25.

549 136 294
                                    

ඒ රූස්ස ඝණ වනාන්තරේ කලුවර රෑක එයයි මමයි  අපේ ඇස් දිහා ඔහේ බලාගෙන. වචනවලින් අපේ ඇස්වල කතාවට භාදාවෙයි කියලා බයෙන් වගේ ඔහේ ඇස් දිහාම බලාගෙන.පන්දම් එලිවලින් එලිය වෙච්චි විරූඩගේ මූණත් එක්ක වටේ මොකක්ද වෙන්නේ කියලා  මට ගානක්වත් නෑ වගේ.ඒත් එකපාරටම ඊතලයක්???

කඩාගෙන වැටෙන ලයිට් එක.
විරූඩගේ වේදනාවෙන් පිරුණු ඇස්.
දිලිසෙන ලේ.
ඇඳක් උඩ වේදනාවෙන් සිහිනැතුව කෙඳිරි ගගා ඉන්න විරූඩ.????

එකිනෙකට ගැලපීමක් නැති වේගෙන් යන රූප ටිකක් එක්කම ඒ හීනෙන් එකපාරටම මාව ගැස්සිලා ඇහැරුනේ එහා පැත්තෙන් මගේ alarm එකත් සුපුරුදු ට්‍රම්පට් සද්දෙන් බෙරිහන් දෙද්දී..

මොකක්ද ඒ අමුතු හීනේ???

ආව්....

නැඟිට්ට ගමන් ඇඳෙන් බහින්නත් කලින් එකපාරටම අමුතු වේදනාවක් මගේ බෙල්ල පිටිපස්සෙන් පටන් අරන් මුළු ඇගේම පැතිරුණා.හරියට නිකන් මාව මොකකින් හරි තලලා දාලා වගේ.මගේ ඇඟට කිසි පනක් නෑ වගේ.

සමහර විට තාමත් ඊයේ shock එක වෙන්න ඕනේ.

"Good morning මා bish..නැගිටපිය.."

එහා කාමරෙන් ඇහිච්ච අනූගේ කුන්ඡනාදේට මාව සම්පූර්ණයෙන්ම නැගිට්ටුනා.ඒත්..

විරූඩට කොහොමද දන් නෑ.එයාව ගෙනියද්දීවත් මට වචනයක්වත් එයත් එක්ක කතා කරන්න බැරි උනානේ.එයාගේ number එකක්වත්..මං ගාව එයාගේ number  එකක්වත් නෑ..

එත්කොට තමා මට තේරුනේ විරූඩ හැම මොහොතකම මං කතා කරන්නත් කලින් කොහෙන්හරි මගේ ඉස්සරහට ආවා නේද කියලා.මට උදව්වක් ආරක්ෂාවක් ඕනේ වෙච්චි හැම මොහොතකම එයා අහන්නෙත් නැතුවම මං වෙනුවෙ හිටියා නේද?ඒ හැඟීමත් එක්ක විරූඩගේ අඩුව මගේ  හිතට අමුතුම හිස්තැනක් එකතු කලා.

මං නිසා එයාට තුවාල උනා කියන හැඟීම මට මහ බරක්.මම හෙට නකල්ස් ගියාට පස්සේ කොහොමත් දවස් තුනක් යනකන් කිසිම පණිවිඩයක් දැනගන්න වෙන් නෑ.මේ විදිහට උනොත් මට කැලේට ගිහිනුත් වැඩක් කරගන්න හම්බවෙන් නැතිවෙයි.

"මොකෝ තවුසේ උදේ පාන්දරම මූන කුණ්ඩහට්ටිය කරන් ඉන්නේ?"

අනූ ඇවිල්ලා ඇඳ උඩ වාඩිවෙන ගමන් ඇහුවා.

විරූඩ Where stories live. Discover now