I̳n̳j̳u̳s̳t̳i̳c̳e̳ ̳G̳o̳d̳s̳ ̳a̳m̳o̳n̳g̳ ̳u̳s̳

7 0 0
                                    

හොඳයි. මේ පොස්ට් එකෙන් ගේනඩ යන්නෙ Injustice gods among us ගේම් එක ගැන. එහෙනන් මුලින්ම බලමු කොහොමද මේ injustice comic එක හැදුනෙ කියලා. 2013 වසරෙ Tom tylor විසින් තමයි මේ injustice කියන comic පොත නිර්මාණය කරන්නෙ. මේකෙ අවුරුදු පහක කාල පරාසයක කතාවක් යනවා. 1 අවුරුද්ද :- justice league එකේ නායකයා වෙලා ඉන්න super man ට එරෙහිව bat man කැරැල්ලක් දියත් කිරීම. 2 අවුරුද්ද :- Super man සහ green lantens ලා අතර සටන 3 අවුරුද්ද :- John Constantine, the Spectre, Deadman, Zatanna, Doctor Fate වගේ අය මේ කැරැල්ලට එකතු වීම. 4 අවුරුද්ද :- කැරැල්ල යුද්ධක් දක්වා වැඩි වීම. ඔන්න ඔය විදිහට තමා injustice කතාව ගලාගෙන යන්නෙ. ඔය story plot එක තමයි injustice ගේම් එක හදන්ඩත් පාදක කරගෙන තියෙන්නෙ. හරි. දැන් අපි game එක පැත්තට පොඩ්ඩක් යමු. ගේම් එක develop කරල තියෙන්නෙ NetherRealm කියන studio එකෙන්, Publish කරල තියෙන්නෙ ඉතින් WB (Warner Bros.) ලම තමා. 2013 දි තමා ගේම් එක relese වෙලා තියෙන්නෙ. ගේම් එකයි කොමික් එකයි දෙකම relese වෙලා තියෙන්නෙ එකම අවුරුද්දෙ කියල ඔයාලට පේනව ඇති. NetherRealm එකෙන්ම develop කරපු ජනප්‍රිය ගේම් එකක් වෙන Mortal combart ගේම් එකෙන් තමයි injustice ගේම් එකේ controls, game mechanics වගේ ගොඩක් දේවල් හදන්ඩ උදවු කරගෙන තියෙන්නෙ. මේ ගේම් එකේ චරිත වලට සහ හඬ කැවීම් වලට ගැලපෙන අය හොයාගන්ඩ මෙයාල මාස හතරක විතර කාලයක් අරන් තියෙනවා. ඒ වගේම මේකෙ story එකේ විදිහට වීරයා සහ දුශ්ඨයා තෝරලා එකතු කරන්ඩ සති හයක විතර කාලයක් අරගෙන තියෙනවා. මේ ගේම් එකට DC Universe එකට අදාල වෙන චරිත කිහිපයක්ම මෙයාල ඇතුලත් කරල තියෙනවා. Bat man Bat girl SHAZAM Aqua man Flash Green lantern Super man Night wing Green arrow Joker Bane Harley quinn Dooms day Cat women මෙතන ඉන්නෙ ටික දෙනෙක්. ඒ වගේම Mortal combart එකේ scorpion එහෙමත් මේ ගේම් එකේ ඉන්නවා. DarkSeid, Scarecrow, Gorilla, Blue beatle වගේ අය අපිට injustice gods among us එකේ බලාගන්ඩ බැරි උනත් injustice 2 එකේ මෙයාලව බලාගන්ඩ පුලුවන්. ගේම් එකේ Story එක පැත්තට ගියොත් මේකෙ විදිහට Super man කියන්නෙ දුශ්ඨ කෙනෙක් වගේම වෙනම පිලිවෙතක් අනුගමනය කරන කෙනෙක්. ඒ කියන්නෙ මේකේ ඉන්න super man කෙනෙක්ව මරන්ඩ දෙපාරක් හිතන කෙනෙක් නෙවෙයි. මේ සේරටම හේතුව වෙන්නෙ joker, super man ගේ බිරිඳ වෙන Lois lane ව මරණයට පත් කිරීමයි, න්‍යෂ්ටික බෝම්බෙකින් MetroPolis (මෙට්‍රෝපොලිස් කියන්නෙ superman ගේ නගරෙ) විනාශ කරන්ඩ උත්සහ කිරීමයි. මෙන්න මේ තරහට superman, jokerව මරණයට පත් කරනවා.ඔයාල දන්නවා ඇතිනෙ batman හතුරෙක් ව උනත් මරන්ඩ කැමති කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් මෙන්න මේ super man ගේ වැඩ වලට එරෙහිව batman වෙනම කණ්ඩායමක් හදනවා. මේකෙදි harley quinn එහෙමත් බැට් මෑන්ට උදව් වෙනවා.ඔන්න ඕක තමා කතාවෙ සාරාංශෙ. දැන් එහෙනන් Gameplay එක පැත්තට යන්. මේක 2.5D ගේම් එකක්. ගේම් එකේ හැම තරඟයක්ම round දෙකකින් තමා හැදිල තියෙන්නෙ.(දිනන ගාන සම වුනොත් 3ක් වෙන්ඩ පුලුවන්) මේකේ එක Round එකක Health bar දෙකක් තියෙනවා. Round එකක් දිනන්ඩනන් ඒ health bar දෙකම ඉවර කරන්ඩ ඕන. ඒ වගේම Light, Heavy, Medium කියල attack වර්ග 3ක් තියෙනවා. තව මේකේ combo attacks කියල තියෙනවා. මේවා එක එක character එක අනුව වෙනස් වෙනවා. ඒ කියන්නෙ super man ට තියෙන combo නෙවෙයි bat man ට තියෙන්නෙ. Combos හරියට ගහන්ඩනන් අපි හොඳට keys මතක තියන් ඉන්ඩ ඕනේ. මේකේ තව 'character trait ' කියල වෙනම bar එකක් පිරෙනවා. මේකෙන් හැම character එකකටම යම් කිසි හැකියාවක් ගන්ඩ පුලුවන්. මේ ඒකට උදාහරණයක් :- Super man :- තාවකාලිකව ශක්තිය වැඩි වීම. Bat man :- රොබෝ වවුල් රංචුවක් ලබා ගැනීම. ඒ වගේම මේකෙ හැම චරිතයකටම විශේෂ උන special attack එකක් තියෙනවා. මේ special attack එකකට පුලුවන් ප්‍රතිවාදියගෙ health එක ගොඩක් දුරට අඩු කරන්ඩ. මේකෙ අපිට එක එක තැන් වල, ඒ කියන්නෙ Stages වල fight කරන්ඩ වෙනවා :- Metropolis නගරය Batcave එක Fortress of Solitude Gotham නගරය මේ ඒ වගේ stages ටිකක්. තව මේකේ හැම චරිතයක් ම කොටස් දෙකකට බෙදිල තියෙනවා. ඒ, Power characters :- Super man, Wonder woman, Bane Gadget characters :- Batman,Green arrow, joker Power character ගනයට වැටෙන චරිත යොදාගන්නෙ එයාලට තියෙන විශේෂ ශක්තිය, Gadget characters ගනයට වැටෙන චරිත යොදා ගන්නෙ විවිධ ආයුද, උපකරණ, යන්ත්‍ර වගේ දේවල්. උදාහරණයක් විදිහට මෙහෙම ගමු. මේ ගෙම් එකේ අපිට පුලුවන් වටේ පිටේ තියෙන සමහර ද්‍රව්‍ය වලින්- ඒ කියන්නෙ කාර්, පිළිම වගේ දේවල් වලින් ප්‍රතිවාදියට පහර දෙන්ඩ. ඉතින් super man වගේ power characters ලට පුලුවන් ඒ වගේ කාර් එකක් උස්සලා අරන් පහර දෙන්ඩ. Bat man වගේ Gadget chracters අයට පුලුවන් එතන බෝම්බයක් වගේ මොකක් හරි ගැජට් එකක් සෙට් කරල ඒක පුපුරුවලා දාන්ඩ.(මෙහෙම කරන්ඩ බැරි අයත් ඉන්නවා). ඒ වගේම මේ ගේම් එකේ අමතර ක්‍රීඩා අංග ( Additional game features) විදිහට අපිට, Battle Mode Versus Mode Training Mode S.T.A.R. Labs බලාගන්ඩ පුලුවන්. S.T.A.R Lab එකේ එකේ විවිධ චරිත වලින් කරන්ඩ තියෙන අභියෝග 240ක් විතර අඩංගු වෙලා තියෙනවා වගේම chracter එකක සටන් ක්‍රම වගේ දේවල් හොඳට පුහුණු වෙන්ඩ පුලුවන්. Ratings පැත්තට ගියොත් හොඳ Ratings අගයක් ලබා ගන්ඩ මේ ගේම් එකට පුලුවන් වෙලා තියෙනවා :- IGN :- 8.2/10 PC Gamer :- 80/100 EGM :- 9.5/10 දැන් එහෙනන් Requirements පැත්තට ගිහින් බලමු. Minimum RequirementsOS: Win 7 32Processor: Intel Core 2 Duo E6600 2.4GHz / AMD Athlon 64 X2 Dual Core 5400+Graphics: AMD Radeon HD 3850 or NVIDIA GeForce 8800 GTSSystem Memory: 2 GB RAMStorage: 22 GB Hard drive DirectX 10 Compatible Graphics Card අන්තිමේට කියන්ඩ ඕන gods among us එකට අමතරව තව ගේම් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒ injustice 2 සහ injustice android ගේම් එක.ඉතින් ඔය ටික තමා Injustice gods among us ගේම් එක ගැන කියන්ඩ තියෙන්නෙ. එහෙනන් තවත් පෝස්ට් එකකින් හම්බෙමු....

VIDEO GAMINGOù les histoires vivent. Découvrez maintenant