Chapter 07- lost on the way

217 49 21
                                    

Jiun
ඒ හිටියේ වෙන කවුරුවත් නෙවෙයි BTS V

"අයියෝ එපා.... අනේ " එයා අඬන්න වගේ කිව්වා. මම මුලින් හිතුවේ එයා එහෙම ඉඳියේ එයාගේ අතේ ගැඹුරටම ඇනිලා තිබුණ වීදුරු කටු නිසා කියලා. එත් පසසේ තමයි තේරුනේ එයා එහෙම ඉන්නේ එයාගේ අතේ තිබුණු කණ්ණාඩිය කැඩුන නිසා කියලා.

අතේ තිබුණු තුවාලේ අමතක කරලා කැඩුනු කණ්ණාඩියට අඬන මේ පොඩි ළමෙයක් වගේ කෙනා නිසා මට හිනා ගියා. එයා මගේ දිහා රවලා බැලුවා.

"ඔයා මගේ කණ්ණාඩිය කඩලා තව හිනා වෙන්නත් එනව ද ?" එයා කේන්තියෙන් ඇහුවා

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.

"ඔයා මගේ කණ්ණාඩිය කඩලා තව හිනා වෙන්නත් එනව ද ?" එයා කේන්තියෙන් ඇහුවා.

"ඔයා ඔයවගේ තුවාලයක් තියාගෙන මේ කැඩිච්ච කණ්ණාඩියක් ගැන වද වෙනවද?" මම ඇහුවා. "බලන්න හොඳටම ලේත් එනවා."

"මට තුවාලෙන් වැඩක් නෑ මගේ කණ්ණාඩිය හදලා දෙනවා" එයා මට සැර වුණා. "ඔයා දන්නවද මේක කොච්චර වටිනව ද කියලා? මම මේක ගෙන්නගත්තේ චීනෙන්"

"හරිම cute" මට කියවුණා.

"Cu... මොකක් ?" එයා ඇහුවා.

"ඒක ඔයාට තේරෙන්නේ නෑ. "මම කිව්වෙ මගේ කටින් නිතරම එලියට පනින ඉංග්‍රීසි වචන ගැන මටම බනිමින්.

"මොකක් මට නොතේරි ඔයාට විතරක් ඒක තේරෙන්නේ කොහොමද?" එයා ඇහුවේ පුදුමය මුසු වුණ කේන්තියකින්. "මම ඔයාට වඩා වැඩිමල් අනික ඔයාට යන්තම් 15ක්වත් නැතුව ඇති"

"නෑ මට දාහතයි "මම කිව්වා.

"මට විසි තුනයි මම ඔයාට වඩා වැඩිමල්." එයා සතුටින් කිව්වා. මම ඉතින් සද්ද නැතුව ඉඳියා. (පොඩි එකාගේ ආසාවනේ😂😁)

"ඔයා බෙහෙත් ටිකක් දා ගන්න ගියොත් හොඳයි "මම එයාට කිව්වා. "හොඳටම ලේත් එනෝ "

My Seven Soulmates (MJ)Où les histoires vivent. Découvrez maintenant