Part 4

2.4K 409 19
                                    

Eun ha's mom pov

අවුරුදු 23 කට කලින් මම කොච්චර නම් සතුටු වුනා ද මට මුලින් ම දුවෙක් හම්බ වෙච්ච එක ගැන..... ඒ චුටි අත්, ඒ දිලිසෙන ඇස් දවසින් දවස ලොකු වෙද්දී හිතට දැනුනේ සතුටක් වගේ ම ආඩම්බරයක්...... මොකද මොන ප්‍රශ්න තිබ්බත් කාටවත් කිසිම ඇදයක් කියන්න බැරි වෙන විදිහට මගේ කෙල්ල ලස්සනෙන් වගේ ම ගති ගුණ අතිනුත්, ඉගෙන ගැනිම අතිනුත් ඉහල තැනක හිටියා..... ඒත් අපි කවුරුත් හිතපු නැති වේලාවක එයාගේ දෛවය එයාට කරපු දෙයක්!!!! මතක් වෙද්දීත් ඇග ම හිටි වැටිගෙන යනවා..... 😣
අවුරුදු එකහමාරකට කලින් වෙච්ච ඒ දේ නිසා මගේ කෙල්ලට ගොඩක් දේවල් නැති වුනා.... එයා ඒ හැමදේම නැති කරගත්තේ එයාගේ ආදරේ නිසා.... Stage එකක් උඩ නැගගෙන සින්දු කියන සින්දු කාරයෙක්ට ඔච්චර නැහීගෙන මොකට ආදරේ කරනවද කියලා මම අහපු වාර අනන්තයි... ඒ හැම වේලාවේ ම මගේ කෙල්ල කිව්වේ

"ඒක මහ අමුතු ආදරයක් අම්මේ..... එයා දන්නේත් නෑ මම එයාට ආදරෙයි කියලා..... අඩුම තරමේ එයා දන්නේත් නෑ මම කියලා කෙනෙක් ඉන්නවා කියලවත්.... ඒත් මම ආදරෙයි... ❤️ ඒක හරි අමුතුයි.... ඒ වගේම සුන්දරයි...."

ඔය වගේ පණ්ඩිත කතා කෝටියයි...ඒත් එයා කවදාවත් හිතන්නේ නැතුව ඇති එයාට මේ වගේ දෙයක් වෙන්න එයාගේ ඒ ආදරේ නිසා කියලා....
දැන් එයාට එයා එහෙම කෙනෙක් ට පණ නැහීගෙන ආදරේ කලා කියලවත් මතක
නෑ..... මටත් ඒ මතකයන් ආයේ අව්ස්සලා එයාට රිද්දන්න උවමනා වුනේ නෑ. ඒ නිසා මම ගොඩක් දේවල් එයාගෙන් ඈත් කරලා තිබ්බා..... ඒත් මේ එකපාරටම ආපු interview letter එක දැක්කාම මට තේරුණා දෛවය කියන්නේ අපිට හංගන්නවත්, වෙනස් කරන්නවත් පුලුවන් දෙයක් නෙමෙයි කියලා..... ඒ නිසා මම හිත හදාගෙන එයාව interview එකට යවන්න ලොකු උත්සාහයක් ගත්තා. මම ඒ ගැන ගොඩක් හිතුවා.... ජිවිතේ එක කාලේක එයාගේ එකම හීනේ වෙලා තිබ්බේ මේ job එක.... දැන් ඒ දේවල් වෙනස් වුනත් කවදා හරි එයාට එයාගේ මතකේ ලැබුනොත් එදාට එයා ගොඩක් දුක් වෙයි කියලා මම බය වුනා. ඉතිං හොදම දේ කියලා හිතුන නිසා මම ඒ දේ කරන්න තීරණය කලා....
ඒත් interview එකට ගිහිල්ලා කොර ගහ ගහ ගෙදර එන මගේ කෙල්ල දැක්කාම මට මං ගත්තේ වැරදි තීරණයක් ද කියලා හිතුනා. ඒත් විස්තරේ ඇහුවාම මගේ හිතට මොකක්දෝ පුංචි සතුටක් දැනුනා😉 ඒක එයාට පෙන්නන්න බැරි නිසා මම බොරු තරහක් මාවා ගෙන කෑ ගැහුවා. කෙල්ලට නම් හොදට ම කේන්ති ගිහින්.....

"ආව්.... ආව්... රිදෙනවා අප්පා... මට කියන්නේ මාව වට්ටලා, සොරිවත් නොකියපු ඒ මිනිහාට වදින්න කියල ද???? එයා නිසා තමයි මම interview board එකක් ඉස්සරහ අර විදිහට කතා අහගන්න වුනේ "

කියලා කොර ගහ ගහ ම කාමරේ ට ගියා. පව් මගේ කෙල්ල...... ඒත් මම කොහොමද ඔයාට කියන්නේ ඒ ඔයාගේ දෛවය කියලා eun ha

Jk pov

අර කෙල්ල interview එකට එයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ. කොර ගහ ගහ එනවා දැක්කාම නම් මගේ හිත මොකක්දෝ වුනා. ඒත් ඒ ඇයි කියලා කියන්න මට තේරෙන්නේ නෑ..... ඔක්කොමත් හරි මට බුල්ඩෝසරයක් කියලා කියපු එක තමයි මරු😁 මට එකට හිනා යන්න ආවත් හිනාව තද කරගෙන මම බොරු තරහක් පෙන්නුවා....
එයා interview එකට ආපු එක ගැන මට සතුටක් දැනෙන්න ගත්තා.... එයාගේ තිබ්බ සුදුසුකම් එක්ක මම හිතුවා එයාට අපේ company එකෙන් අනිවාර්යයෙන් job එකක් හම්බ වෙයි කියලා.... ඒත් වුනේ මම බලාපොරොත්තු වුන දේ නෙමෙයි. කෙල්ලට කේන්ති ගිහින් මං ලගට ඇවිත් බැනගෙන ගියපු විදිහ 😳 මුලදි අවුල් වගේ වුණත් බැනලා යන විදිහ දැක්කාම මට කෙල්ල ගැන මොකක්දෝ අමුතු හැගීමක් ආවා.... මට එයාව හරි පුරුදු ගතියක් දැනෙන්න ගත්තා..... ඒත් මම හිතන කෙනා මෙයා වෙන්න බෑ කියලත් මට තේරෙනවා. ඒ කෙනා මෙයාට වඩා ගොඩක් වෙනස් විදිහට මගේ හිතට දැනිලා තියෙන්නේ. ඒත් මේ වෙච්ච දේ නම් කොහොම හරි හරි ගස්සන්න ඕනේ.....

Eun ha pov

Call කරපු කෙනා එහා පැත්තේ ඉදන් කියපු දේට මගේ ඇස් ගෙඩි දෙක උඩ ගියා. Interview එකේදී අච්චර දේවල් කියලා ඉවර වෙලා දැන් කියනවා. හෙට ඉදන් වැඩට එන්නලු. මට නම් මේ වෙන කිසි දෙයක් හිතා ගන්න බෑ. මේ interview එක, මේ job එක, ජන්ග්ගුක්ශි, මේ හැමදෙයක් මට හරි අමුතු දේවල් වුනා. කවුරු හරි plan කරලා මේ දේවල් කරනවා වගේ. හෙටින් පස්සේ මගේ ජිවිතේ මොනවා වෙයි ද දන්නේ නෑ. අලුත් job එකක්, අලුත් කට්ටියක්, world famous boy band එකක් එක්ක වැඩ කවද්දී මොන වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි ද දන්නේ නෑ.බලමුකෝ ඕන දේකට සුදානම් ශරීරයෙන් ඉන්න ඕනේ. මොන දේ වුනත් මම මගේ ජිවිතේ විශ්වාස කරන එක දෙයක් තියෙනවා.... ඔක්කොම වෙන්නේ හොදට😌 බලමුකෝ මොකද වෙන්නේ කියලා........
.
.
.
.
.
.
මතු සම්බන්ධයි

Dream Lovers 💫[ Completed ]Waar verhalen tot leven komen. Ontdek het nu