක්ක ආපු කෙනා🤓

"හරි අපි එහෙනම් දැන් පටන් ගමු...."

කියලා එතැන හිටපු මහත කන්නාඩි දාගෙන හිටපු කෙනා කිව්වා.මමත් ආයේ හොදට හරි බරි ගැහිලා පුටුවේ ඉද ගත්තා....

"අපි තුන්දෙනා තමයි Bighit entertainment එකේ management එක. මම CEO Bang Si Hyuk මට මේයාලනම් කතා කරන්නේ PD Nim කියලා. මේ Lenzo Yoon, එතකොට මේ ඉන්නේ Jiwon Park.... මෙයාලා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඔයා දන්නවා ඇතිනේ..."

Dream Lovers 💫[ Completed ]Where stories live. Discover now