30.

736 92 61
                                    

"දන්නවද උත්තමාවියනි..මිනිස්සු විශ්වාස කරණ  මෝඩම අදහසක් තමා මේ ලෝකේ ඉන්නේ එයාලා විතරයි..ඉතිං මේ ලොකේ එයාලගේ කියලා හිතන් ඉන්න එක...."

චියේගේ බෝතල් අඩි කණ්ණාඩි දෙකේ ගිණි දැල් වල ඡායාව තැඹිලි පාටින් දිලිසෙද්දී හරිම ගැඹුරු, කියවන්න අමාරු හැඟීමක් මූණේ තියාගෙන චියේ කියද්දී, ඔහේ මම චියේ දිහා බලන් හිටියේ මේ ටික කාලෙට මට වෙච්චි සිදුවීම් එක්ක,මම අහපු අමුතු කතන්දර එක්ක  චියේගේ මේ කතාව අපංබ්‍රංශයක් උනත් පුදුමයක් නෙවේ නිසා.

ඔගොල්ලෝ කාටවත් මාව තේරෙන් නෑ චියේ... මම සරල සාමාන්‍යය මනුස්සයෙක් මගේ වටේට මේ වෙන දේවල් මට දරාගන්න හරි අමාරුයි...

බෙල්ල පිටිපස්සෙන් පටන් අරන් අමුතු වේදනාවක් පැතිරිලා යද්දී මම ඒක ගනන් ගන්නේ නැතුව තනියම මටම මුමුණ ගත්තේ චියේ තවත් දුරටත් වචනයක්වත් නොකියා හැඟීමක් නැතුව ගිනිදැල් දිහා ඔහේ බලන් ඉද්දී..

මේ පොඩි ගල් ඉබ්බා ගින්දර දිහා බලන් ඉන්නේ නිකන් කෑමක් දිහා බලන් ඉන්නවා වගේනේ...

"කවුද ක්ලේශා කියන්නේ???" එකපාරටම ආපු සිතුවිල්ලකට මම ඇහුවා නෙවෙයි මට ඇහුනා.

ඒ ප්‍රශ්නේ අහලා ඉවර කරන්න හම්බුනේ නෑ දැන් මෙතන ලෝකේ පෙරලන්න මූඩ් එකක හිටපු චියේට බකස් ගාලා හිනාවක් ගියා...

මට දැනගන්න උවමනාවකට එහෙම නෙවෙයි ඉතිං ඇහුවේ නිකමට...
අමුතු ලස්සන නමක් නේ ඒකයි ඇහුවේ..නැතුව මට ඕනේ නෑ මේ කටුස්සාගේ ක්ලේශලා ප්ලේශලා ගැන හොයන්න.ඕකට ඔච්චර හිනා වෙන්න ඕනේ ඈ...යැයි යැයි තමා..

"නෑ ඉතිං මං නිකන් ඇහුවේ..." මං ලාවට ඔරෝලා වෙච්චි ලැජ්ජාව වහගන්න කිව්වා..

මං මොන මඟුල කිව්වත් චියේගේ හැක හැක හිනාව තව විනාඩි 10ක් විතර යනකන් ඉවර උනේ නෑ...

"ඔයා නම්.... නියමයි... උත්තමාවියනි...අපේ.. නිට්ටෑවට... ගැලපෙන්නේම.... ඔයා තමා.."

මැද්දෙන් හිඩැස් තිය තිය නිදහසේ හිනාවෙවී චියේ කිව්වා.

"විකාර කියවන් නැතුව ඉන්න චියේ.."මටත් චියේගේ හැක හැක හිනාවට හිනායන්න ආවත් හිනාව තද කරගෙන බොරුවට රවලා කිව්වා..

විරූඩ Where stories live. Discover now