01.

2.8K 263 64
                                    

මම බස් එකෙන් බැහැලා හිමීට ඇල අයිනේ අඩිපාර දිගේ ඇවිදගෙන ආවා.

ඇලේ එහා ඉවුරේ මායිමේ තියෙන ගෙවල්වල ලයිට් ඇලේ වතුරට වැටිලා වතුර පාට පාටින් දිලිසෙනවා.වතුරේ රැලිත් එක්ක ඒ පාට මිශ්‍ර වෙලා අමුතු ලස්සනක් එන්නේ.අනික් පැත්තේ ඉවුරේ මම මේ කලුවර ලයිට් එකක්වත් නැති අඩිපාරේ.සීතල හුලඟකුත් ඇඟේ ඇතිල්ලුනේ අමුතු fresh feeling එකක් මට දීලා.

ම්ම්ම්ම්ම්......මම හරිම  ආසයි මේ vibe එකට. කලුවරම කලුවරයි,මම තනියම
හරීම නිදහසයි...

මහන්සි දවසකට පස්සේ,කැම්පස් එකේ පාඩම්, වැඩ, රටේ නැති ඕපදූප,කරන්න තියෙන assignment ඔක්කොම අමතක කරලා මම නැවතිලා විනාඩියක් ඇලදිහා බලන් හිටියා.

මහන්සි දවසකට පස්සේ බස් එකෙන් බැහැලා මේ ඇලපාර දිගේ ඇවිදන් එන එක මට නිකන් භාවනාවක් වගේ.මගේ දවසේ මහන්සිය,දුක,ඔක්කොම දියකරලා දානවා.

දවල් වරුවේ නම් පැයට වාහන දෙසීයක් තුන්සීයක් යන මේ ඇල පාර රෑට කිසිම මනුස්ස වාසයක් නැතුව තියෙන එක හරි පුදුමයි නේද?
උස තාප්ප පේලියේ තැනින් තැන තියෙන ලයිට් ඇරුනහම රෑට මේ පාරේ කිසිම එලියක් නැහැ.මේක මේ  කර්කශක,සද්ද බද්ද වලින් පිරිච්ච කොළඹම තැනක්ද කියලා වෙලාවකට හිතෙනවා.එච්චරට නිස්කලංකයි.

එහෙමත් කියන්න බෑ ඉතිං ඉපදුන දවසේ ඉඳන් මෙකෙම ඉඳලම මම දන්න්වා ඉතිං කොළඹ ඇතුලෙත් මිනිස්සු හිතන්නෙවත් නැති තරම් ලස්සන නිස්කලංක තැන් තියෙනවා කියලා.ඒ වගේම  නිස්කලංක මිනිස්සු තමා ඒ වගේ තැන්වල ජීවත් වෙන්නෙත්.ඒ හැඟීමත් එක්කම මම  පාර එහා පැත්තේ පේන ලොකු ගෙවල් පේලිය දිහා බැලුවා.

හ්ම්ම්ම්.....දැන් කලපනා කරා ඇති.අද හොඳටම පරක්කු උනා.ඉක්මනට ගෙදර යන්නෝනේ.

මම ආපහු ඇලදිහා බලාගෙන ඇවිදින්න පටන් ගත්තා.මට දැනුනේ හරීම නිවුනු හැඟීමක් හැබැයි, මගේ ඒ හැඟීම ගොඩක් වෙලා තිබුනේ නෑ.
.
.
.
.
.
.

මට එකපාරටම දැනුනා කවුරු හරි මං දිහා බලන් ඉන්නවා කියලා.

මම පිටිපස්ස හැරිලා බැලුවත් කවුරුත් දැක්කේ නෑ.

විරූඩ Where stories live. Discover now