Part 23

2.1K 353 39
                                    

Jimin Pov

අපි කවුරුත් හිතපු නැති විදිහට අපිට ලැබිච්ච සමහර දේවල් ගැන අපි හත් දෙනාම සමහර වේලාවට ගොඩක් දුක් වුනා. මීට අවුරුදු හතකට කලින් අපිට ඕනේ කලේ මේ අද ඉන්න තත්ත්වයට එන්න වුනත් ඒ වෙනුවෙන් අපිට කැප කරන්න වෙච්ච දේවල් නම් ගොඩයි. වේලාවකට මේ හැමදේම දමලා ගහලා යන්න හිතුනත් ඉවසගෙන හිටියේ අපි හත්දෙනාට අපි හත්දෙනා නැතුව බෑ කියලා අපි දන්න නිසා. ඒත් දැන් දැන් සිද්ධ වෙන දේවල් එක්ක අපි තවත් ඉවසන් ඉන්න ඕනෙමද කියලා මට හිතුන වාර අනන්තයි...

ඇල්බම් එකේ වැඩ ඉවර කරලා ඇවිල්ලා මම dorm එකේ බැල්කනි එකට ගියේ සීතල නිසා coffe එකකුත් හදාගෙන........

" Baby baby, you're a caramel macchiato
Your scent is still sweet on my lips
Baby baby tonight
Yeah "
                 ( Coffe 🎶 - BTS )

පුරුද්දට වගේ මට හැමදාම coffe එකක් බොනකොට අනිවාර්යයෙන් ඔය සින්දුවත් මතක් වෙනවා. මම බැල්කනි එකේ තිබ්බ පුටුවකින් වාඩිවෙලා කකුල් දෙකත් මට ඉස්සරහ තිබ්බ පුටුවෙන් තියාගෙන අහස දිහා බලන් හිටියා.
ඇත්තටම මෙතනට හැම තැනම හොදට පේනවා.
නිදහසේ ඉන්න කියාපු තැන 😌

ගෙවුණු මාස ගාන ඇතුලත අපේ ගොඩක් අයගේ ජිවිත වෙනස් වුනා. යුන්ගී හ්යොන් දැන් ඉස්සර තරම්වත් කතාවක් නෑ. එයා මොකක් හරි දෙයක් හිතේ හිර කරන් ඉන්නවා වගේ කියලා මට හැමතිස්සේම හිතෙනවා. එයා එයාගේ හැගීම් අනිත් අයට පෙන්නන්නේ නැති වුනාට එයා චුටි දේ ගැනත් ලොකුවට හිතනවා. ජන්ග්ගුකාට වෙච්ච දේවල් එක්ක තමයි යුන්ගී හ්යොන් මෙච්චර වෙනස් වුනේ. ජින් හ්යොන් කියපු විදිහට එදා eun ha ජන්ග්ගුකාව දලා ගිය දවසේ යුන්ගී හ්යොන් PD NIM එක්ක රණ්ඩු වෙලා තිබ්බා. ඒත් ඒකට හේතුවක් තාම අපි දන්නේ නෑ. ඒ වගේම යුන්ගී හ්යොන් pd nim එක්ක දැන් කිසි කතා බහකුත් නෑ. හැමවේලාවේම ස්ටුඩියෝ එකේ දොර වහගෙන එයා මොකක් හරි දෙයක් ගැන වද වෙවී හොයනවා කියලා අපිට තේරුනා.

ජන්ග්ගුකාත් eun ha ගියා පස්සේ ආයේ පිස්සු නටන්න ගත්තා. හරියකට කෑමක් බීමක් නැතුව ඔහේ බලා ගත්තු අත බලාගෙන සෑහෙන වෙලාවක් හිටියා. වෙනදට අපිවත් හිනස්සලා හොදට patrice කරන කොල්ලා දැන් මේ දේවල් කරන්නේ කරන්නම ඕනේ නිසා වගේ කියලා හොදට තේරෙනවා. එයාගේ වෙනස අපි හැමෝටම ලොකු වේදනාවක් දුන්නා.

Dream Lovers 💫[ Completed ]Dove le storie prendono vita. Scoprilo ora