Chapter 8- Uraboni🤨

214 50 12
                                    

Linier

"ඔයා එහෙමද හිතන් ඉන්නේ Taehyung?" පොඩ්ඩක් ඉන්න ඒ කටහඩ........... මම ඉක්මනට අනිත් පැත්ත හැරුණා. මේ ඉන්නේ මගේ අයියා කියපු කෙනා නෙද?

"හයුන්ග් මේ....... මේ......... මට ඔයාට පැහැදිලි කරන්න පුළුවන්" Taehyung ගොත ගහන්න ගත්තා. ජින් උරාබොනි නම් හොදටම පුදුම උන බවක් පේන්න තිබුණා.(ඇත්තටම එයා උරබොනිව දැකලා තව ඩින්ගෙන් බිම)

"හොරෙන් පැනලා ඇවිල්ලා මෙතන හොර පුසා වගේ ඉන්නවා එහෙමනේ?" උරාබොනි ඇහුවා. "එහෙම නේද තේහයුන්ග්?" එයා එහෙම ඇහුවේ තේහයුන්ගේ එහා පැත්තෙන්වාඩි වෙන ගමන්. ඒ වෙලාවේ තමයි තේහයුන්ගේ අතේ තිබුණු තුවාලේ දැක්කේ.

"ඔයාගේ අත තුවාල වුණේ කොහොම ද?" ටිකක් තරහින් වගේ ඇහුවා. තේහයුන්ග් මගේ දිහා බැලුවේ කට වහන් ඉන්න කියන්න වගේ.

"හයුන්ග් මම..... මේ ලිස්සලා-" තේහයුන්ග් වෙච්ච දේ ගොත ගහ ගහ කියන්න පටන් ගත්තත් මම මැද්දට පැන්නා.

"ඒක උණේ මගේ අතින්" මම කිව්වා. ඒ වෙලාවේ ජින් තේහයුන්ග් දෙන්නම මගේ දිහා බැලුවේ මට ඔච්චරටම මැරෙන්න ආසද කියලා අහන්න වගේ.

"මම වැරදිලා දුවද්දි එයාගේ ඇගේ හැපුණ නිසා එයාගේ අතේ තිබුණු කණ්ණාඩිය මගේ අතින් බිදුණා. ඒකට තමයි මෙයාගේ අත තුවල උනේ." මම එක හුස්මට කියාගෙන ගියා. "මට සමාවෙන්න උරාබොනි"

අන්තිම වචන ටිකට නම් ජින් බිමට වැටුණෙ නැති ටිකවිතරයි. තේහයුන්ග් නම් කටත් ඇරන් අපි දෙන්නා දිහා මාරුවෙන් බැලුවා. ජින් උරාබොනි ජිමින් ජන්ග්කුක් දෙන්නා ගාවට ගියේ මොනවද වෙන්නේ කියලා අහන්න වගේ.

"උරාබොනි මොකක්?" තේහයුන්ග් අපෙන් ඇහුවා.

"ඔව් ඒක හරි තේ. මේ ඉන්නේ අපේ නංගි"උරාබානි කිව්වා. තේහයුන්ග් ටිකක් වෙලා සද්ද නැතුව හිටියා. ඊට පස්සේ හිනා වුණා.

"මම හරි එහෙනම් ඔයා ගෑණු ළමයෙක්" එයා කිව්වා. "පොඩ්ඩක් ඉන්න ඔයා නේද හයුන්ගේ කාමරේ තිබුණ චිත්‍රේ හිටපු කෙල්ල? මම හිතුවේ එයා හයුන්ගේ......... නෑ එක්කෝ ඕන නෑ." තේහයුන්ග් උරාබොනි දිහා බලලා කපටි හිනාවක් දාන ගමන් කිව්වා.

My Seven Soulmates (MJ)Where stories live. Discover now