chapter 05- lost

256 55 41
                                    

Linier

මේ දෙන්නට මේක ඇති වෙන්නෙම නැද්ද ඇත්තට. හැම දේකටම බොරුවට හරි රණ්ඩුවෙනවා. මට නම් බලන් ඉඳලම ඇති වෙලා තියෙන්නේ.

"ඒක අපි පස්සේ කතා කරගමු. ඔයාලා දැන් විවේක ගන්න" ජින් කිව්වා. "ජෝසන් තියෙන්නේ මෙතන ඉදන් ටිකක් දුරින්. දැන් හවස් වෙලා නිසා අපි අද විවේක අරන් හෙට යමු."

හොඳ වෙලාවට ජින් මැද්දට පැන්නේ නැත්තම් මේ දෙන්නා දිගටම එයාලගේ රණ්ඩුව පවත්වගෙන යාවි කියලමයි මට හිතුනේ.😅
"මෙහේ කාමර තුනයි තියෙන්න. ඒකෙනුත් අපිට රජ පවුලට වෙන් කරපු එකට යන්න බෑනේ.අනික වෙද කාමරේ." ජන්ග්කුක් මතක් කරා.

"ජියුන් ඔයා කාමරේ නිදා ගන්න. අපි වෙද කාමරේ නිදා ගන්නිමු."අන්තිමේදි ජිමින් ඉදිරිපත් කරපු යෝජනාවට හැමෝම කැමති වුණා.

****time passed ****

හොදයි මම දවසක්ම අතීතේ ජීවත් වුණා.දැන්වත් මේ වදකාර හීනේ ඉවර වෙන්නේ නැද්ද දෙයියනේ.....😬😣😣

"ජියුන් මෙහේ ගෑණු ළමයෙක්ට ගැලපෙන ඇදුම් නෑ. ඒක නිසා අපිට ඔයාට දෙන්න වෙන්නේ අපේ ඇදුම් තමයි." ජින් උදේ පාන්දර ඇදුම් වගයක් අරන් ඇවිත් මගේ දිහාවට දික් කරන ගමන් කිව්වා. "අනික අපි යන්නේ ජෝසන් නිසා ඔයා මෙහෙම යන එකත් හොඳයි. මොකද ඔයා වගේ ලස්සන කෙල්ලෙක් ජෝසන්වල අතරමං වෙනවට වඩා කොල්ලෙක් අතරමං වෙන එක ආරක්ෂා සහිතයි නේ." එයා හිනා වෙන ගමන් කිව්වා.

"අනේ thank you Hyung"මම කිව්වේ ඇඳුම් ටික අතට ගන්න ගමන්.

"මොකක්?"එයා ඔලුව කහන ගමන් ඇහුවා. ඒ වෙලාවේ තමයි මට මතක් වුනේ මෙහේ අයට ඉංග්‍රීසි බෑ කියලා. Aigooo...... මන් වගේ මැට්ටේක්.😅

"ඔයාට ස්තූතියි හයුන්ග් කියලා කිව්වේ."මම හිනා වෙන ගමන් කිව්වා.

"හයුන්ග්(elder brother *boys) ?" එයා එක ඇහිබැමක් උස්සලා ඇහුවා. "ඔයා මට කතා කරන්න ඕන urambuji(elder brother *girls) කියලා නෙවෙයි ද?"

"මම දැන් කොල්ලෙක් "මම එයාට එයා දීපු ඇදුම් ටිකම පෙන්නලා කිව්වා.

"හරි හරි පණ්ඩිත කෙල්ල ඉක්මනට ගිහින් ඇඳගෙන එන්න" ජින් එහෙම කියලා මගේ කොණ්ඩෙත් අවුල් කරලා ගියා.

My Seven Soulmates (MJ)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin