09.

660 162 124
                                    

ආන්ටිගේ අසනීපේ ගැන විස්තරෙයි.. විරූඩ ගැන විස්තරෙයි අනූට කියලා ඉවර වෙනකොට රෑ 8ත් පහු උනා.

මොකක්ද මංදා නොදන්නා හේතුවකට විරූඩගේ රතු ඇස් දෙක ගැනවත්,එකපාරට අපි medicube එක ඉස්සරහට ගියපු එකවත් මට අනූට කියන්න හිත දුන් නෑ.මෙච්චර කාලෙකට මායි අනුයි අතර කිසිම රහසක් නොතිබ්බත් මේ විස්‍තර මට අනූට කියන්න බෑ කියලා මගේ හිත කිව්වා.ඉතිං මම මගේ හැඟීම් හංඟලා විරූඩගේ කාර් එකේ මම හැප්පිච්ච විස්තරේයි,බෙහෙත් අරන් දුන්න විස්තරෙයි විතරක් කිව්වා.

"හ්ම්ම්ම්........මට නම් හිතන්නේ කවී විරූඩ කැමති නැතුව ඇති බං බොරුවට බාල්දි පෙරලගන්න.
දැන් බලන්නකෝ උඹ කවුද? උඹ media කාරියෙක්.
ඌ කවුද?ඌ මේ මුලු ලෝකෙම දන්න මනුස්සයෙක්.
එතකොට උගේ කාර් එකේ උඹ හැප්පිච්ච එක උනත් ඇතිනේ ගොසිප් සයිට් වල දවස් ගානක් මෑන්ගේ පලු අරින්න.නේද?
මං නම් හිතන්නේ විරූඩ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්න එක නවත්තන්න වෙන්න ඇති උඹ ගැන ඔහොම හොයල බැලුවේ.
එතකොට එයාට ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ.කොහොමත් ඔයවගේ මිනිස්සු නියපොත්‍තෙන් කඩන්න පුලුවන් එක පොරොවෙන් කපන්න වෙනකන් බලන් ඉන්නේ නෑනේ.
නැද්ද?උඹ මටත් වඩා හොඳට ඒක දන්නවනේ???"

මගේ විස්තරේ සම්පූර්ණයෙන්ම අහන් ඉඳපු අනු කල්පනාකාරීව කිව්වා.කොහොම උනත් අනූගේ ඒ කතාවට මගේ හිතේ කොනක් ලාවට රිදුනේ නෑ කිව්වොත් ඒක බොරුවක්..හැබැයි මටත් තේරුනා අනූ කියපු හැම වචනයක්ම ඇත්ත කියලා.

ඒකත් ඇත්තනේ..මට එහෙම එකක් කලින් හිතුනෙම නෑනේ....එයා මොකටද මං වගේ මේ පොඩි කෙල්ලෙක් ගැන හිතන්නේ???..
එයා තැනේ හැටියට අනවශ්‍ය news එකක් හැදෙන එක වැළැක්වුවා විතරයි.මං ඒක ගැන ඕනවට වඩා හිතන්න හොඳ නෑ...

"ඒක නම් ඇත්ත අනූ...
ඔන්න ඔහොමයි ඉතිං මම විරූඩව අඳුරන්නේ..... නැතුව ඉතිං උඹ නැති ටිකේ මං අලුත් යාලුවෙක් හදාගත්තා නෙවේ හරිද???"

මම අනූට හිනා වෙලා උත්තර දීලා අනූව බදාගත්තා.

අනූගේ උණුසුම හැමවෙලේම මාව සංසුන් කරලා මාව ශක්තිමත් කරනවා.හොඳ යාලුවෙක් ඉන්න තැනක ඕනේ ප්‍රශ්නයක් දරාගන්න ශක්තියක් ලැබෙනවා කියන්නේ බොරුවක් නෙවේ.අනුත් ඉතිං අනික් පැත්තට හිනාවෙලා මාව බදාගත්තා.

විරූඩ Where stories live. Discover now