Part 19

2.1K 330 17
                                    

Jimin pov

උදේම ජන්ග්ගුකාගෙන් ආපු කෝල් එක නිසා ඇහැරුණු මට ආයේ නිදා ගන්න ඕනේ වුනත් නින්ද ගියේ නෑ. ටේහෙයොනුත් තාම නිදි. දැන්ම නැගිටින පාටක් නෑ. මං කාමරේ දොරත් ඇරගෙන නිදි ගැට කඩ කඩ කාමරෙන් එලියට යන තැනම තියෙන පඩියේ වාඩි වුනා......

ජන්ග්ගුකා දැන් ලොකු කොල්ලෙක්. එයා දැන් ආදරේ කරන්නත් දන්නවා. අපි අපේ ජිවිතේ ලස්සනම කාලේ ගත කරන්නේ patrice room එකක් ඇතුලේ. අපිට අපේ වයසේ අනිත් කොල්ලෝ තරම් කිසිම නිදහසක් නෑ. ඒත් අපි හත් දෙනා කිසිම වෙලාවක කිසිම කෙනෙක් ව තනි නොකර ලගින් ම හිටපු නිසා ඒ දැනුනු තනිකම, මදිවුණු ආදරය අපිට ම කොහොම හරි පුරව ගන්න පුලුවන්කම ලැබුනා.

ජින් හ්යොන් අපි හය දෙනාටම අම්මා කෙනෙක් වගේ අපේ ලගින් ඉදගෙන අපිව බලා ගත්තා. වැඩිපුරම එයාව ඕන වුනේ ජන්ග්ගුකාටයි. පොඩි කාලේ ඉදන් ම ජන්ග්ගුකාට අම්මා නැති පාලුව නොදැනෙන්න ජින් හ්යොන් ගොඩක් මහන්සි වුනා. දැනටත් ජන්ග්ගුකාගේ ලගින් ම ඉදන් එයා ගැන හොයලා බලන්න ජින් හ්යොන් අමතක කරන්නේ නෑ.

අනිත් කෙනා සුගා හ්යොන්. එයා ඉන්නේ නම් අපි කාවවත් ගණන් ගන්නේ නෑ වගේ. ඒත් හිතේ අපි ගැන පුදුම ආදරයක් හැංගිලා තියෙනවා කියලා මං දන්නවා. කිසිම දෙයක් ගාණකට ගන්නේ නෑ වගේ හිටියට අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එයා තමයි වැඩියෙන් ම කලබල වෙන්නේ.

හොබි හ්යොනුත් හැම තිස්සේ ම සතුටින් ඉන්න positive විදිහට හිතන කෙනෙක් නේ. ගොඩක් ප්‍රශ්න වලදි එයාගේ උපදෙස් අපිට ලොකු උදව්වක් වුනා.

නම්ජුන් හ්යොන් ඉතිං හැම අතින් ම අපිට හොද දේවල් විතරක් කරන්න උත්සාහ කරන කෙනෙක්. අපිට එන නරක දේවල් ගොඩක් එයා තනියම දරාගෙන හොද ටික විතරක් අපිට දෙනවා. එයා අපේ නායකයා කියලා කිසිම වේලාවක අපේ අදහස් ප්‍රතික්ෂේප කරන කෙනෙක් නෙමෙයි. ඒ වගේම නම්ජුන් හ්යොන් එක්ක ඉද්දී තාත්තා කෙනෙක්ගේ රැකවරණය ලැබෙනවා වගේ.

ටේහ්‍යොන් මගේ අහිංසක යාලුවා. පිස්සු කෝලම. එයාට ඕනේ හැමතිස්සේම නිදහසේ සතුටින් ඉන්න. ඒවගේම එයා හොද යාළුවෙක් වුණා මට.

Dream Lovers 💫[ Completed ]Where stories live. Discover now