Chapter 09- Hwarang

198 49 24
                                    

Linier

මම දැක්කා.... සුවද විලවුන් තිබුණු කඩේක sent බෝතලයක් කුඩු වෙනවා. ඒ වෙලාවේ මම ඒක ගනන් ගත්තේ නෑ ඒක සාමන්‍ය දෙයක් නිසා. ඒත් ඊට ටික වෙලාවකට පස්සේ මම දැක්කා ඒ කඩේට සුරුට්ටුවකුත් කටේ ගහගෙන වෙරි වෙච්ච මනුස්සයෙක් වැනි වැනි යනවා. ඒකත් හරිම සාමාන්‍යයි නේ (මම එවලේ හිටියේ ඊට එහා පැතඅතේ තිබුණු කඩේ ) ඒත් මම දැන් මම දැක්කදේ නම් කොහොමටවත්ම ගනන් නොගෙන ඉන්න පුළුවන් දෙනයක් නෙවෙයි.

අර පිරිමි කෙනා එයාගේ සුරුට්ටුව විසි කරලා ගියේ හොඳටම තරහා ගිහිල්ල ද කොහේද. ඒත් ඒක වැටුනේ කෙලින්ම අර බිදුනු සේන්ට් බෝතලේ දිහාවට. මට ඊළඟට වෙන දේ හිතා ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ. ඉතින් මම සේරම අමතක කරලා ඒ පැත්තට. දිව්වේ මොනවද කරන්න පුළුවන් කියලා වට පිට බලලා කල්පනා කරන ගමන්.

ඒ වෙලාවේ මම දැක්කා ලුණු විකුණන ආච්චි කෙනෙක්. මම එයා බනිද්දිම ලුණු වට්ටියක් උස්සන් දුවගෙන ඇවිත් අර ගින්න ඇවිලෙමින් තාබුණු තැන් වලටයි සෙන්ට් බෝතලේ වැහෙන්න මයි හැළුවා. අම්මො ඇති යන්තම් නැත්තම් මෙතන ලොකු අවුලක් වෙන්න තිබ්බේ. ගිනනක් කියලා එලියට දුවන්න හදපු අය ආපහු ඇවිත් මාව වට කරන් මට ස්තූති කරන්න ගත්තා.

ඒ වෙලාවෙම වගේ අර ලුණු වට්ටිය අයිති ආච්චි මගෙන් ඒකට සල්ලි ඉල්ලුවා. මාර වැඩේ මම වීරයා වගේ මෙතනට පැනලා ඔක්කොම විසඳුවට මම ගාව සල්ලි කීයක්වත් නෑ කියලා මතක් උනේ ඒ වෙලාවේ. මම ආච්චිට ගෙදර ගිහින් සල්ලි අරන් ආපහු එන්නම් කිව්වත් එයා එකසැරේටම මට බැනගෙන බැනගෙන යන්න පටන් ගත්තා.

"මම සල්ලි ගෙවන්නම්." කවුරුහරි මගේ පිටිපස්සේ ඉදන් කිව්වා. ඉතින් අපි දෙන්නම ඒ පැත්තට හැරිලා බැලුවා. එයා මැදිවයසේ පිරිමි කෙනෙක්. කොහොම හරි ආච්චිට එයා සල්ලි ගෙවපු නිසා යන්තම් එතනින් ශේප් වුණා.

"මම Hwarang house එකේ විදුහල්පති කිම් යුන් ශික්. මම කැමති ඔයා වගේ දක්ෂ ළමයි එතනට එනවට. අනික ඔයා ගොඩක් කඩවසම්." එයා කව්වා.

"එහෙමද ?" මම හිනාව තද කරගෙන ඇහුවේ එයා මට කඩවසම් කියපු නිසයි. "මාත් හරිම කැමැත්තෙන් හිටියේ එතනට එන්න."

My Seven Soulmates (MJ)Where stories live. Discover now