Eun ha pov
මගේ ජිවිතේ මට හැමදාම තිබ්බේ අහිමිවීම් විතරයි. මුලින්ම මට පොඩිකාලේදිම තාත්තාගේ ආදරේ නැති වුනා. තාත්තා අපිව දලා ගියේ අපි පොඩි කාලේදිමයි. එයා වෙන කසාදයක් කරගත්තේ අම්මාවයි මල්ලීවයි මාවයි තඹේ සතේකට ගණන් නොගෙන..... එදා ඉදන් අම්මා අපිව උස් මහත් කරන්න ගත්ත මහන්සිය වින්ද දුක මම හොදට දැක්කා. ඒ නිසා මම පුංචි කාලේ ඉදලාම මිනිස්සු විශ්වාස කරද්දී පරිස්සම් වුනා. මගේ අම්මාට වෙච්ච දේ මට කරගන්න ඕනේ වුනේ නෑ. එහෙම වුනානම් මම අම්මා තරම් ඉවසන එකකුත් නෑ. ඒ නිසායි මම කිසිම පිරිමියෙක් එක්ක කිසිම සම්බන්ධයක් පැවැත්තුවේ නැත්තේ.....
මේ ලෝකේ මම විශ්වාස කරපු එකම කෙනා වුනේ ජන්ග්ගුක්ශි විතරයි. එයාව දැක්ක දවසේ ඉදන් හිතේ ඇතිවෙච්ච මොකක්දෝ කියා ගන්න බැරි හැගීමක් නිසා මට එයා ගැන අවිශ්වාසයක් තිබ්බේ ම නෑ. එයාව දැන ගත්ත දවසේ ඉදන් මගේ දුක නිවා ගන්න එයා මට ලොකු උදව්වක් වුනා. කිසිම තනිකමක් පාළුවක් දැනුනේ ම නෑ. එයා මං ගාව නැති වුනත් මගේ හිත එයාගෙන් පිරිලයි තිබ්බේ..... කොහොම හරි මොකක්දෝ වාසනාවකට මට එයාව හම්බ වුනත් මගේ කර ගන්න මට පිනක් තිබිලා නෑ 😔 ඒ අත අල්ලන් හැමදාම මේ වගේ යන්න ආස වුනත් මට ඒක අදින් පස්සේ කරන්න වෙන්නේ නෑ. එයාගේ අනාගතේ වෙනුවෙන් මට එයාව අත අරින්න වෙලා......
මගේ අත අල්ලගෙන පාරේ දිගටම ඔහේ ඇවිද ගෙන යන ජන්ග්ගුක්ශිගේ මුණ දිහා බැලුවේ පුදුම ලෝභ කමකින්. ඒ ඇස් සතුටින් දිලිසෙනවා. ඒ සතුටේ හිමිකාරි මම කියලා දැනෙද්දි හිතට කියා ගන්න බැරි මහ ලොකු සතුටක් ආවාත් එක ක්ෂණයකින් එක නැති වෙලා ගියේ ඊලගට වෙන දේ නිසා ඒ ඇස් කදුළින් පිරෙයි කියලා හිතුන බයට 💔
අපි දෙන්නා children park එකට ගියේ ටිකක් දගලලා කරලා පොඩි සතුටක් ගන්න හිතාගෙන..... ඒත් කොහෙන්ද මන්දා පාත් වෙච්ච පණ්ඩිත අවුරුදු 4ක 5ක කෙල්ලෙක් ඇවිත් ඔප්පා කියාගෙන ජන්ග්ගුක්ශිගේ ඇගේ එල්ලිච්ච නිසා ඔක්කොම ප්ලෑන් චක බ්ලාස් වුනා. ඇත්තටම පුදුම පණ්ඩිත කෙල්ලෙක් 😒 ඔප්පා ඔප්පා ගගා ජන්ග්ගුක්ශිගේ කරේ. ජන්ග්ගුක්ශිටත් මම උන්නද කියලා ගාණක් නෑ. ඒ නැට්ටිච්චි පස්සෙන් යනවා.....
YOU ARE READING
Dream Lovers 💫[ Completed ]
FanfictionTime Passed. but your memory is life itself 🥀 Start - 2020 May 26 ✨ End - 2020 October 25 ✨