Part 21

2.1K 338 40
                                    

Suga Pov

මාස හයකට පසු...........

සීතල දෙසැම්බරේ අපි කවදත් වගේ හැමෝම ගොඩක් කාර්යබහුලයි. නත්තල, අලුත් අවුරුද්ද වගේ දේවල් නිසා අපිට ගොඩක් වැඩ ගොඩ ගැහිලයි තිබ්බේ. Shows, Interviews, Performance වගේ දේවල් නිසා අපි රෑයක් දවාලක් නැතුව patrice room වල හිරවෙලයි හිටියේ. අපේ ජිවිතේ ඉතිං මේකනේ..... අපිට දැන් ඒක පුරුද්දකට ගිහින්.

මේපාර අපි කවුරුත් හොදින් නෙමෙයි හිටියේ..... ගෙවුණු මාස හය ඇතුලත වෙච්ච දේවල් නිසා අපි හැමෝම හිටියේ හිතේ අමාරුවෙන්. දැනට මාස හයකට කලින් එකපාරටම අතුරුදහන් වුණු eun ha ගැන තාම හරි හැටි විස්තරයක් අපිට හොයාගන්න බැරි වුනා. Eun ha ව අපි හොයපු නැති තැනක් නෑ. එයාලා ගෙවල් පවා මාරුකරලා තිබුනේ ගිය දිහාවක් කාටවත් හොයාගන්න බැරි වෙන්නයි.

ගිය මාස හය ඇතුලත ජන්ගුකා පිස්සුවෙන් වගේ eun ha ව හොය හොය හැමතැනම ඇවිද්දා..... අපිත් එයාව තනි නොකර පුළුවන් හැම විදිහකින් ම එයාට eun ha ව හොයා ගන්න උදව් කලා. ඒත් අද වෙනකන් ඒ කිසි දේකින් වැඩක් වුනේ නෑ. Eun ha ජිවත් වෙලා ඉන්නවද කියන්නවත් පුළුවන් කිසිම සාක්ශියක් අපිට ලැබුනේ නෑ.

ජන්ග්ගුකා අවුලෙන් ඉන්නවා දකින හැමවෙලාවේම මගේ හිත මට දොස් පැවරුවා මම ඉක්මන් නොවුන එක ගැන 😣 ඒත් මම එදා මට පුළුවන් උපරිමෙන් eun ha වයි ජන්ග්ගුකාවයි හොයන්න උත්සාහ කලා. ඒත් මම එතැනට යද්දි පරක්කු වැඩියි. ඒ වෙනකොටත් Eun ha ජන්ග්ගුකාව දලා ගිහින් ඉවරයි.

එදා රෑ මට ජිමිනාගෙන් ආපු කෝල් එක නිසා මම බීච් එකට යද්දී ජන්ග්ගුකා අඩලා අඩලා හෙම්බත් වෙලා හිටියේ. මොකක්දෝ කොල කෑල්ලක් පපුවට තියාගෙන බලාගත්ත අත බලන් හිටපු ජන්ග්ගුකාව දැක්කාම මට දැනුනු දුක කියන්න වචන තිබ්බේ නෑ. අනිත් හැමෝම ඇස් වලින් කදුළු පිටකරද්දි මම හැමදාම කලේ කදුළු හංගගෙන අනිත් අයට ශක්තියක් දෙන්න උත්සාහ කරපු එක. ඒත් මේ පාර මම පරක්කු වැඩියි.

ජන්ග්ගුකා පපුවට හිර කරගෙන හිටපු කොල කෑල්ල හිමින් සීරුවේ ගත්ත මම ඒක කියවන්න හදනකොට ජිමිනාත් මං ලගට ආවා.

" මොකක්ද හ්යොන් මේ "

ජිමින් මගේ දකුනු උරහිස අල්ලන ගමන් ඒ කොල කෑල්ලට එබුනා.

Dream Lovers 💫[ Completed ]Onde histórias criam vida. Descubra agora