Part 9

2.2K 400 18
                                    

Eun ha pov

කොහොමින් කොහොම හරි අන්තිමට මට ජන්ග්ගුක්ශිගේ makeup artist වෙන්න වුනා.... මගේ සුදුසුකම් වලට ගැලපෙන හරිම රාජකාරිය දැන් ලැබුණත් ඒක කරන්න වෙන කෙනා මතක් වෙද්දි නම් පොඩි තරහක් ආවා😒 එහෙමයි කියලා මේවා දලා යන්නයැ.... කොහොම හරි කරනවා ඔන්න ඕහේ.

හෙට show එක නිසා ඔක්කෝමලා බිසී වුණත් මම පොඩි වේලාවක් හොයා ගත්තා යුන් සෝ උන්නීව බලන්න යන්න. මින් සෝටත් මාත් එක්ක එන්න ඕනේ වුණත් එයාගේ හබී ව මේ ටිකේ ම හම්බ වෙන්න යන්න බැරි වුණ නිසා එයා ගියා ඒ වැඩේට. එයා එන්ගේජ් වුණ කෙනෙක් කියලා මම මුලින් විශ්වාස කලේ ම නෑ. ඇයි ඉතිං බටු ඇටේ වගේ නේ ඉන්නේ. Staff එකේ මං ඇරෙන්න අනිත් හැමෝම එක්කෝ married නැත්තම් engaged. මෙහාට ආවාම තමයි මම දැන ගත්තේ මෙහේට ගන්නේ එහෙම අය විතරයි කියලා. ඒ නිසා ගොඩක් අය පුදුම වුනා මම කොහොමද bighit staff එකට ආවේ කියලා. ඔව් එදා වගේ ම ඒක අදටත් මටත් පුදුමයක්!!!

හවස් වෙද්දි ගොඩක් දුරට වැඩ ඔක්කෝම වගේ ඉවර කරගන්න හම්බ වෙච්ච නිසා ම මම යුන් සෝ උන්නීව බලන්න ගියා. මං යද්දි එයා garden එකට වේලා පොතක් කියව කියව හිටියේ..... මාව දැක්ක එයා පුදුම වුණා.

" eun ha!!! ඔයා මේහේ???? "

" උන්නීට සනීප නෑ කියලා ආරංචි වුණ නිසා මං බලලා යන්න ආවා "

මම මගදි ගත්ත පලතුරු ටික උන්නී අතට දෙන ගමන් කිව්වා.

" අයියෝ ඒක මේ එච්චර දෙයක් නෙමෙයි. ඔයා ගොඩක් කරදර වේලා එන්න යමුකෝ ගෙට "

පේන විදිහට නම් යුන්සෝ උන්නීට කියපු තරම් ලෙඩක් පෙන්න තිබ්බේ නෑ. එහෙනම් ඇයි එයා වැඩට එන්නේ නෑ කියලා කිව්වේ......

" අද උදේ මට ටිකක් කලන්තේට වගේ ආවා eun ha.... ඒ මදිවට කන කිසිම දෙයක් පිරියක් නෑ. වමනෙත් ගියා......."

හදන් ආපු තේ එක මට දෙන ගමන් යුන්සෝ උන්නී කිව්වා.

" අයියෝ..... ඒ ඇයි උන්නී???? ඊයෙත් ඔයා හොදට හිටියානේ..... ඩොක්ටර්ස්ලා මොකද කිව්වේ..... "

හී...... එයාලා කිව්වේ ද???? එයාලා කිව්ව මම pregnant කියලා☺️ "

අනේ කොච්චර දෙයක් ද??? යුන් සෝ උන්නී හරි වාසනාවන්තයි....

Dream Lovers 💫[ Completed ]Where stories live. Discover now