Part 6

2.4K 400 19
                                    

Eun ha pov

හපොයි මෙයා මොකක්ද මෙතැන කරන්නේ.... මගේ ඇස් දෙක ඉස්සරහ බිම වැටිලා හිටියේ ජන්ග්ගුක්ශි.

"යා....... ඔහොමද සලකන්නේ උදව්වක් කරපු මනුස්සයෙක්ට???? 😡

බඩ අල්ලගෙන ම නැගිටින ගමන් එයා ඇහුවා.

"ඔහේ මොකටද මට උදව් කරන්නේ??? අනික මට මොකටද මේ ඇදුම්????"

ඇදුම් ටික එයාගේ දිහාවට දික් කරන ගමන් මම ඇහුවා.

" දවස තිස්සේම ඔහොම මඩ ගැවිච්ච ඇදුම් ටික ඇදන් ඉන්නද හදන්නේ එතකොට????"

ආහ්.......මෙයා මට ඇදුම් දෙන්න හදලා තියෙන්නේ එහෙනම් ඒකයි.... ඒත්..... පොඩ්ඩක් ඉන්න!!!! මෙයා කොහොමද දන්නේ මගේ ඇදුම්වල හරියට ම මඩ ගැවුනා කියලා.

" යා...... ඔයා කොහොමද දන්නේ මගේ ඇදුම් වල මඩ ගැවුනා කියලා!!! "

" ආ..... මේ..... මේ...... මම පල්ලෙහා එද්දි මට ඔයලා ව හම්බ වුණා නේ.... එතකොට මම දැක්කා ඔයාගේ ඇදුමේ මඩ තියෙනවා. අනික මම ඔයාව පහුකරගෙන එද්දි ආපු ගද!!! 🤢 මට වමනේ ට වගේ🤮 දැන් ඉතිං පණ්ඩිතකම නැතුව ඔය ඇදුම ඇදන් එනවා.... මෙහේ කෙල්ලන්ට හරියන ඇදුම් නම් නෑ. ඕක මගේ අලුත් ම ඇදුමක්. ඇදලා ඉවර වෙලා ඔය ගද යන්න හොදට හොදලා ගෙනත් දෙනවා. අරස්සෝ...???? අපෝ ගද.... පල්ලි කා.......🗣"

එයා එහෙම කියලා අතින් නාහය වහගෙන room එකෙන් එලියට යන්න දොර අරිනකොට ම එයාලාගේ කණ්ඩායමේ අනිත් හය දෙනා දොර ළග.

" යා..... ජන්ග්ගුකා! මොකද මෙතැන කරන්නේ???? "

කියලා ජින් ඔප්පා room එක ඇතුල බැලුවා. මාව දැක්ක එයා ජන්ග්ගුක්ශිගේ කනට කරලා මොනවදෝ කියලා හිනා වුනා.

" අනී හ්යොන්...... මේ ටකරන් කෙල්ල උදේ පාන්දර මඩ නාගෙන ඇවිත් මුළු company එක ම ගද ගස්සනවා. මම ඉතිං ඇදුමක් දුන්නා මාරු කර ගන්න කියලා..."

" මොකක්??? ටකරන් කෙල්ල!!!! යා...... 😡බුල්ඩෝසරේ මට එපා ඔහේගේ ඇදුම් "

කියලා මම ඇදුම් ටික ජන්ග්ගුක්ශිගේ ඇගේ ගහන්න හදනකොට ජිමින් ඔප්පා ඇවිත්

" අයිගෝ....  කේන්ති ගන්න එපා. අපේ ජන්ග්ගුකා ඔහොම තමයි. ඔය විහිළුවට කියන කතා. ඔයා ගිහින් ඕක ඇදන් එන්න. ඔයාට ඔහොම මඩ ඇදුම පිටින් ඉන්න බෑනේ. අනික PD දැක්කොත් ඒක හරි නෑ. "

Dream Lovers 💫[ Completed ]Where stories live. Discover now