Love Is Gone - 37

560 156 24
                                    

ඔම්මා මම ඩොක්ටර් එකක් කතා කරල එන්නම්.

යමු මමත් එනව..
ජන්ග්කුක් එහෙම කිව්වම ආයෙත් මගේ ඇස්වලට කදුළු ආව.

ඇයි ඔයා එන්නෙ..
ඕනෙ නෑ ඔයා දැන් යන්න.
ඔයා මාව වෙන් කරපු කාලෙ ඉවරයි.

ජන්ග්කුක් මුකුත් නොකියා ඉස්සරහට ගියා.

ආ.. මම ඔයාව හම්බ වෙන්න එන්න තමයි හැදුවෙ.
ටෙස්ට් රිපෝට් ආව.
ඩොක්ටර් දරුවට මොකක්ද...

ඉස්සර වෙලා වාඩි වෙන්න..
මිස්ටර් ඔයත් ඉදගන්න..

මට මුලින්ම කියන්න දරුවට හරියටම වයස කීයද.
මම ජන්ග්කුක් දිහා එක පාරක් බැලුව.

ඒත් මට දරුවව වටිනවා.
එයාට අවුරුදු හතරයි මාස නවයයි.

ඔයාට දරුව ලැබුනෙ වයස කීයෙදිද.
ඒත් ඒව මොකටද ඩොක්ටර්..
කියන්න කෝ.
ම්.. මට වයස දහනවයෙදි.

ඒ එක්ක ටික ටික වෙනස් වෙන ජන්ග්කුක්ගෙ මූන මම ඇස් කොනින් දැක්ක.

ම්...

ඔයාගෙ පවුලෙ අයට හෝ හස්බන්ඩ්ගෙ පවුලෙ කාටම හරි නිදන් ගත රෝගයක් තිබුනද.
ඇත්තටම ඩොක්ටර් හස්බන්ඩ්ගෙ පවුල ගැනනම් මම දන්නෙ නෑ.
මගේ පවුලෙ අයටනම් තිබුනෙ නෑ.

මේකයි කලබල වෙන්න එපා.
අපිට දරුවව බේරගන්න පුළුවන් කරන්න තියන දේ නියම වෙලාව පහුවෙන්න කලින් කලොත්..

අනේ ඩොක්ටර් මගේ දරුවට මොකද..
ම්...
දරුව ලිව්කේමියා වෙ පලවෙනි මට්ටමෙ ඉන්නෙ..

මො..මො..මොකද්ද..
ඒ එක්කම මගේ පෙනීම මට නැති උනා.

ආරෝ... ආරෝ...
මූන තෙත් වෙනකොට
මට ඇහූනෙ ජන්ග්කුක් ගෙ කටහඩ..

පුතා.. මගේ.. දරුවා...

අනේ.. ජන්ග්කුක් මගේ ද..දරුව..
ආරෝ බයවෙන්න එපා අපි දරුවව බේරගමු..

ආ.. හරි එයාට සිහිය ආව.
ඔයහොම ටිකක් ඉන්න දෙන්න.

ටිකකින් මම හිමින් ඇදේ වාඩි උනා..

මම නොදැනුවත්වම මගේ ඇස් වලින් කදුළු කඩාගෙන වැටෙනවා..
අනේ ඩොක්ටර් මගේ දරුවට මොනවද කරන්න පුළුවන්..

බය වෙන්න එපා.
එයා ඉන්නෙ පලවෙනි මට්මේ.
ඒ නිසා එයාව සම්පූර්ණ සුව කරන්න පුළුවන්.
කො..කොහොමද ඩොක්ටර්.
අපිට එයාට ඇටමිදුළු බද්ධයක් කරන්න වෙනවා.
ඊට පස්සේ දරුව හොදටම හොද වෙයි.

ඩොක්ටර් මගෙන් ගන්න..
මගේ ඇගෙන් ඕනම දෙයක් ඕන තරමක් අරගෙන මගේ දරුවව සනීප කරල දෙන්න..

ම්.. ගොඩක් දුරට ඔයාගෙ ඇටමිදුළු දරුවට හරියන එකක් නෑ..

ඒත් ඔයාගෙ වෙන දරුවෙක් ගෙ හරි එයාගෙ අප්පගෙ හරි අප්පගෙ පවුලෙ කෙනෙක් ගෙ හරි ඇට මිදුළු එයාට හරියටම ගැලපෙයි..

ඒ එක්කම මට තවත් ඇඩුනා.

ඇයි මුකුත් ප්‍රශ්නයක්ද..
එ..එයාට අප්ප කෙනෙක් නෑ ඩොක්ටර්..
ඒ...ඒ වගේම අපි දෙන්නට කාත් කවුරුවත් නෑ..

අනේ මගේ දරුපැටිය.

මම කොහොමද මෙහෙම තත්වෙක ඉදගෙන කියන්නෙ ඒ ජන්ග්කුක්ගෙ දරුව කියල.
එයා මාව විශ්වාස කරන්නෙවත් මගේ දරුව වෙනුවෙන් ඉදිරිපත් වෙන එකකුත් නැහැ.

ම්..හරි හරි.. අපි ඔයාගෙ ටෙස්ට් එකක් කරමු.
එහෙම නැත්නම් අපි ගැලපෙන ඇටමිදුළු හොයාගන්න උත්සාහ කරමු..
පොසිටිව් විදියට හිතන්න..

මට තවත් අහන්න දෙයක් නෑ දෙවියනෙ.
මගේ දරුව මගේ අත් උඩම මැරිල යයි.
දරුව නැතුව මම එක මොහොතක්වත් ජීවත් වෙන්නෙ නෑ..

ඩොක්ටර් මම යන්නම්...
හොදයි..

මම බැහැල ඔහේ ඇවිදගෙන ගියා.

*Ah Ro

ඩොක්ටර්..
ඔව් මිස්ටර්..
මට එක උදව්වක් කරන්න මගෙයි දරුවගෙයි DNA ගැලපෙනවද කියල ටෙස්ට් කරන්න..

ඒක වෙන්නෙ නෑ මිස්ටර්..
දරුවෙක්ගෙ DNA ගැලපෙන්නෙ එයාගෙ දෙමාපියන්ට විතරයි.
ඒ නිසා..

ඩොක්ටර් කරුණාකරලා ඒක කරන්න මම හේතුවක් ඇතුවයි කියන්නෙ..
හොදයි.

ඔයාගෙ ලේ එකක් ගන්න ඕනෙ.

හරි.

ආරෝ කියපු විස්තර වල හැටියට.
එයා ගැබ් අරගෙන තියෙන්නේ මම නිසා.
ඒත් කොහොමද.
එයාට එදා හීට් එක තිබුනෙ නෑනෙ.

ඔමෙගා යුමී
ඔව් මම තමයි.
මම ඇල්ෆා ජන්ග්කුක්..
ඔව් කියන්න ඇල්ෆා.
මට හොදට මතකක් කරල කියන්න.

එදා මම ආරෝ ව කතා කරන්න එක්කගෙන ගියේ..
ඔව්..
එදාට පස්සේ ආරෝ හීට් උන මොන කාලවද කියල ඔයාට මතකද..

ඔව්වමට මතකයි.
එදාට පහුවදා උදේ ඉදන් තමයි ආරොගෙ හීට් එක පටන් ගන්න තිබුනෙ.

මො....මො...මොකක්..
ඔව් ඇයි..
ඇල්ෆට මොකටද.. පොඩ්ඩක් ඉනාන ඔයා එයාව...

ඒක ඔයා කලේ නෑ නේද..

මගේ අතින් පෝන් එක අත ඇරිල බිම වැටුනා..
දෙවියනෙ..
මොකද්ද මම මේ කලේ..
මම නිසාද මේ හැම දේම එයාට උනේ..
දෙවියනේ මම මහ පවු කාරයෙක්..
ඒ මගේ දරුව මගේම දරුව..

*JJK*

Love Is Gone 《 Completed 》 JJKWhere stories live. Discover now