...

539 136 44
                                    

සිහින රජයන යාමක,
ක්ශනයකින්
ඇස් පිය හෙලන මාත්‍රයකට ප්‍රේමවන්තියක් මුණ ගැසුනි මට...

ඔබ කවුද????? මම සෙමෙන් තෙපලුවෙමි.

අමාවකටත් සියොත් මඟ හට පෙම් බඳින
තනි තරුව..
වෙමි මම

සැවොම මුකුලන තිමිර රජ හට සුවඳ දෙන
කඩුපුලක...
වෙමි මම

ශිශිර හීසර හඬතලනන සඳ හිමපියල්ලට දෝත පානා
නොමිය ළපලක්...
වෙමි මම

ඒ මම...
නුඹ කවුද???

මම???

සැවොම ලොබ බඳින ගිනියම් රන්වන් ගිනි සිළුවකට නොනිමී සැඟවෙන්නට යලි යලිත් දැල්වෙන්නට ගමනාන්තය සපයන ....

කිහිරඟුරක්

වෙමි මම

විරූඩ Where stories live. Discover now