27.

540 115 276
                                    

මං විරූඩව ඒ තප්පරේම අඳුරගත්තා.කිසිම වෙනසක් නැතුව මගේ කඳුළු ඔහේ ගලාගෙන යද්දී එයත් වචනයක්වත් කියන් නැතුව ඒ තුරුළට මාව තව තවත් තද කරගත්තා.එයාගේ රිද්මෙකට උඩ පල්ලෙහා යන උණුහුම් පපුව උඩ මම ඔළුව තියාගෙන මමවත් නොදන්න හේතුවකට මං ඔහේ ඇඬුවා.ඒ අතරේ ලීලී මලත් අපි දිහා දුකෙන් බලන් හිටියා.විරූඩගේ හුස්ම මගේ ඉස්මුදුනේ ගෑවෙද්දී ඒ තාලෙටම එයා හිමීට මගේ ඔලුව අතගානකොට ටිකෙන් ටිකෙ මගේ කඳුළු නතර උනා.ඒ විසාල පපුවේ මට දැනුනේ සැනසීමක්.ඒ මොහොතට මම වෙන කිසිම දෙයක් ගැන ලතවෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම මමම උනා.වෙන කිසිම දෙයක් මගේ ඔලුවට ආවේ නෑ..හරියට නිකන් ගලාගෙන යන ගඟක අහස දිහා බලාගෙන ඔහේ පාවෙනවා වගේ හැඟීමක්.
.
.
.
.
.

කවී....කවී..........කවී.......

නොදෝකික්....කොහෙද ඉතිං එක විනාඩියකට මගේ සැනසීම විඳිද්දී එක සම්පූර්ණයෙන් චකබ්ලාස් කරලා ඈතින් කවුද මූසලයෙක් මගේ නම කියලා කෑගහන්න ගත්‍තා.එත්කොට තමා මගේ සුපිරි බුද්ධියට කල්පනා උනේ මම මේ ටෙඩි බෙයෙක් වගේ බදාගෙන ඉන්නේ ඊයේ ජාතිය අමතපු මනුස්සයාව නේද කියලා..

විලිලැජ්ජාවේ බෑ ඇඬුවා වගේ නෙවේ දැන් මේකාට මූණ දෙන්නේ කොහොමද??අනේ මංදා මේ විරූඩ නම්...දුම්මල ගැහුවත් එලවන්න බෑනේ මේ මිනිහාව..මිනිහා??? මරු මිහිනා හුහ්..

විරූඩගේ මූණ බලන්න ලැජ්ජාවටම ශේප් එකේ එහෙම්ම බිමට මූණ හරෝගෙන මගේ ටීශර්ට් එකෙන්ම කඳුළු ටික පිහිදාගත්තා.ඒත් ඒ එක්කම වගේ එයත් මගේ ඉන වටේට තදට එතිලා තිබ්බ අත් දෙක හිමීට නිදහස් කරලා ලාවට මගේ ඉන දෙපැත්තෙන් අල්ලන් ගත්තා.තාමත් ලැජ්ජාවට මගේ කම්මුල් දෙක ගිනිගන්නවා වගේ.විරූඩ දිහා බලන්න බැරි කමටම මං එතන බිම පොලොව හිමීට හෑරුවේ වලක් කපන් මෙතනම වැළලෙන්න තියෙනවා නම් කොච්චර ශෝක්ද කියලා හිතන ගමන්මයි.

ඒත් වැඩිවෙලාවක් මට මගේ කැණීම් කටයුත්ත කරන්න හම්බුනේ නෑ විරූඩ එකපාරටම අත් දෙකෙන්ම මාව එයාගේ මූණ දිහාවට හරෝගත්තා.එයාගේ අත්වලට මගේ මුළු මූණම කිසිම අමාරුවක් නැතුව රඳෝගන්න පුළුවන් උනේ නිකන් මගේ මූණ ඒ අත් දෙකෙන් අගුල් දාලා වගේ.එදා interview එකෙන් පස්සේ ඒවෙලෙයි මං විරූඩව දැක්කේ.විරූඩගේ ඇස් දෙක දැක්කේ.interview එක තිබිලා වැඩි දවසක් නොවුනත් අවුරුදු ගානකට පස්සේ දැක්කා වගේ හැඟීමක් මට දැණුනේ.

විරූඩ Where stories live. Discover now