Chapter 01- Where am I?

900 81 54
                                    

මගේ දෙමව්පියෝ කොච්චර පොහොසත් උනත් මට ඒක උලුප්පලා පෙන්නලා ජනප්‍රිය වෙන්න ඕන උනේ නෑ. අනික මම මගේ නිදහසට ගොඩක් කැමති කෙනෙක්. ඒක නිසා මම බොහොම සාමාන්‍ය ළමයෙක් විදියට ඉස්කෝලෙදි හිටියා. ඒ වගේම මගේ ඇත්ත තත්වේ මගේ හොඳම යාළුවා "ආහ් රෝ" ඇර වෙන කිසිම කෙනෙක් දැනගෙන හිටියෙත් නෑ. අනික මට එයාව හොඳටම විශ්වාසයි .මොකද එයා පොඩි කාලේ ඉඳලම මගේ හොඳම යාළුවා නිසා. ඒ වගේම එයා මගේ නැන්දගේ එකම දුව. ඒකත් ඉතින් අපි දෙන්නා නිතරම එකටම ඉන්න හේතුවක් තමා.

හැබැයි එයාට ටිකක් පිස්සු (ටික්ක නෙවෙයි හොඳටම). එයාට නට් ලූස් එයා BTS කියන K-pop band එකේ army කෙනෙක් නිසා කියලා තමයි මට හිතෙන්නේ. කොයි වෙලාවේ බැලුවත් මෙයාගේ කටේ තියෙන්නෙම BTS (මෙහෙමයි මාත් BTS සිංදු සමහර ඒවට කැමති. pied piper, spring dayවගේ සිංදු ලස්සනයි. ඒත් මේක එහෙම එකක් නෙවෙයි නේ. මෙයාට නම් තියෙන්නේ පුදුම පිස්සුවක්😌😅)

 මෙයාට නම් තියෙන්නේ පුදුම පිස්සුවක්😌😅)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාගේ කාමරෙත් මේ වගේ. ඉතින් ඔයාලට හිතාගන්න පුළුවන්නේ ඇයි මම එයාට පිස්සු කිව්වේ කියලා. දැන් එවගෙන් වැඩක් නෑ.අපි කතාවට බහිමුකෝ.

"අර ඔයාගේ තාත්තේ ඩ්‍රවර් නේද?" ආහ් රෝ මගේ අවදානේ ඉස්සරහ ගේට්ටුව පැත්තට යොමු කරන ගමන් ඇහුවා. "ඔයාව එක්කන් යන්න ඇවිල්ලා වගේ."

"මොන වදයක්ද ?"මම ඇහුවා. "දැන් මම ඔතනට ගියොත් අනිවාරෙන් මට ඒකේ යන්න වෙනවා. ඒ වගේ කාර් එකක, අනික එහා පැත්තෙන් මිස්. කිම්ත් ඉන්න එකක යන එක හරිම කම්මැලි දෙයක් " මම අකමැත්තෙන් කිව්වා.
(*මිස් කිම් කියන්නේ පොඩි කාලේ අවුරුදු පහේ ඉදන් වගේ මගේ ආයා.එයා බොහොම ගතානුගතික වයසක ගෑනු කෙනෙක්. ඇත්තටම එයත් මගේ දෙමව්පියෝ වගේම මට ඕනවටත් වඩා ආදරෙයි. සමහර විට මම මෙච්චර දඟ අනිත් අයට යටත් නොවෙන මට ඕන දේ කොහොම හරි කරගන්න බලන කෙනෙක් වෙලා තියෙන්නෙත් ඒක නිසාම වෙන්න ඇති.😅😅)

My Seven Soulmates (MJ)Where stories live. Discover now