12.

792 166 458
                                    

එදා හවස මම apartment එකට ගියේ මගේ හිත ඇතුලේ ප්‍රශ්න දාහක් විතර කැරකි කරකි පිනුම් ගගහ තියෙද්දී.

කවුද මේ විරූඩ?
ඇයි එයා මෙහෙම එක එක පාර මගේ ඉස්සරහට එන්නේ?
ඇයි එයා එහෙම??එහෙම හැසිරෙන්නේ??
ඇයි office එකේ කිසි කෙනෙක් විරූඩව දැක්කේ නැත්තේ?
ඒ කිසිකෙනෙක්ට විරූඩ එට්ගනට ආවා කියලා මතකයක් තිබ්බේ නෑනේ..
එතකොට මම දැකපු දේ ඇත්තක්ද?
එයාලා ගල් ගැහිලද හිටියේ එවේලේ???
ඒත්...ඒක කොහොමද වෙන්නේ?
මං මායාවක්වත් දැක්කද??
ඒක මගේ ඔලුව ඇතුළේ මැවිච්ච දෙයක්ද???
එත්..මේ මාලේ...මේ මාලේ මොකක්ද?
ඒක ලස්සනයි හැබැයි..
ඇයි මේක මාව ආරක්ශා කරයි කිව්වේ???
අනික් එක එයා මොකටද මාව එහෙම එහෙම..
අහ්හ්හ්හ්හ්...

මගේම කල්පනා ලෝකේ තර්ක කර කරම lift බැහැලා එලියට ආපු මාව ආපහු මේ ලෝකෙට ආවේ දොරේ password එක ගහන්නේ නැතුව අරින්න හදලා මහ සද්දෙට වැදුනු එලාම් එක නිසා.

අනේ මංදා මේ කටුස්සා නම් මාව පිස්සු හදෝලා තමා නවත්‍තන්නේ..

කොහොමහරි ඊලඟ පාර password එක ගහලා මම ගේ ඇතුළට ආවා.මම ඇතුළට එනවත් එක්කම අනූ කාමරේ ඉඳන් එලියට ආවා.

"ආ පච්ච සිරා...මොකෝ ගිය වැඩේ?හෙට අනිද්දා න්‍යශ්ටික ප්‍රහාරයක්වට්ග් එල්ල වෙන්නද යන්නේ මේ පැත්තේ???තවුසෙලාගේ බොසා ඔච්චරටම බය වෙලා තියෙන්නේ?ආහ්?"

මට නෝන්ඩි හිනාවකුත් දාගෙනම ඒකා kitchen එකට ගිහින් ෆ්‍රිජ් එකේ දොර අරින ගමන් මගේ ඇහුවා.

"හ්ම්...ඊට වඩා පස්නයක් බම්.."

"මොකක්ද???"
අනූ වතුර බොනගමන්ම මට උත්තර දුන්නා.

"විරූඩ පහන් අයියව reject කරලා.ඕනේ නම් මට විතරක් interview එක දෙන්නම් කියලා."

"මොකාආආඅ...හ්..."

මම කියලා ඉවර උනා විතරයි වතුර ටිකත් ඉස්මොල්ලේ යවාගෙන අනූ බෙරිහන් දුන්නා.අයියෝ මේ මලසමයමට වතුර ටිකක් හරියට බීගන්න බෑනේ අම්මපා.

මාත් ඉතිං ලඟට ගිහිල්ලා පිටට ගැහුවේ මෙතන මේකි මලොත් මට සාක්ශි දෙන්න යන්න වෙන නිසා.නැතුව තියෙන ආදරේකට එහෙම නෙවේ...ටික වෙලාවකින් තත්වේ පාලනේ උන නිසා අපි දෙන්නම ඇවිල්ලා සෝෆා එකේ වාඩි උනා.

විරූඩ Where stories live. Discover now