Part 15

2.3K 366 28
                                    

Eun ha pov

" ඉක්මනට එන්න eun ha. අපි ඔයාලාගේ ගේ ගාව ඉන්නේ. ඉක්මනට එන්න අපිත් එක්ක යමු "

ජන්ග්ගුක්ශිට කරදරයක්??? මොකක්ද දෙයියනේ එක පාරටම වුණේ. Call එක කට් කරපු මම ඇදෙන් පැනලා දුවගෙන ගියේ ජිමිශ්ෂිලා ආපු වාහනේ ළගට.... මං එනවා දැකලා ටේයොන්ශි van එකේ දොර ඇරියා. එක පිම්මට දුවගෙන ඇවිත් මම van එක ඇතුලට පැන්නා.

" ඇයි..... ඇයි මොකද වුනේ ජන්ග්ගුක්ශිට....... කෝ දැන් එයා...... මොකක්ද වුනේ???? "

මම හති දදා ප්‍රශ්න ඇහුවත් මෙයාලාගෙන් කිසි උත්තරයක් නෑ.

" අනේ ඇයි ඔයාලා කතා නැත්තේ..... කතා කරන්නකෝ..... අනේ ටේයොන්ශි මොකද වුනේ කියන්නකෝ...... "

මම මගේ ලග හිටපු ටේයොන්ශිගේ ෂර්ට් එකෙන් අදින ගමන් ඇහුවා.

" අපිත් හරියට ම දන්නේ නෑ eun ha, අපිත් මේ ජන්ග්ගුක්ව බලන්න යන ගමන් "

ජිමිශ්ෂි කිව්වේ මගේ ඇස් මග අරින ගමන්.......

මොකක්ද මේ එකපාරටම වෙන්න යන්නේ??? ජන්ග්ගුක්ශිට මොකද දෙයියනේ වුනේ..... ජන්ග්ගුක්ශි චෙබල් මං එනකන් ඉන්න......🙏🏻

වාහනේ ගිහින් එකපාරටම නතර කලේ shopping mall එකක් ඉස්සරහ..... මේ මොකද මේ??? මම පුදුමෙන් වගේ වටපිට බැලුවත් අනිත් අය නම් කිසිම දෙයක් කියන්නේ නැතුව වාහනෙන් බැස්සා.

" ඇයි බහින්නේ නැද්ද ඔයා "

මාව තඹ සතේකට ගණන් ගන්නේ නැතුව සුගා ඔප්පා එහෙම අහලා සාක්කුවේ තිබ්බ චුයින්ගම් එකක් අරන් කටේ දා ගත්තා.....

" ඒත් ඇයි..... ඇයි..... අපි ....... මේ ??? "

මේ එක්කෙනෙක්වත් මාව ගණන් ගන්නේ නැති හැටි. ෂිට්.... ජන්ග්ගුක්ශිව බලන්න යන එක නේද දැන් අපි කරන්න ඕනේ..... ඒත් මේයාලා මොකද මේ shopping mall එකක් අස්සේ කරන්න හදන්නේ.....

කට්ටිය ඇතුලට යන දිහා බලන් හිටපු මට එකපාරටම මතක් වුනේ ඇදුම ගැන. හපොයි!!!!!! මොන විනාසයක් ද??? මේ මම රෑට අදින පිජාමා එක පිටින් නේද මේ ඉන්නේ 😬 මෙච්චර වේලා මම අරගොල්ලෝ එක්ක ආවේ මෙහෙම නේද??? හයියෝ..... මට බෑ 😩 දෙයියනේ.....

" එන්න මිස් අපි ඇතුලට යමු "

සේජින් ඔප්පා මං ලගට ඇවිත් මට ඇතුලට යන්න කතා කලා. මෙයත් හිටියද වාහනේ ඇතුලේ??? හයියෝ ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ.....

Dream Lovers 💫[ Completed ]Where stories live. Discover now