Love Is Gone -38

533 154 30
                                    

අද දරුවගෙ රිපෝට්ස් එනවා.
අනේ මගේ ඇටමිදුළු දරුවට ගැලපෙන්න දෙවියනෙ.

ආරෝ....

ජන්ග්කුක් ඇයි ඔයා අදත් ආවෙ.
ඔයා මං ගැන වදවෙන්න ඕනෙ නෑ.
ඔයාට මගෙයි මගෙ දරුවගෙයි එක්ක කිසිම සම්බන්ධයක් නෑනෙ ඒ නිසා ඔයා මේ දේවල් කරන්න ඕනෙ නෑ.

දරුවගෙ සැත්කමට ගොඩක් සල්ලි ඕනෙ ආරෝ ඔයාට..
මම දන්නවා.
මං ගාව තියන සල්ලි මදි උනොත් හොයාගන්න විදියත් මම දන්නවා.

වද උනාට ස්තූතියි දැන් යන්න.

කොහෙන්ද ඔයා සල්ලි හොයාගන්නෙ.
මම ඇල්ෆ මින් එක්ක විවාහ වෙනවා.
එයා මාවයි දරුවවයි බාරගන්න කැමතියි කිව්ව.

නෑ.. නෑ.. ඔයාට බෑ එහෙම කරන්න.
Jungkook මගේ උරහිසෙන් අල්ලලා කිව්වා.

මාව අතාරින්න මේ හොස්පිට්ල් එක ඇතුලෙ මාව කෑගස්සවන්න එපා ඇල්ෆා.

සමාවෙන්න.. මිසිස් ආරෝ
එන්න ඩොක්ටර් ව හම්බ වෙන්න යන්න ඕනෙ.

පිටිපස්සෙන් ඇහුන කටහඩ නිසා ජන්ග්කුක් මාව අත ඇරිය.
.
.
ඩොක්ටර් මගේ පුතාට...
සමාවෙන්න මිසිස් ආරෝ ඔයාගෙ ඇටමිදුළු පුතාට ගැලපෙන්නෙ නෑ.
ඒත් මිස්ටර් ජන්ග්කුක් ඔයා කිව්ව හරි ඔයාගෙ DNA දරුවට ගැලපෙන්නවා.
ඔයාට පුළුවන් ඇටමිදුළු ලබාදෙන්න.

ඕනම අප්ප කෙනෙක්ට තමන්ගෙ දරුවට ඇටමිදුළු නෙවෙයි පන උනත් දෙන්න පුළුවන් ඩොක්ටර්..

මේ වෙනකන් මගේ කන්වලට ඇහුන දේවල් මට ඇහුනෙ හීනෙන් වගේ..
ඇස්ලට කදුළු පිරුනෙවත් එක්කම පුපුරන්න තරන් හදවත ගැහෙන නිසා මම ඉක්මනට නැගිටලා එලියට ආවෙ ජන්ග්කුක්ගෙ දිහාවත් නොබලා..

දෙවියනෙ එයා සේරම දැනගෙන..
ඒත් කොහොමද...
මම මොනවද දැන්..

යොන් ආරෝ..

පිටිපස්සෙන් ඇහුන කටහඩට මගේ මුලු ඇඟම සීතල වෙලා ගියා.

*Ah Ro

Love Is Gone 《 Completed 》 JJKWhere stories live. Discover now