17.

616 147 159
                                    

මං ඇළ පැත්තෙන් අයින් වෙලා පාරේ අනික් පැත්තට එන්න හදද්දීම උඩින් චිරි චිරි සද්දයක් ඇහුනා.ඒක මොකක්ද කියල බලන්න ඔලුව උස්සපු මම දැක්කේ current  wire  වල නිල් පාට අකුණු වගේ current  එක මාරු වෙන හැටි..පාර  දිගටම යන wire ඔක්කොගෙම current  එක pass වෙනවා.

"දෙවියනේ... මේ හුලඟත් එක්ක මේවා කඩාගෙන වැටුනොත්...."

එකපාරටම මගේ පිටිපස්සෙන් වාහනේක සද්දයක් ඇහුණු නිසා මම පිටිපස්ස හැරුනේ  කාගෙන්ම හරි උදව්වක් බලාපොරොත්තුවෙන්,ඒත් මට දකින්න හම්බ උනේ එක පේලියට පාර අයිති කරගෙන වගේ සෑහෙන වේගෙකින් කලු පාට racing බයික් පේලියක්  මම ඉන්න පැත්තට කඩාගෙන බිඳගෙන එනවා.
එවා පැදන් එන සෙට් එකට නම් මේ පාරේ මනුස්සයෙක් ඉන්නවා කියලා කිසිම වගක් නෑ වගේ.

කරන්නේ මොකක්ද කියලා හිතාගන්න  බැරි මොහොතක මාව ගල් ගැහුනා.
මගෙ කකුල් දෙක පොළවට ඇලිලා වගේ උනා.මට කිසිම අදහසක්,සිතුවිල්ලක්,හැඟීමක්,දැනීමක් දැනුනේ නෑ.මගේ දිහාවට හිතාගන්න බැරි තරම් වේගෙකින් එන කලුපාට බයික් පේලියේ රූපේ විතරයි මගේ ඇස් ඉස්සරහ තිබ්බේ.විදුලිය විදින කරන්ට් වයර් ලඟ මම පාර මැද හුලඟට කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙන දිරච්ච ගහක් වගේ  හිටියා.

බයික් ටික තප්පරෙන් තප්පරේ මට ලං වෙන්න ලං වෙන්න හුලඟත් ටිකෙන් ටික වැඩි උනා.තව මොහොතකින් මම මුන්ට යට වෙයි කියලා හිතුන මොහොතක මම ඇස් දෙක තදින් පියාගත්තේ ඕනේ දෙයක් වෙද්දෙන් කියලා.

"ම්ම්ම්..මේ මොකෝ..මට මුකුත් උනා කියලා තේරේන්නේ නෑනේ....
මං මැරිලද??
එතකොට මේකද අප්පා මහලොකුවට අපි බයේ දඟලන මරණය??
මෙක එච්චර අවුලක් නෑනේ..

පොඩ්ඩක් ඉන්න.. පොඩ්ඩක් ඉන්න...

මට තාම බයික්වල සද්දේ ඇහෙනවනේ..
දිව්‍යලෝකේ වෙහිකල් එකත් බයික්ද එතකොට??
මං හිතං හිටියේ අස්සයෝ ඇති කියලා නේ..."

ටික වෙලාවකින් බයික් වල සද්දේ ලඟ ලඟම ඇහුනත් මට කිසිම හානයක් වේදනාවක් දැනුනේ නැති නිසා මම හිමින් සැරේ එක ඇහැක් ඇරලා බැලුවා.එතකොටයි මම දැක්කේ ඒ බයික් ඔක්කොම ටික මගේ වටේට ලොකු රවුමක් හදාගෙන කැරකෙනවා.ඒවා පදින මිනිස්සු ටික ඔක්කොම එක වගේ කලු ජැකට් ඇඳලා කලුපාට fullface helmet  දාගෙන හිටපු නිසා ඒ කිසි කෙනෙක්ගෙ මූණවල් නම් මට පේන්න තිබ්බේ නෑ.

විරූඩ Where stories live. Discover now