19.

538 147 250
                                    

මගේ දණහිස් පණ නැතිවෙලා යනවාත් එක්කම මගේ ඇස් නිලංකාරවෙලා කලුපාට අන්ධකාරෙකට මාව ඇදගෙන වැටෙනවත් එක්කම වගේ ගැස්සිලා මම මගේ ඇස් දෙක ඇරියා.

මේක හීනයක්..මේක හීනයක්...මේක හීනයක් විතරයි..

ඒත්..මගේ ඉස්සර ලස්සන කලුපාට සිවිලිමක්???පොඩි පොඩි කහපාට lights තැනිත් තැන පත්තුවෙලා තිබ්බේ හරියට තරු වගේ.

මං මේ කොහෙද ඉන්නේ..

මම හිතට ආපු බයට කලබලෙන් නැහිටින්න හැදුවත් මගේ කොන්ද දිගේ ආපු වේදනාවට මට කෙලින් වෙන්න බැරි උනා.මගේ කකුල් දෙකේ දනිස් දෙකනුත් දැවිල්ලක් වගේ ආවා මගේ දකුණු අතත් නිකන් තැළිවගේ දැනුනත් ටිකක් ඇස් එහෙට මෙහෙට කරකලා බැලුවහමයි මං දැක්කේ මම ඉන්නේ වෙන කෙනෙක්ගේ කාමරේක කියලා

(කාමරේ ..)

ඇඳ ලඟම තිබ්බ ලොකු වීදුරු ජනේලෙන් එලියේ මුහුද හරිම ලස්සනට පෙනුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇඳ ලඟම තිබ්බ ලොකු වීදුරු ජනේලෙන් එලියේ මුහුද හරිම ලස්සනට පෙනුනා.

මොනා උනත් කාමරේ අයිතිකාරයානම් කලු පාටට පට්ට ආදරේ කෙනෙක් වෙන්නෝනේ ඔක්කොම කලුනේ.ටිකක් ගුප්තයිත් වගේ..

මගේ දකුණු අත නිකන් බර දේකට යටවෙලා වගේ දැනුන හින්දා ඒ පැත්ත බලන්වත් එක්කම

"ආආආආආආආආආආආආආආ......."

විරූඩ බිම වාඩිවෙලා මගේ අත බදාගෙන ඒක උඩින් ඔලුවත් තියාගෙන පොඩි එකෙක් වගේ සැපට නිදි.....හරියට මගේ අත කවුරු හරි උස්සන් යයි වගේ.

මම මගේ උපරිම ධාරිතාවෙන් අති උච්ච සවරයෙන් කරපු කෑගැහිල්ලට විරූඩ හොඳටම බයවෙලා ගැස්සිලා ඇහැරුනා.

කලබලෙන් නැගිටපු එයා එකපාරටම

"ඇයි???ඇයි??
මොකක්ද උනේ
කොහේ හරි රිදෙනවද?
ඔලුවේ කැක්කුමයිද?
තුවාලේ රිදෙනවද???
අනේ කියන්නකෝ???
ඔයා හොඳින් නේද??
හීනයක් දැක්කද???
කතා කරන්නකෝ ඉශෙල්..."

විරූඩ Where stories live. Discover now