Love Is Gone - 36

554 154 24
                                    

ආරෝට දරුවෙක් ඉන්නවා.
එයා විවාහ වෙලාද.
ඒත් එයා විවාහ උනානම් ඇයි මෙහෙම දෙයක් කරන්නෙ.
කෝ අනික එයාගෙ ඇල්ෆා..

නැත්නම් මෙයා වෙන කෙනෙක් නිසා ගැබ් අරගෙනද..
ඒ නිසාද මෙයා මේ දේවල් කරන්නෙ..
ආරෝ.. මට ඔයා ගැන ගොඩක් දුකයි.
ඇයි ඔයා මෙහෙම කරගත්තෙ..

*JJK*

මම ඇස් අරිනකොට මගේ ලග හිටියෙ ඔම්මා.
පුතේ...

ඔම්මා..
ඔම්ම පුතා කෝ..
අපි ICU එක ලග තමයි පුතේ ඉන්නෙ දරුවට පරීක්ෂණ කරනවා..

නෑ.. නෑ..
ලූනා..මට මේතරමට දුක්දෙන්න එපා..
ඔයා මට මේ පැටිය මගේ කුසට දුන්න..
මම මගේ පැටිය වෙනුවෙන් මගේ සේරම අත ඇරලා දැම්ම..
මම මගේ දරුව වෙනුවෙන් මොනවද නොකලෙ..
අන්තිමට මම මගේ දරුවා වෙනුවෙන් මාවම අලෙවි කලා..

මගේ දරුවයි මට මගේ හැම දේම

ඒත් මම ඒ හැමදේම ඉවසුවා..
ඒ මගේ දෛවය කියල..

ඒත් දැන් ඇයි මගේ හැමදේම ආයෙ ගන්න හදන්නෙ..
මේකද්ද මගේ මේ පවුකාර ජීවිතේ තේරුම..
මගේ දෛවය විහිලුවක්ද...

ඇයි මෙහෙම.. කරන්නෙ...

*Ah Ro

ආරෝ හාන්සි වෙලා මුමුනන දේවල් මම අහගෙන හිටියා.
දෙවියනෙ ඇයි මෙහෙම දුකක්.
මෙයා කොහොමද මේ හැමදේම දරාගත්තෙ.
තනියම දරුවා එක්ක ජීවිත් උනේ කොහොමද.
අන්තිමට එහෙම ඒකයි එයා මේ තත්වයට වැටුනෙ..
කවුද මේ අසරනී මේ දුකට ඇදල දැම්මෙ..
කවුරු උනත් උට සාප වෙනවා..

*JJK*

මම දරුවාව සියෝල් වල තියන ලොකුම හොදම රෝහලට අරගෙන ආව..
ඉක්මනට මගේ දරුවට පරීක්ෂණ ප්‍රතිකාර හැම දේම කෙරුනා..
අන්තිමට මගේ දරුව ඇස් ඇරිය..
ඒත් එයා ගොඩක් වේදනාවෙන්

මම මගේ දරුවව තුරුළු කරගෙන මගේ හිතේ දුක වේදනාව කදුළු වලින් පිට කලා.
ඔයාට මේ ඔම්මව තනිකරලා යන්න බෑ මගේ පන...
ඔයා මගේ ජීවිතේ..

ඔ..ම්..ම..
අප්ප අදවත්...මා..ව.. බල..ල්ල..
එල. එ.කක්..නැ..ද්..ද ..

එයා..මා..ත්.. එත්ත.. තල..හ..ද..
ම.ත..එයා..ව ..බ..ල..න්..න.. ගොල..ක්..ආ..සයි...

අනේ.. පුතේ.. ඔයාට ඔම්ම ඉන්නවනෙ.
කවදාවත් නොදැකපු.. ඔයා ගැන මුකුත් නොදන්න අප්ප කෙනෙක් එනකන් මග බලාගෙන ඉන්න එපා පුතේ..
ඔයා ඔම්මට ආදරේ නැද්ද..
ඔයා අදරේ අප්ප ට විතරද...

අ..ලේ... ඔම්ම.. මත.. සමා.වෙල්ල..
මම ඔම්මත ආදලෙයි..

ඒ එක්කම ජන්ග්කුක් කාමරේ දොර ඇරගෙන ඇතුලට ආව.
එයා දිහා බලන්න හයියක් මට නෑ.
මගේ හිතේ එයා ගැන තියෙන්නෙ වෛරයක්.

අ..ප්.පා...

දරුව ජන්ග්කුක්ට අත දික්කරල අප්ප කියල කිව්වම මගේ ඔලුව ඇතුලෙ විදුලි කොටනව වගෙයි දැනුනෙ..

ඒ වගේම ඡන්ග්කුක් පුදුම වෙන හැටිත් මම දැක්කා..

ඔම්.මා. මේ. අප්පද..
ජන්ග්කුක් ගෙ වගේම ලස්සන බෝල ඇස්දෙක ලොකු කරගෙන පුතා මගෙන් ඇහුවම මගේ පපුව කීරිගැහිල ගියා..

නෑ.පුතේ මේ අප්ප නෙවෙයි..

මට කියන්න පුළුවන් උනේ ඒටික විතරයි.
ජන්ග්කුක් ඉස්සරහ අඩල දුර්වල වෙන්න මට බෑ..
ඒ නිසා මම එලියට දිව්වා..

*Ah Ro

අප්පා....
ඒ වචනෙ මගේ පපුවට තදින්ම දැනුනා.
ඒ දරුව හරිම හුරුබුහුටියි..
පුංචි හා පැටියෙක් වගේ.
එයා මං වගේ කියලත් මට හිතුනා.

ඒත් මගේ නොවන දරුවෙක් මං වගේ වෙන්නෙ කොහොමද..

කොහොම උනත් ඒ දරුවා ගැන මට ලොකු අනුකම්පාවක් ඇති උනා.
මේ දරුවට දැන් කොච්චර වයසද.

සමහර විට අවුරුදු තුනකට ලග ඇති.

පුතේ කොහොමද ඔයාට...
මම දරුවගෙ ඔලුව අතගාල ඇහුවා..
ඒත් දරුව මාත් එක්ක හිනා උනා විතරයි..

මම හිමින් පහත් වෙලා දරුවගෙ නලලට පුංචි හාදුවක් තිව්වෙ එයාගෙ වේදනාව අඩු කරන්න.

ඔයා මගේ.. අප්පද...

ම්.. ඔයා කැමති නම් මට එහෙම කියන්න..
අප්පා...
ඔයා.. එනකල්.. මම..ගොදක්.. කල් බලාගෙන ඉදිය..

ඔම්ම හැමදාම ඔයා ගල මතක් කලල අදනවා.
ඔයා කොහේද.. මෙත්තල කල් ඉදියෙ..
ඔම්..ම කි.ව්වෙ.. ඔයා දුල ගමලක් ගිහින් කියලා..
ඔම්ම. ඔයාත මත වගේම ගොලක් ආදලෙයි.
එයා.. ඔයාව මතක් කලලද්දි හොදතම අදලව.
ඔයා.. එයා එක්ක තලහ නෑ..නේද..

පුංචි පැටියා එකදිගට කියාගෙන යනකොට මගේ ඇස් වලට කදුළු පිරුනා.
ම්.. ඔයා ගෙ ප්‍රශ්න වලට දෙන්න උත්තර මං ගාව නෑ පැටියො..
මම ඔයාගෙ අප්ප නෙවෙයි.
ඒත් ඔයාට පුළුවන් මට අප්ප කියල කියන්න..

ඔයත් මගේ අප්ප නෙවෙයිද...

මිස්ටර්.. දරුවව මහන්සි කරන්න ඒපා දැන් එයාට බෙහෙත් දෙන්න ඕනෙ කරුණාකරලා එලියට යන්න පුළුවන් ද...

කාමරේට ආපු හෙදිය එහෙම කිව්වම
මම දරුවාගෙ ඔලුව අතගාල එලියට ආව..

ආරෝ තාමත් අඩනව..
ඒත් එයා මට පේන්න අඩන්න කැමති නෑ වගේ..

JJK

Love Is Gone 《 Completed 》 JJKWhere stories live. Discover now