chapter 10- Seniors and new comers

171 45 19
                                    

Jimin

"නෑ කමක් නෑ මම මෙහෙටම වෙලා ඉන්නම්." මම Jiun අපි දෙන්නට කිව්වා. ඒත් මට නම් නිකමටවත් හිතුනේ නෑ එයාට එහෙම ඉන්න ආසවක් ඇති කියලා. මම එයාගේ අයියලා දෙන්නව හොඳට දන්නවා. ඒක නිසා මම හිතන්නේ නෑ එයා දෙයක් ලේසියෙන් අත අරින ජාතියේ කෙනෙක් වෙන්න ඇති කියලා.

"Joowon Huwarangවල නවකයන් බදවා ගැනීමේ උත්සවේ ඉවර වෙනකම් මාස්ටර් Ji Dwiට ගෙදරින් එලියටවත් එන්න දෙන්න එපා." Jungkook සේවකයෙකුට කතා කරලා කිව්වා.

"මම එහෙනම් කාමරේට වෙලා ඉන්නම් කෝ" එහෙම කියපු එයා අපි දෙන්නටම ගස්සගෙන එතනින් ගියා.

"හයුන්ග් එයා අපිත් එක්ක තරහා වෙයි ද?" Jungkook දුකින් වගේ ඇහුවා.

"ගනන් ගන්න එපා ඕක ටිකකින් හරි යයි. එයා Hwarang ගියෝතින් වෙන දේ දන්නවනේ? අපි ඒක කරන්නේ එයාගෙම ආරක්ෂාවට එයා ඒක තේරැම් ගන්න ඕන" මම එයාට කිව්වා. "එයා Hwarang ගිහින් ගෑණු ළමයෙක් කියලා ඔප්පු උනොත් එයාගේ ජිවිතේටත් අනතුරක් වෙන්න පුළුවන්. අනික ඒකට දඬුවම මරණය. අපිට එයාට එහෙම දෙයක් වෙන්න දෙන්න බෑ"

ඇත්තටම Jungkook තාම ජියුන් කවුද කියලා හරියටම දන්නේ නෑ. දැන ගත්තා නම් මෙහෙම හැසිරෙන්නේත් නෑ. ජියුන් Hwarang house එකට ගිහිල්ලා ගෑණු ළමෙයක් කියලා ඔප්පු උනොත් එයාට මරණ දඬුවම දෙන්න රජතුමාට සිද්ද වෙනවා. එයා ජූන් හයුන්ග්ගේ එකම නංගි. හිත හදාගෙන කොහොම ද ජූන් හයුන්ග් එයාගේ එකම නංගිට ඒ වගේ දෙයක් කරන්නේ? අනික එයාව බේරුවත් හයුන්ගේන් රජකම පැහැර ගන්න බලන් ඉන්න අයට ජියුන් හොද ඉත්තෙක් වෙයි ජුනී හයුන්ග්ට විරැද්දව පාවිච්චි කරන්න. Taehyungව මරන්න කී සැරයක් නම් ඝාතකයො ආවද? හොඳ වෙලාවට කවුරුවත් එයාගේ මූණ තාම දැකලා නැත්තේ.

"යමු කොල්ලෝ නැත්තම් අපිට පරක්කු වෙයි. පළවෙනි දවසෙම පරක්කු වෙලා යන්න බෑනේ." මම එයාට මතක් කලා.

අන්තිමට අපි යන්තම් වෙලාවටම එතනට ගියා. ජුනී හයුන්ග්, හේසොක් හයුන්ග්, ජින් හයුන්ග් තුන්දෙනා ජේෂ්ඨයෝ අතර ඉදන් අපිට අත වැනුවා. රජතුමා වෙස්මූණත් දාගෙන මුලසුණේ වාඩි වෙලා ඉදියා.( පුදුම උනා ද ජුනී හයුන්ග් මෙතන ඉද්දි අතන ඉන්න රජතුමා කවු ද කියලා? ඇත්තටම ඒ රජතුමාගේ පාලකයා. එයා තමයි ජුනී හයුන්ග් hwarang house එකේ ඉන්න කාලේට රාජ්‍ය කටයුතු බලාගන්නේ. ජුනී හයුන්ගේ මාමා උන යුධ ඇමතිතුමා තමයි එයාට උපදෙස් දෙන්නේ. පාලකයාත් යුධ ඇමතිතුමාට බය නිසා එයාගේ වචනෙට පිටින් යන්නේ නෑ.)

My Seven Soulmates (MJ)Wo Geschichten leben. Entdecke jetzt