"I miss you මගේ ලීලී මල..."
කියලා මගේ බෙල්ලේ පාමුලින් රහසින් මිමිණුවා.
ඒ උණුසුම් හුස්ම මගේ බෙල්ලේ දැවටී දැවටී යද්දී මට මගේම හදවතේ සද්දේ දෝංකාර දෙද්දී මම ඇස් ඇරියේ කාමරේ පහන් අයියයි දුමිරු බොසුයි ඉන්නවා කියලා මතක් වෙලා. ඒත් එදා වගේම මට විරූඩගේ උරහිසට එහායින් මම දැක්කේ ඇහිපිල්ලමක්වත් හෙලවෙන් නැතුව එහෙම්ම ම ඉන්න පහන් අයියව
"මොනාද මේ කරන්නේ?? මේ මං වැඩ කරන තැන..."
ආපහු හරි සිහියට ආපු මම විරූඩව හිමිට එහාට කලේ හිමීට බැනුමකුත් කටුස්සාට තෑගි කරන ගමන්.
"අනේ ඇත්තට?? මේ ඔයා වැඩ කරන තැනද?? මං දනේ නෑනේ..ඒක හින්දා වෙන්නැති නේද වැඩ කරන තැනට එන්න පැය 2ක් ගියේ ආහ්.."
බොරු තරහ මූණක් එක්ක මගේ හදවත පොයින් පොයින් ගාන විදිහේ ලස්සනම ලස්සන හිනාවක් දාලා මාව හිමීට ඈත් කරලා විරූඩ ඇහුවා.
"ඔයා කොහොමද මෙහෙම.."
මට මගේ වාක්‍ය සම්පූර්ණ කරන්න හම්බුනේ නෑ මෙන්න ඊලඟට තප්පරේ එකපාරම මේ මනුස්සයා මාව අතෑරලා මගේ ඉස්සරහ කෙලින් හිටගෙන හෙන professional mood එකක් හදාගෙන මෙහෙම කියපි.
"ඉතිං Ms.කවී හඳුනා ගැනීම සතුටක් ඒත් අපේ interview එක ඔයාට එච්චර වැදගත් නෑ වගේ නේද? ඒකනේ මෙහෙම late ?"
මේ මොකෝ මේ ඒපාර එකපාරටම මේ බිල්ඩින් එකේ මැරිච්ච CEO කෙනෙක්වත් ආවේශ උනාද මේ මිනිහට..මහ දවල් බීලාවත්ද??
"අනේ නෑ Mr.ස්වර්නාක්ශ.....අපිට මේ interview එක ගොඩක් වටිනවා.අපේ මේ කවී university student කෙනෙක්නේ, ඒකයි පොඩ්ඩක් පරක්කු උනේ.
Please Excuse Us for this matter..."
ඊලඟට දුමිරු බොසාගේ බය වෙච්චි කටහඬ එහාපැත්තෙන් ඇහුනහම තාමා මට හරියටම වැඩේ තේරුනේ.
අනේ අම්මපා මට මේ මිනිහාගේ හොම්බ රිවට් කරන්න බෑනේ...ඉන්නකෝ මාත් කරන්න..
"එහෙනම් Mr.ස්වර්නාක්ශ හඳුනා ගැනීම සතුටක්.. අපි තව වෙලා ගන්නේ නැතුව interview එකට ලෑස්තිවෙමු නේද??මම ඉක්මනට ready වෙලා එන්නම්."
මාත් මගේ full professional tone එකෙන් කියලා පිළිවෙලට හිනාවෙලා ඔලුව නවලා ආචාර කරලා එලියට ආවේ විරූඩගේ මූණේ අමුතු ආඩම්බර හිනාවක් ඇඳිලා යද්දී.
YOU ARE READING
විරූඩ
Fantasyමෙය ff එකක් හෝ BL එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. ඕතරයාගේ අනන්‍යතාවය සෙවීමට යාමෙන් වළකින්න. කියැවිමෙන් පසු අන්තර්ගතයේ සත්‍ය අසත්‍ය භාවයන් සොයා යෑමේ වගකීම භාරගනු නොලැබේ.