R̳E̳D̳ ̳D̳E̳A̳D̳ ̳O̳N̳L̳I̳N̳E̳

6 0 0
                                    


අද කියන්න යන්නේ සුපිරි Multiplayer ඔන්ලයින් ගේම් එකක් ගැනයි.මේක නිකම් GTA 5 එකේම පරන කාලේ version එකක් වගේ.ඒ කිව්වෙ මේකේ GTA 5 ONLINE එකේ වගේ සුපිරි වැඩ තියෙන නිසා.හරි දැන් අපි මේ ගේම් එකේ විස්තර ටිකක් බලමු.මේක developers වන්නේ කවුරුත් දන්න Rockstar Studios එක වගේම මේක පබ්ලිශ් කරන්නේ Rockstar Games එකෙන්😱.මේක windows වලට රිලීස් කරේ 2019 දී.මේ ගේම් එක අයිති වෙන්නේ Action-adventure කියන වර්ගයටයි.මේකේ graphics ගැන කිව්වොත් මාරම ලස්සනක් තමා තියෙන්නේ.ගොඩකම ඉතින් outdoor graphics තමා මාරම ගති.ඒ වගේම මේකේ map එකත් පට්ටම ලොකුයි😳.

හරි මේකේ කරන්න පුලුවන් වැඩ ගැන කතා කරොත් මේකේ අපිට කෙලින්ම කවු බෝයි කෙනෙක් වෙන්න පුලුවන්.මේකේ අපිට යාළුවොත් එක්ක එහෙම මේ ගේම් එක ප්ලේ කරන්න පුලුවන්.තනියෙන් උනත් මේක ප්ලේ කරන්න පුලුවන්.හැබැයි මේක යාලුවොත් එක්ක ගහද්දී තමා මේකේ ආතක් එක වැඩි වෙන්නේ.

මේකේ අපේ character එක අපිට ඕනේ ව්දිහට වෙනස් කරගන්න පුලුවන්.ඒ කිව්වේ අපේ කොන්ඩේ,රැවුල,ඇදුම්,සපත්තු,තොප්පි,මුදු,අත් වැසුම් වගේ ඔනේ දෙයක් මේකේ අපිට වෙනස් කරන්න පුලුවන්👔.තව මේකේ විශේෂත්වය කියන්නේ මේකේ අපිට ඉන්නව අශ්වයෙක්.හැබැයි මුලදීම අපිට අශ්වයෙක් හම්බෙන්නේ නෑ.ටිකක් දුර ගහන්න ඕනේ 🐴.මේකේ අපිට අපේ අශ්වයවත් අපිට වෙනස් කරන්න පුලුවන්.

මේකේ අපි level up වෙද්දී අපිට එකේක් skill වගේ දේවල් unlock වෙනවා☺.ඒ කිව්වේ අශ්වයගේ පිටේ යද්දී එකේක වැඩ කෑලි දාන්න පුලුවන්.තව අපිට අපේ තුවක්කුව කරකවන්න වගේ තව දේවල් unlock වෙනවා.තව මේකේ අපිට අශ්වයාට කෑම දෙන්න වගේ වැඩ එහෙමත් කරන්න පුලුවන්.

ගේම් එකේ අපිට ගොඩක් දේවල් කරන්න පුලුවන්.ඒ කිව්වේ දඩයම් කරන්න,මාළු අල්ලන්න වගේ දේවල් කරන්නත් පුලුවන්⚒.තව සත්තුන්ව අල්ලලා උන්ව හම ගහලා එහෙම උන්ව කඩවල් වලට විකුනන්නත් පුලුවන්.මේකේ අපිට අනිත් players ලා එක්ක එහෙම වලි දාගන්න පුලුවන්.තව අනිත් උන්ට ගහලා අපිට ඒගොල්ලොන්ව මංකොල්ල කන්න එහෙමත් පුලුවන්.තව අනිත් players ලා මිශන් එහෙම ගහද්දී එව්වට කෙළවලා දාන්න පුලුවන්😅.මේකේ මිශන් ගත්තොත් මේකේ අපිට හොර බඩු ප්‍රවාහනය කරන්න,ම්නිස්සුන්ව බේර ගන්න වගේ මිශන් තියෙනවා.මේකේ අපිට මිශන් එහෙම ගහලා සල්ලි හොයලා එකෙන් අපිට අලුත් තනතුරක් වගේ එකක් ගන්න පුලුවන්😎.එතොකට අපිට එකේක මිශන් (bounty mission)එනවා.ඒ කිව්වේ most wanted කියලා මේකේ පෝස්ට් ඔෆිස් ගාව බිත්තිවල වෙනම මිනිස්සුන්ගේ මිශන් ගහලා තියෙනවා.අපිට එක්කෝ උන්ව පනපිටින් හරි මරලා හරි ලගම තියෙන පොලිස් ස්ථානයට බාර දෙන්න ඕනේ.හැබැයි මැරුවොත් හම්බෙන ගාන අඩුයි😇.ඔයාලට මේ මිශන් ගහන්න අර තනතුර ගන්න තමා ටිකක් අමාරු.හැබැයි ඔයාලගේ යාළුවෙකුට ඒ තනතුර තියෙනවනම් එයාට ඕනේනම් ඒ මිශන් එකක් දාන්න පුලුවන්.එතොකට ඒ මිශන් එක හරියට ගැහුවහම ඔයාටයි ඔයාගේ යාළුවටයි දෙන්නටම සල්ලි හම්බෙනවා💰.මේකේ අපිට අපේ යාළුවොත් එක්ක එකතු වෙලා ඕනේ නම් කොච්චි මංකොල්ල කන්න පුලුවන් වගේම ඕනේනම් කවුරුහරි මංකොල්ලකන කෝච්චි බේර ගන්නත් පුලුවන්😝.

මේකේ අපිට අල්ලන්න තියෙන මිනිස්සු පනපිටින් ගේන එක ලේසී නෑ.ඒකට උට දෙකක් ඇනලා ඌව ගැට ගහලා ගේන්න ඕනේ😒.හැබැයි එහෙම ගේද්දී ඌ ඌව ගැට ගැහලා තියෙන ලණුව කඩලා පැනලා දුවනවා.එතොකට තමා එපා වෙන්නේ.එහෙම උනාම ආය ඌව ගැට ගහලා අල්ලගෙන එන්න ඕනේ😬.

මේකේ තියෙන weapons ගැන කතා කරොත් අපිට තුවක්කු වර්ග,පොරවක්,ගිනි බෝම්බ,දුනු එහෙම තියෙනවා🔫.මේකේ විශේෂත්වය කියන්නේ අපි අපේ තුවක්කූ පාවිච්චියට ගත්තට පස්සේ එව්ව හැම වෙලේම පිරිසිදු කරන්න ඕනේ.නැත්තම් gun වල බලය එහෙම අඩු වෙනවා😳.තව මේකේ අපිට කවු බෝයිලා ගාව තියෙන ලනුව එහෙම තියෙනවා.මේකෙන් අපිට මිනිස්සුන්ව,සත්තුන්ව ගැට ගහන්න පුලුවන්.තව ඒකෙන් අශ්වයාගේ පිටේ යද්දී ඒ ලණුව මිනිහෙකුට දාලා බිමදිගේ එහෙම ඇද ගෙන යන්නත් පුලුවන්😡.මේකේ guns වලට ammo ගන්න පුලුවන් එක්කො මිනිස්සු මරලා loot කරලා නැත්තම් කඩවල් වලින් ඒත් නැත්තම් අපිට පෝස්ට් ඔෆිස් එකට ඕඩර් කරන්නත් පුලුවන්.උණ්ඩ විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් ඕඩර් කරන්න පුලුවන් 📦.

තව මේකේ අපිටම කියල තානායම් පොළවල් එහෙමත් සල්ලි දීලා ගන්න පුලුවන්💸.ඒ වගේම බාර් එහෙමත් අරගෙන එකට සංගීත බෑන්ඩ් එකක් එහෙමත් දාන්න පුලුවන්🎸.බාර් එකේදී අපිට ගොඩක් ආතල් වැඩ කරන්න පුලුවන්.හැබැයි ඒක වෙනම ආතල් එකක්😅.

එහෙනම් මේවගේ තවත් සුපිරි ගේම්න් පෝස්ට් එකකින් නැවත හමුවෙමු.එතකන් හැමෝරම සුබ දවසක්👋👋.

#SLhunTer

#MRK_BROs See less

Comments

NB Madusanka

Supiri 👌

· Reply · Message · 50 w

Author

MRK BROs

NB Madusank tnx bn

· Reply · Commented on by

Rehan Bandara

· 50 w

Imesh Perera

Read dead redemption 2 එක නේද මේ

· Reply · Message · 50 w

Comment as MRK BROs

VIDEO GAMINGWhere stories live. Discover now