H̳I̳T̳M̳A̳N̳ ̳A̳B̳S̳O̳L̳U̳T̳I̳O̳N̳

18 2 0
                                    


හරි මේ ගේම් එක ගැන කිව්වොත් මේක රිලිස් උනේ 2012 දීය.එතොකට මේක ඩිවොලොප් කරන්නේ

IO Interactive,

Nixxes Software.ඒවගේම මේක පබ්ලිෂ් කරන්නේ Square Enix එකෙන්ය.මේ ගේම් එක එතොකට අයත් වෙන්නේ stealth ගේම් වර්ගයටයි.එතොකට මේකේ graphics ගැන කතා කරත් මාරම ගතියක් තියෙන්නේ💪.ඒ වගේම storyline එකත් සුපිරියක්.මේකේ මූලික කරුණු ගැන මන් මොනවත් කියන්නේ නෑ මොකද හැමෝම දන්නවනේ HITMAN ගේම් සීරියස් එක ගැන😐.

🔴 Download link :- https://pastelink.net/1poh4

⚠ SPOILER ALERT ⚠

ඔන්න එහෙනම් මුළු ස්ටොරියම දැන ගන්න තේකකුයි බිස්කට් එකකුයි අරන් කියවන්න ලෑස්ති වෙන්න😁.

හිට්මෑන් Blood money තරගයෙන් පසුව තමා මේ ගේම් එක ආරම්භ වන්නේ.ඒ කියන්නේ AGENT 47 (ඩේවිඩ් බේට්සන්) ඔහුගේ හසුරුවන්නා වන ඩයනා බර්න්වුඩ් (මාෂා තෝමසන්) සමග තිබු සම්බන්ධතාවය විස්තර කරමින්ය😉.ඒ ඇය විසින් කිසිම දැනුම් දීමකින් තොරව ජාත්‍යන්තර කොන්ත්‍රාත් ඒජන්සියේ (ICA ) සියළු තොරතුරු කඩාකප්පල් කිරීම පිළිබදයි.කෙසේ වෙතත් එම ප්‍රශ්ණය කෙමෙන් කෙමෙන් යටපත් වී තියෙන අතර නැවත ICA ඒක ප්‍රතිසංවිධානය වෙමින් පවති😶.දැන් AGENT 47 ගේ නව හසුරුවන්නා වන්නේ බෙන්ජමින් ට්‍රැවිස් (පවර්ස් බූත්)ය.ඔහු විසින් ICA එක පාවා දුන්න ඩයනාව මරණ ලෙසෙ AGENT 47 හට අණ ලබා දෙයි😵.

ඉන්පසු කෙසේ හෝ AGENT 47 විසින් චිකාගෝහි ඇගේ මන්දිරියට ඇතුල් වී නාන කාමරය තුළ නනා සිටින ඩයනාහට වෙඩි පහරක් එල්ල කරයි.නමුත් පසුව AGENT 47 විසින් මියයන ඩයනාගෙන් අහන්නේ "ඇයි ඔබ අපිව පාවා දුන්නේ කියලා".එවිට ඩයනා පවසන්නේ වික්ටෝරියාවත් (ඉසබෙල් ෆුහර්මන්) AGENT 47 ලෙසෙ ජාන වෙනස් කර සකස් කර ඇති බවත් ඇයව ICA එකට පාවා දීමට තමා අකමැති වූ බවයි😟.කෙසේ හෝ ඩයනාගේ අවසාන ඉල්ලීම ලෙස AGENT 47 ඩයනාව ආරක්ෂා කිරිමට පොරන්දු කරගනී.මෙය දැනගන්නා ට්‍රැවිස් AGENT 47 ව ද්‍රෝහියකු ලෙස හංවඩු ගසයි😡.

වික්ටෝරියා සැගවීමට රෝස්වුඩ් අනාථ නිවාසයට ගිය පසු AGENT 47 විසින් වික්ටෝරියා හා ICA එක පිළිබඳව තව තොරතුරු දැන ගැනීම සදහා අපකීර්තියට පත් ඒජන්සි තොරතුරු සපයන්නෙකු වන බර්ඩිව (ස්ටීවන් බවර්) අමතයි.කෙසේ හෝ ඊට පෙර බර්ඩි විසින් අපරාධ ලොක්කෙකු (ජේම්ස් සී) ඝාතනය කිරීමට AGENT 47 ව එකඟ කරගනී😊.එයට යාමට පෙර ඔහුගේ බාර්කෝඩ් පච්චය හිසෙන් කපා ගනී.ඉන්පසු එය වෙනුවෙන් චයිනාටවුන් වෙත AGENT 47 පිටත්ව බර්ඩිට රිදී ක්‍රීඩකයින් ලබා දීමෙන් පසුව ටර්මිනස් හෝටලයේ නවාතැන් ගැනීමට ඔහු යයි.මෙහිදී ඔහු විසින් නිවාස ආරක්ෂණ පද්ධති සමාගමක් වන ඩෙක්ස්ටර් ඉන්ඩස්ට්‍රීස් හි ප්‍රධානී බ්ලේක් ඩෙක්ස්ටර් (කීත් කැරඩින්) ගැන දැන ගන්නා අතර ඔහු වික්ටෝරියා කෙරෙහිද උනන්දුවක් ඇති බවද දැන ගනී😑.ඉන්පසු AGENT 47 විසින් ඩෙක්ස්ටර් සහ ඔහුගේ ලේකම් ලෙයිලා ස්ටොක්ටන් (ට්‍රැසි ලෝඩ්ස්) සිටින හෝටලටට පැමිණ අතර ඔවුන්ගේ සංවාදයකින් දැනගන්නේ ඩෙක්ස්ටර් වික්ටෝරියා පැහැරගෙන ගොස් ඉහළම ලංසුකරුට විකිණීමට සැලසුම් කර ඇති බවයි.ඉන්පසුව AGENT 47 විසින් ඔහුව මරා දැමීමට යන නමුත් ඩෙක්ස්ටර්ගේ විකෘති වූ ආරක්ෂකයා වන සැන්චෙස් (අයිසැක් සී. සිංගල්ටන් කනිෂ්) විසින් ඔහුට පහර දෙනු ලැබේ.එහිදී ඩෙක්ස්ටර් විසින් AGENT 47 කවුදැයි දැනගෙන AGENT 47 ව රැවටීම සදහා ඔහු හෝටල් සේවිකාවක්ද මරා ගිනි තබා පැන යයි😔.ඉන්පසු AGENT 47 හෝටලයෙන් පැන යාමට යන අවස්තාවේදී පොලීසිය විසින් හෝටලය වටළයි.ඉන්පසු එතනින් පැන යන AGENT 47 ව බර්ඩි විසින් නැවත ඩෙක්ස්ටර්ගේ තොරතුරු සපයන්නා වන ඩොම් ඔස්මන්ඩ්ව(ජෝන් කරි) ඔහුගේ තීරු සමාජ ශාලාවේදී ඝාතනය කිරීමට යවයි😕.

VIDEO GAMINGWhere stories live. Discover now