Part 10

2.3K 399 25
                                    

Jk pov

" කෝ කොහේද "

නම්ජුන් හ්යොන් ඇහුවේ මං වගේ ම වටපිට බලන ගමන්.

" අර ඉන්නේ"

කියලා ජිමින් හ්යොන් පෙන්නුවේ ගහක් මුල ඉදගෙන කෑගහ ගහ ඉන්න eun ha ව.

මම දෙපාරක් හිතන්නේ නැතුව වාහනෙන් බැහැලා එයා ළගට ගියා. මම එතැනට යද්දි මට දැනුනේ තද ඇල්කොහොල් ගදක්. මොකක්???? මේ කෙල්ල බීලාද මේ ????

" යා........ Eun ha, මොකද මේ...... "

" eun ha....තමයි... ඇ.... යි දැන්..... කා...ටද...ප්‍රශ්න......තියෙන්.....නේ???? ආ....... ජන්ග්ගුක්ශි.... ඔ....යා.... ආව......ද???? "

කියලා කෙල්ල මගේ මූණ අල්ලන ගමන් හිනා වෙවී ඇහුවා.

" යා..... මොකද මේ රෑ තිස්සේ බීගෙන පාරවල් ගානේ කරන්නේ...... ගෙදර යන්න බැරිද????😡"

මම ටිකක් සැරෙන් ඇහුවා. ඇයි දෙයියනේ බැරි වේලාවත් මම මෙතැනට නාවානම්!!!!!! මේ කෙල්ලට මොනවා වෙයි ද????

" 🥺 ඔ...යා.... මට....බ..නිනව...ද.....ජන්...ග්ගුක්ෂි.... ඇයි.....ඔය....ම....ට.....බ...නි..න්නේ....ඔයා.... දන්නවද මගේ.....හිත....අද .....කොච්චර......
රිදෙනවද... .කියලා...නෑ ඔයා.....දන්නේ නෑ....
ඒ.....නිසා...... ඔයාට.. කිය...ලා වැඩක් නෑ.... අද මට .......ගො....ඩක් බොන්න ඕනේ..."

මොකක්???? තව බොන්න.... පිස්සුද මේ කෙල්ලට තව බිව්වොත් නම් මෙතැන ඉන්න හම්බ වෙන්නේ නෑ...... හ්යොන්ලාත් මම හිටපු තැනට ඇවිත් eun ha එක්ක කතා කරන්න try කලා... ඒත් කොහේද මේ හෝන්තුව කියන කිසිම දෙයක් අපිට තේරෙන්නේ නෑ. බොනවා කියලා මෙහෙමත් බොනවද අප්පා.....

" යා..... ඔයා ඇයි..... මට.... මෙහෙම... .. කලේ.... ඇයි....කියනවා🗣 ඇයි..... ඇයි.....මට මෙහෙම කලේ.... මම පව්.... නැද්ද 🥺 ඇයි ඔයා.... තා....ම එයා..... ගැ.....න.....හි........."

මගේ මූණ අල්ලගෙන එයාගේ පැත්තට අරන් මගේ ඇස් දිහා එක එල්ලේ බලාගෙන කියපු මේ කෙල්ල එකපාරටම මෙන්න කලන්තේ දැම්මා වගේ නිදි....මම අල්ලගත්තේ නැත්තම් ඔළුවත් වදිනවා බිම.....

" යා.... මේ කෙල්ලට මොනවද වුනේ මෙච්චර බොන්න තරම්.....නම්ජුනා අපි මොකද මේකට කරන්නේ දැන්..... "

හොබි හ්යොන් ඇහුවේ වෙන දේවල් හිතාගන්න බැරු ව බලන් ඉන්න නම්ජුන් හ්යොන්ගෙන්.

Dream Lovers 💫[ Completed ]Where stories live. Discover now