Part 17

2.2K 361 51
                                    

Jk Pov

ගෑනු ළමයෙක්ගේ ආදරේ කොයි වගේද කියන එක මට මුලින් ම තේරුනේ එදා eun ha ගේ අම්මා දුන්න චුටි dairy එක කියවද්දි. ඒත් මේ ආදරේ ලෝකේ තියෙන අනිත් ඒවාට වඩා වෙනස් මොකද එයා මට මෙච්චර ආදරේ කලා කියලා මම දැනන් හිටියේ නෑ. සමහර විට දරුනු විදිහට හරි අපේ දෛවය අපිව ලං කලේ නැත්තම් තාමත් එයා මට ආදරෙයි කියලා මම දන්නේ නෑ. ඒ විදිහට හරි එයා මං ලගට ආපූ එක ගැන මට තියෙන්නේ වචනෙන් කියා ගන්න බැරි තරම් සතුටක්.... ජිවිතේ පලවෙනි වතාවට කෙල්ලෙක් ගැන මෙහෙම හැගීමක් දැනුනේ..... ඒ හැගීම මගේ හිතට ආගන්තුක වුනත් මං මට පුළුවන් උපරිමෙන් එයාට ආදරේ දෙන්න උත්සාහ කරනවා කොහොම හරි.....

Dairy එකේ තිබ්බ සමහර දේවල් කියවද්දි මගේ ඇස්වලට කදුළු ආවා වගේම, සමහර තැන් කියවද්දි මට හිනාව නවත්ත ගන්න බැරි වුනා. එයා ආස කරපු දේවල්, එයා විදපු දුක වගේම මං ගැනත් ගොඩක් දේවල් ඒ චුටි පොතේ ලස්සනට අකුරු කරලා තිබ්බා. මට තවත් එයාට දුකක් දෙන්න ඕනේ නෑ. ඒ නිසා මම එයාව හැම තිස්සේම සතුටින් තියන්න පුළුවන් හැමදේම කරන්න මහන්සි වුනා.

Daisy මල් දැකලා එයාගේ ඇස්වල තිබ්බ සතුට දැක්කාම මට හරි ආස හිතුනා. චුටි ළමයෙක් වගේ daisy මල් යාය මැදින් කෑ ගහගෙන දුවපු විදිහ මතක් වෙද්දී නම් මට පුදුමත් හිතෙනවා. කොයි වෙලෙත් කෑ ගහගෙන හිටියාට එයාගේ කියුට් වැඩ දැක්කාම ආසාවේ බෑ අනේ 😍

මම එයාට මගේ හිතේ එයා ගැන තියෙන හැගීම කියලා දැන් කොච්චර දවස්ද??? ඒත් එයාගෙන් ඒකට කිසිම ප්‍රතිචාරයක් නෑ😕 සමහරවිට මම මේ කරපු විදිහ වැරදිද දන්නේ නෑ....  මට කොහේද ඉතින් ඕවා තේරෙන්නේ. මොකද කලින් කාටවත් මෙහෙම ආදරේ කරලා තියෙනවා කියලද නෑනේ. මට එකපාරටම මතක් වුනේ ජින් හ්යොන්ව. එයා ගාව ඇති මේවාට හොද අදහස්. වේලාවක අල්ලගෙන අහන්න ඕනේ. මම eun ha ට කැමති කියලා හ්යොන්ලාට ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. එයාලා දන්නවා මම හැරෙද්දී මම මොකක්ද කරන්නේ කියලා.

අපි රෑ කෑම කලා එලියට එද්දීම සේ ජින් හ්යොන් ඇවිත් eun ha ව කොහේදෝ මන්දා එක්කගෙන ගියා. සමහරවිට staff එකේ වැඩක් වෙන්න ඇති.

නිදාගන්න කලින් මට තව එක සැරයක් eun ha ව බලන්න ඕනේ වුනා. ඒත් තාම නෑනේ මෙයා. දැන් ගොඩක් වේලානේ මෙයා සේ ජින් හ්යොන් එක්ක ගිහින්..... යන්න ඕනේ මොකද කරන්නේ කියලා බලන්න.

Dream Lovers 💫[ Completed ]Where stories live. Discover now