08.

730 166 200
                                    

"කවීඊඊඊඊඊ....හදිස්සි ප්‍රහාරයක්.." අනික් පැත්තෙන් අනු බෙරිහන් දුන්නා.

"මොනවා???විනසයි" මම අනික් තප්පරේ සම්පූර්ණයෙන්ම නැගිටලා කෙලින් උනා.

අනූ....

මගේ ඇඟේ චූ දාගන්න කාලේ ඉඳන් හොඳම යාලුවා.කතාවට එහෙම කිව්වට ඇත්තටම අපි දෙන්නා හම්බුනේ ඉස්කෝලෙදී.එක වසරෙදී, එක-ඕලු පංතියේ මගේ එහා පැත්තේ පුටුවේ වාඩි වෙච්ච වදකාරයා දැන් මගේ එහා කාමරේ ජීවත් වෙනවා.ගොනා පිටිපස්සේ කරත්තය එනවා වගේ මේ කරුමෙත් මගේ පිටිපස්සෙන් හැමදාම ආවා.කරත්තේ දාලා ගොනා ගියත් මේ ගොන් බඳින කණුව නම් මේ ආත්මෙට මට නිදහසේ ජීවත් වෙන්න දෙන් නෑ.

ඉස්කෝලේ යන කාලේ මම බුද්ධිමත්,අවංක,දක්ශ,කීකරු විනීත සිස්සාවියක්.මගේ කීකරු විනීත කමට හෙන ගැහුවේ අනු මගේ යාලුවා වෙච්ච නිසා.අපි දෙන්නා එකතුවෙලා ඉස්කෝලේ ජඩ වැඩ,මඩ වැඩ,කුපාඩි වැඩ,හොර වැඩ ඔක්කොම කලා.එක්කෙනෙක්ව තනියෙන් දැක්කහම, "කෝ අනික් බාගේ?"කියලා අහන්න තරම් අපි දෙන්නාගේ කුප්පකම් ඉස්කෝලේ පුරාම ප්‍රචලිත උනා.

එක වසරේ ඉඳන් දහතතුන වසර වෙනකන් අපේ class teacher ලා අපේ අම්මට කිව්වේ "මෙයා නම් හොඳයි. මෙයාගේ යාලුවා නම් ගන්න දෙයක් නෑ."කියලා.
එහෙම කියලා මම මගේ අතිජාත අපාය සහයකයව අතාරීද මිත්‍රවරුනි???
නෑ... නෑ... නෑ....

A/L වලට මම science තොරගනිද්දී අනූ commcerce තෝරගත්තත් අපි දෙන්නගේ යාලුකම නම් කාටවත් කඩන්න බැරි උනා....මම පීරියඩ් 4ක් science එකේ ඉන්නවා නම් ඉතුරු පීරියඩ් 4 ම හිටියේ commrce එකේ..A/L ඉවර උනායින් පස්සේ අනූ auncle ගේ අඳුරන කෙනෙක්ගේ office එකක වැඩ කරන්න join උනා,මම campus ගියා,media feild එකට ගියා.හැබැයි...

අපි දෙන්නාම චූටි කාලේ ඉඳන්ම දැකපු හීනයක් තමා කවදා හරි බඳින්න කලින් ගෙදරට වදයක් වෙන්නේ නැති indipendant ගැහැණු ළමයෙක් වෙන එක.ඒක හින්දම අපි දෙන්නා අපිට aparment එකක් කුළියට අරන් ගෙදරින් ඈත් වෙලා තනියම ජීවත්වෙන්න පටන් ගත්තා.දැනට අවුරුදු එකහමාරක් ඉතිං ,අපි දෙන්නා අපි හම්බකරන සල්ලී වලින් සේප් කරගෙන සතුටින් සාමදානෙන් ආතල් එකේ තනියම ජීවත් වෙනවා.අපි දෙන්නාගේ වචනෙන් කියනවනා නම්,

විරූඩ Where stories live. Discover now