A̳g̳e̳ ̳O̳f̳ ̳M̳y̳t̳h̳o̳l̳o̳g̳y̳

6 0 0
                                    

ඇත්තටම කියනවනන් මේක ගොඩක් දෙනෙක් ගහල තියෙන ගේම් එකක්..❤️. ඒත් ගහපු නොගහපු හැමෝම කියවල බලන්ඩ 😁❤️.

Age of mythology කියන්නෙ Strategy category එකට අයිති වෙන PC game එකක්. මේක තනිකරම හදල තියෙන්නෙ mythology කතා වලින්. Mythology වර්ග ගොඩක් තියෙනවා...මේ වලින් ප්‍රධාන ඒවා වෙන්නෙ ග්‍රීක, ඊජිප්තු සහ නෝර්ස් කියන තුන. ග්‍රීක දෙවියනුයි නෝස් දෙවියනුයි ගැනනන් ඔයාලා දන්නවා ඇති. මොකදා එයාලා ගොඩක් ප්‍රසිද්ධයි.Zeus, Poseidon, Hades, Hera, Apollo වගේ දෙවියන් අයිති ග්‍රීක මිථ්‍යා කතා වලට 😍. ඒ වගේම MARVEL Universe එකේ ඉන්න Thor, Loki, Odin වගේ අය ඉන්නෙ නෝස් මිත්‍යා කතා වලට. ඉතින් මේ ගේම් එක හදල තියෙන්නෙ මං අර කලින් කියපු mythology වර්ග 3ම එකතු කරල.

ගේම් එක develop කරන්නෙ Ensemble studios එකෙන්. ඒ වගේම publish කරන්නෙ Microsoft game studios එකෙන්. මේක අයිති වෙන්නෙ Age of empires කියන ගේම් සීරීස් එකට. ගේම relese වෙන්නෙනන් 2002. ටිකක් පරණ ගේමක්...😁. Steam rate එකත් 9/10 ක් තියෙනවා.

🔥 Gameplay 🔥

කලින් කිව්වා වගේ මේක strategy ගේම් එකක්. මේකෙ අපිට ගොඩක් දේවල් කරන්ඩ තියෙනවා. ඒ කියන්නේ ගොඩනැගිලි හදන්ඩ, සෙබළු හදන්ඩ, වරායවල් හදන්ඩ, abilities update කරන්ඩ වගේ දේවල්. මේ හැමදේම කරන්ඩ අපිට ද්‍රව්‍ය හතරක් ඕන වෙනවා. ඒ,

⭕ Food

⭕ Wood

⭕ Gold

⭕ Favor

කියන හතර. මේ දේවල් තමයි අපිට අත්‍යවශ්‍යම දේවල්. මේවා එකතු කර ගන්ඩත් අපිට දේවල් කරන්ඩ වෙනවා. මේවා එකතු කරන්ඩ අපිට civilian units එහෙමත් නැත්තන් සිවිල් ඒකක ඕන වෙනවා. මෙයාලත් කොටස් වලට බෙදෙනවා..

⭕ ග්‍රීක ගම්වාසීන් 👨‍👩‍👧‍👦

⭕ නෝස් collectors 👁️‍🗨️

⭕ වාමනයින්🧤

⭕ ඊජිප්තු කම්කරුවන්🧢

⭕ ධීවර බෝට්ටු ⛵

දැන් බලමු අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්නෙ කොහොමද කියලා 😁.

🔘 ආහාර :- සත්තු දඩයම් කරලා, පලතුරු එකතු කරලා, සත්තු ඇති කරලා, ගොවිතැන් කරලා වගේ ගොඩක් විධි වලින් ආහාර එකතු කර ගන්ඩ පුලුවන්.

VIDEO GAMINGWhere stories live. Discover now