21.

578 136 149
                                    

"ඔයාට වැරදිලා විරූඩ.ඔය කියන ගෑණු ළමයා මම නෙවෙ..ම්ම්...ම්ම්...ම්ම්..."

මට තව එක වචනයක්වත් කතා කරන්න දෙන්නේ නැතුව ඇස් පිය ගහන ක්ශනිකෙන් විරූඩ එයාගේ උණුසුම් දෙතොල්වලට මාව හිරකරගත්තා.ඒ දෙතොල් මගේ තොල් වේගෙන් අයිති කරගනිද්දී ඒවාගේ උණුසුම මගේ මුළු ඇඟම අයිති කරගත්තේ මාව මොහොතකට අතරමං කරලා.කාමරේ අන්ධකරයත් ඒ හැඟීම තව තවත් ඉස්මතු කලා...

ඒත්...
උතුමානන්ගේ ජයග්‍රහණය ඔබේ අතෙයි තියෙන්නේ.ඒ හින්දයි උතුමානන්ට ඔබව අත්‍යාවශ්‍ය...

නෑ මේක වෙන්න දෙන්න බෑ.

මම මගේ උපරිම ශක්තිය දාලා විරූඩව තල්ලු කළා.

***චටාර්*** (** Slap **)

මං අත පුරෝලා දුන්න කම්මුල් පාර නිසා මුකුත් හිතාගන්න බැරුව අන්දමන්ද උන විරූඩ් මගේ දිහා පුදුමෙන් බලාගෙන හිටියා.

"තමුසේ කවුරු කියලද හිතං ඉන්නේ ආහ්??
මම බෝනික්කෙක් කියලාද හිතං ඉන්නේ ඕනේ ඕනේ වෙලාවට පාවිච්චියට ගන්න.

මම දන්නවා ඔයාගේ මේ මොකක්ද මඟුල් ජයග්‍රහණයක් වෙනුවෙනුයි ඔයා මේ ඔක්කොම කරන්නේ....

හොඳට අහගන්න විරූඩ ඔයාගේ මේ විකාර නාඩගම් බහුබූත හොඳටම ඇති දැන්.

මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.මම යනවා.."

අන්තිම ටික කියද්දී මගේ කටහඬ බිඳිලා කඳුළු ආවත්

ඇති දැන් මේ විකාරේ හොඳටම ඇති.

මම ඇඳෙන් නැගිටලා ආවේ මේතනින් ඔලුව හැරිච්ච අතේ යනවා කියලා හිතාගෙන, ඒත් කාමරේ දොර අරින්න handle එක අල්ලනකොට එක මොහොතකට එකම එක මොහොතකට මට විරූඩ දිහා බලන්න හිතුනා.ඉතිං මම එකම එක  තප්පරේකට හැරිලා බැලුවා.

එයා තාමත් ඇඳේ වාඩිවෙලා හිටපු විදිහටම ගල් ගැහිලා වේදනාවෙන් පිරිච්ච ඇස් වලින් මගේ දිහා බලාගෙන හිටියා.

ඒත්..එයා කවුද? මේ ඇත්තක්ද? මම මොකක්ද විශ්වාස කරන්න ඕනේ??

මේ වගේ විකාර ප්‍රශ්න වලින් මගේ ඔලුව සර්කස් එකක් වෙලා තිබ්බ නිසා මම තීරණය කලා මෙතනින් පුළුවන් ඉක්මනට චුත වෙලා යන එක තමා හොඳම තීරණය කියලා.ඉතිං මම හුස්මක් පහළට දාලා ඒ ඇස් අමතක කරලා එලියට යන්න දොර අරින්න හදනකොටම,

විරූඩ Where stories live. Discover now