S̳T̳A̳T̳E̳ ̳O̳F̳ ̳D̳E̳C̳A̳Y̳

3 0 0
                                    

අදත් එහෙනම් අපි තවත් පට්ටම surival ගේම් එකක් ගෙනාවා.ඔයගොල්ලෝ THE WALKING DEAD ට්වී සිරියස් එක හරි වෙන සොම්බි ෆිල්ම්ස් හරි බලලා තියෙනවනම් තව ඔයලා සොම්බි ගේම් වල පිස්සෙක් නම් අනිවාර්යෙන්ම මේ පොස්ට් එක කියවන්න.ඒ වගේම් අපේ පේජ් එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා😅.

මේ ගේම් එක ගැන විස්තර ටිකක් කිව්වොත් ගේම් එක රිලීස් කරේ 2013 දී.එතොකට මේක ගේම් එක Designer වන්නේ Richard Foge.ඒ වගේම මේ ගේම් එක publish කරන්නේ Xbox Game Studios එකෙන්.මේ ගේම් එක අයිති වෙන්නේ Single-player කියෙන ගේම් වර්ගයටයි.

ගේම් එක ගැන මූලික කරුණු ටිකක් කිව්වොත් මේකේ අපිට ප්ලේ කරන්න characters වර්ග ගොඩක් ඉන්නවා.ඒ කිව්වේ මේ ගේම් අපිට මුලින් දීලා තියෙන character මැරැනොත් එහෙම අපේ කණ්ඩායමේ ඉන්න වෙන character කෙනෙකුට නිකන්ම මාරු වෙනවා.තව අපිට ඔනේම වෙලාවකදී උනත් අපේ character එක මාරු කරගන්න පුලුවන්(ඕනෑම වෙලාවක් කිව්වට හැම වෙලේම character මාරු කරන්නත් බෑ😅).හැබැයි එහෙම කට්ටිය මාරු කර කර හරි නැත්තම් අපි මැරුනහම වෙන character එකකට යන්නන්ම් අපිට අපේ කණ්ඩයාමේ සාමාජිකයන් ගාන වැඩි කරගන්න වෙනවා.ඒක කරන්න නම් අපේ සිතියමේ පෙන්නනවා උදව් ඔනේ කරන මිනුස්සු එහෙම.අපිට ඔනේනම් ඒ අයව බේරගෙන අපේ කණ්ඩයාමට එකතු කරගන්න පුලුවන්.හැබැයි එතනදී තමා ප්‍රශ්ණේ එන්නේ මොකද දන්නවද ඒ වගේ මිනිස්සු බේරගන්න තියෙන තැන්වල සොම්බි පිරිලා ඉන්නවා.ඒ සොම්බි ඉන්න තැනක්ට කොටු උනොත් එහෙම ජීවිතේට තියෙන ආශාව අත් හැරගන්න එක හොදයි.මොකද එහෙම තැන්වලින් බේරෙන්න පට්ටම අමාරුයි😳.ඒ උනාට ඒ වගේ ඒවා ගහන්නත් බැරිම නෑ.එව්වා ගහන්න ඔනේ හිමීට ඉවසීමෙන් එක එකාට silent attack දෙන්න ඔනේ(කරුමෙටවත් ඇවිස්සුනොත් හොදම දේ ඔක්කොම අමතක කරලා එතනින් පැනලා දුවන එක තමා😂).තව වෙලාවකට අපිට ඔනේ නම් අපේ කණ්ඩයාමේ ඉන්න දෙන්නෙක් තුන්දෙනෙක් ඒ වගේ වැඩ වලට එක්කන් යන්න උනත් පුලුවන්.එතොකට සොම්බිස්ලා අඩුනම් පැනපු ගමන් නෙලන්න උනත් පුලුවන්👊.

තව මේක ගැන කතා කරනවනම් අපි අපේ කණ්ඩයාමට අවශ්‍ය හැම දේම ගැන හොයලා බලන්න ඔනේ.ඒ කිව්වේ කෑම,බෙහෙත්,ආයුධ වගේ දේවල් ගැනත් හොයලා බලන්න ඕනේ.තව අපේ එවුන් කරදරේක වැටුනහම බේරගන්න එහෙමත් යන්න තියෙනවා.ඒවගේ වැඩ වලට යන්න පරක්කු උනොත් එහෙම වෙලාවකට උන් මැරෙනවා නැත්තම් ඌත් සෝම්බි කෙනෙක් වෙලා තමා නවතින්නේ.මේකේ ඉතින් ප්‍රධාන කියලනම් ලොකු ස්ටොරියක් නෑ.මේක කරන්න තියෙන්නේ හැමතැනම ඇවිද ඇවිද ජීවිතේ කොහොමහරි ගැට ගහගන්න එක😜.

🔴 WEAPONS 🔴

Melee weapons 🔨

මේ වර්ගයේ ආයුධ වලටනම් තියෙන්නේ පොලු,කඩු,මිටි,සාස්පාන්,සව්ල්,උදලු වගේ අතට අහුවෙන ඔනේම දෙයක් වගේ තියෙනවා.මේවා ඉතින් අපි ඇවිද ඇවිද ගිහින් හොයාගන්න ඕනේ.

Guns 🔫

මේකට තියෙනවා Ak 47,pistol,ump,shotgun,grend luncher,rpg වගේ තියෙනවා.

grande🔥

මේකේ බෝම්බ වර්ග ටිකක් තියෙනවා.hand grande,fire bomb,patrol bomb වගේ ඒවා තියෙනවා.

attachment ✏

මේකට තියෙනේ නම් සයිලන්සර් වර්ග තමා.

🔴VEHICLES🔴

මේකේ තියෙන වාහන ගත්තොත් තියෙන්නේ modify කරපු කාර්,තව පොලිස් කාර්,කැබ් එහෙම තියෙනවා.

🔴ZOMBIES🔴

හරි දැන් අපි සාමාන්‍ය සෝම්බි වලට අමතරව මේකේ ඉන්න විශේෂ සොම්බි වර්ග ගැන බලමු👹.

1.screamer

මුන් මේකේ ඉන්න එපාම කරපු ජාතියේ සොම්බි වර්ගයක්😡.මොකද දන්නවද මුන් කරන්නේ අපි ලග ඉන්නව කියලා උන්ට දැවුනොත් උන් කන පුපුරන්න කෑ ගහනවා.එතොකට ඒ ලග පාත් ඉන්න ඔක්කොම සොම්බි එතනට එන්න පටන් ගන්නවා.තව අපේ character එකට උගේ සද්දේ හින්දා තප්පරගාන්ක් shock එකක් වගේ වෙනවා.

2.Juggernaut

මේ සොම්බිස්ලා ටිකක් ලොකුයි.ටිකක් කිව්වට මේකා පට්ටම ලොකුයි වගේම හෙන ශක්තියක් තියෙන්නේ

3.Bloater

මේ සොම්බිස්ලා ටිකක් ස්ලෝ හැබැයි මුන්ට පුලුවන් අපේ සෙට් එකක් උනත් එකපාරම අඩපණ කරලා දාන්න.ඒ මොකද දන්නවද මූ එක පාරම පුපුරලා ගෑස් එකක් වගේ එකක් මුදා හරිනවා😷.

4.Feral

මුන් තමා මේකෙ ඉන්න වේගවත් වගේම පට්ටම දුරක් පනින්න පුලුවන් සොම්බිස්ලා වර්ගය.

5.SWAT Zombie & Army Zombie

මේයාලගේ නමින්ම තේරනවනේ මේයා කෙලින්ම හමුදා සොම්බිස්ලා වර්ගයක් කියලා.මුන් body armor එකක් ඇදගෙන හින්දා මුන්ට ටිකක් වැඩියෙන් නෙලන්න ඕනේ.

📛zombie horde :-

මේ සොම්බිස්ලා විශේෂයක් නම් නෙවෙයි.මෙකෙන් කියවෙන්නේ සොම්බිස්ලා 20-30ක් විතර එකතු වෙච්ච කණ්ඩයාමක්.මේ හැම කණ්ඩායමකම මෙහෙයවන නායක සොම්බි කෙනෙකුත් ඉන්නවා.හැබැයි මූ නායකයෙක් කිව්වට මුත් නිකන් සොම්බි කෙනෙක් තමා😜.

හරි එහෙනම් surival ගේම් වලට ආස අය මේ ගේම් එකත් අනිවා ප්ලේ කරලා බලන්න.

VIDEO GAMINGWhere stories live. Discover now