Part 18

2.2K 353 34
                                    

Suga pov

මොනවද මේ eun ha කරන්න හදන්නේ..... ඇයි එයා අපේ ජන්ග්ගුකාට මෙහෙම කරන්න හදන්නේ. වැලහින්නක් වගේ PD nim ඉස්සරහ අඩන eun ha දැක්කාම මට ඇත්තටම දුක හිතුණා. ඒත් ඇයි PD Nim මෙහෙම හැසිරෙන්නේ. මෙච්චර කාලේකට ජන්ග්ගුක් කෙල්ලෙක්ට ආදරේ කරපු පලවෙනි වතාව. අවුරුදු එකහමාරක් එයා ගොඩක් දුක් වින්දා මේ ආදරේ නැති වුනා කියලා හිතලා. ඒක PD Nim හොදට ම දන්නවා. ඇයි මෙහෙම කරන්නේ. එයාට ආයෙත් පරණ ජන්ග්ගුක්ව ඕනේ වෙලාද??? මට PD Nim එක්ක මේ ගැන කතා කරන්නම වෙනවා.

Eun ha එලියට යනකම් ඉදලා මම PD Nim හිටපු කාමරේට ඇතුල් වුනා. මාව දැක්ක ගමන් එයා ගැස්සිලා ගියා.

" යුන්ගී!!! ඔයා....මො..කද මේතන කරන්නේ ??? "

එයා බයවෙලා වගේ මං දිහා බලාගෙන ඇහුවා. මගෙන් කින්ඩියට වගේ හිනාවක් පිට වුනේ ඉබේටමයි😏

" හොර අල්ලන්න ආවේ "

මම PDගේ ඇස් දිහා බලාගෙන ම කිව්වා.

" හොර ???? මොන හොරද????

තවත් බබා වෙන්න හදන ලස්සන 😒 ඇත්තටම අපේ PD නොවුණානම් මම දනී කරන හරිය 😡

" ඇයි ජන්ග්ගුකාට eun ha ව නැති කරන්න හදන්නේ. ඔයා හොදට ම දන්නවා eun ha ට වෙච්ච දේ නිසා ජන්ග්ගුකා කොච්චර විදෙව්වාද කියලා. දැන් ම මේ කරන්න යන වැඩේ නවත්තන්න😡 "

මගේ වචන සැර වුනේ මටත් නොදැනීමයි. ජන්ග්ගුක්ට විතරක් නෙමෙයි කණ්ඩායමේ කාට මේ වගේ දෙයක් වුණත් මං හැසිරෙන්නේ මෙහෙමයි. එයාලාගේ සතුට වෙනුවෙන් මම ඕන දෙයක් කරනවා.

" බොරුවට දගලන්න හදන්න එපා යුන්ගී. ඔයාලාගේ ඔක්කොම රැදිලා තියෙන්නේ ඔයාලාගේ හැසිරීම මත. ඒක මම ඔයාලාට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ. ඔයාලා ගන්න හැම තීරණයක් ම ඔයාලාට වගේම company එකටත් බලපානවා. Relationship සම්බන්ධ ව අපේ company එකේ තියෙන නිතී ගැන ඔයාට මං ආයේ මුල ඉදන් කියලා දෙන්න ඕනේද??? "

PD Nim එහෙම කිය කිය මං ළගට ආවා. ඇත්ත!!! අපි ගත කරන ජිවිතෙත් එක්ක ආදරේ වගේ දේකට අපිට අනිත් මිනිස්සුන්ට තරම් නිදහසක් නෑ. මට හැමවේලාවේම හිතෙනවා මොන දේ තිබ්බත් අපිට අපි කැමති දේ කරන්න, අපි කැමති අයට ආදරේ කරන්න නිදහසක් නැති මේ ජිවිතේ කොච්චර දුකක්ද කියලා. ඒත් ජන්ග්ගුකාට දුකක් වෙන දෙයක් සිද්ධ වෙන එක මට බලාගෙන ඉන්න බෑ.

Dream Lovers 💫[ Completed ]Where stories live. Discover now