28.

763 121 224
                                    

"ලංකාවේ අවසාන සිංහල රජු වෙච්චි නරේන්ද්‍රසිංහ රජතුමා තමන්ගේ අගබිසව එහෙමත් නැත්තං රන් දෝලිය විදිහට සරණපාවා ගත්තේ මදුරෙයි නායක්කාර් වංශයේ කුමාරිකාවක්.මදුරෙයි විස්තර වල කියැවෙන විදිහට ඇය බොහෝම සුන්දර කාන්තාවක්.ඒ වගේම මදුරෙයි මාලිගේ හුරතලයට හැදිලා වැඩුනු සුකුමාල කුමාරිකාවක්.එයාගේ නම පැහැදිලිව ඓතිහාසික සාධක වල දැක්වුනේ නැත්ත ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ දේවි කියලා.

අපි හැමෝම දන්න විදිහට නරේන්ද්‍රසිංහ රජතුමා නැටුම් ගැයුම් වලට ලැදි ලස්සන තරුණියෙකුට ඉන්න දෙන්නේ නැති සල්ලාල රජෙක්.මේ රජාට තමන්ගේ බිසව ගැන අබ මල් රේණුවක වත් හැඟීමක් තිබ්බේ නෑ.රැජින තනියෙන් තමන්ගේ මාලිගාවේ ඉන්දැද්දී රජතුමා දවසින් දවස තමන්ගේ අන්තප්පුරේ වැඩි කරගන්න එකම විතරයි කලේ.අඩුම ගානේ අන්තප්පුර පාලනයට අගබිසවට තිබ්බ අයිතියවත් රජතුමා ගණන් ගත්තේ නෑ.කොටින්ම ඒ දවස්වල රජතුමාගේ මේ තාවකාලික සුන්දරියෝ දේවිගේ මූණටම අපහාස කරලා තියෙනව.ඉතිං මේ ගැන දේවි හිටියේ පුපුරා හැලෙන වෛරයකින්.

දවසක් දේවි තීරණය කලා රජතුමාගන් පළිගන්න.මේ නිසා එයා රටේ හිටපු හැම සුන්දර තරුණියක්වම හොයලා රහසේ මරා දැම්මා.ඒ වගේම ඒ හැම මරණයක්ම යක්ශ දිෂ්ටියක් නිසා සිද්දවෙච්ච ඒවා කියලා හංවඩු ගැහුවා.මේ නිසා රට වැසියොත් බයට වැඩි විස්තර හොයන්න ගියේ නෑ.දේවිට මේ හැම වැඩේකටම සහය දුන්නේ එයාගේ එක කුස උපන් සහෝදරයා. සවෙර ඇමතිවරයා.කොහොම උනත් ඒකෙන්වත් රජතුමාව හදන්න බැරිබව තේරුම් ගත්ත දේවි කොහොමහරි පුතෙක් පිළිසිඳගන්න උත්සහ කලේ ඒකෙන්වත් රජතුමාගේ මේ සල්ලාල ප්‍රතිපත්තිය යටපත් වෙයි කියලා හිතාගෙන.

ඒකාලේ මේ අපි ඉන්න ප්‍රදේශය වන්නිවරුන්ගේ පාලනය යටතේ තිබ්බ වන්නි කලාපයක්.එකපාරටම මේ වනාන්තරයේ හුඟක් බලවත් යක්ශ දෙවොලක් තියෙනවායි ඒ දේවාලෙට ගිහින් කරන ප්‍රාර්ථනාවක් අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවයි කියලා මිනිස්සු අතර ලොකු කතාවක් ගිහින් තියෙනවා.ඉතිං මේ කතාව කටින් කට ගිහින් මහනුවර රජමාලිගාවටත් පැතිරුනහම දේවිටත් මේ දේවාලය වඳින්න ආසාවක් ආවා.

විරූඩ Where stories live. Discover now