15.

540 150 136
                                    

"හුටා... විනාසයි.." වෙලා තිබිච්ච දේ දැක්කහම මට ඔලුවේ අත ගැස්සුනා.

ඒක ඇහුන ගමන් මම වෙච්ච දේ කියන්නත් කලින් office එකේ හිටපු ඔක්කොමලා පුටුමේස පෙරලගෙන ඇවිල්ලා මගේ වටේට වටවෙලා lap එකට එබිලත් ඉවරයි.

අනුන්ගේ ඕපදූප හොයන එක job එක කරන් ඉන්න උන්ට ඉතිං ඕපදූපයක් හොයන්න අලුතින් පුරුදු කරන්න ඕනේ නෑනේ..

"මොනවා???????විරූඩ ඔයාව follow කරළා."

සුපුරුදු පරිදි සචිනි අක්කා පළවෙනි වෙඩිමුරේ පත්තු කළා.

"ඈ බං නංගියේ... මේ උඹේ personal account එක නේද?බොට පිස්සුද ඒකෙන් විරූඩයට request යවන්න?" යශ් අයියා ඊලඟට බෙරිහන් දුන්නා.

සාමාන්‍යයෙන් මාධ්‍යවේදියෙක් තමන්ගේ පෞද්ගලික ජීව්තෙයි වෘත්තීය ජීවිතේයි මැද්දෙන් ඉරක් ඇඳලා වෙන් කරලා තියෙනවා ආත්මාරක්ෂාවට සහා වෘත්තීය ප්‍රතිරූපය රැකගන්න.

යශ් අයියගේ ප්‍රශ්නෙත් එක්කම අනික් හැමෝගෙම ඇසුත් මගේ මූණ දිහා බැලුවේ හැමෝටම ඒ ප්‍රශ්නේට උත්තරේ දැනගන්න ඕනේ කියන එක නොකියා කියන්න වගේ.

"අනේ නෑ අයියේ මම මේ interview එකට study කර කර හිටියේ personal account එකෙන්.වැරදිලා press වෙලානේ.මේ විනාඩි ගානට ඔක්කොම උනේ."

මම පුළුවන් උපරිමෙන් වෙච්චදේ පැහැදිලි කලා.

"හ්ම්...මතකද කලින් පාර ඇමතියෙක් මාව follow කලා.බුදු අම්බේහ් බොහොම අමාරුවෙන් බේරුනේ.සතියෙන් සතිය එක එක hotel වලට එන්න කියලා invitation එව්වා.ඒත් හැබැයි professional account නිසා යාන්තම් වැඩ කියලා බොරුවක් ගහලා බේරුනා."

සචිනි අක්කා ලොකූ කල්පනාවක් කරන ගමන් උත්තර දුන්නා.

"මෙහෙමයි කෙල්ලේ මගේ අත්දැකීම් අනුව නම් ඕකේ තේරුම් දෙකයි තියෙන්නේ.එක්කෝ විරූඩයට බෝව උගේ යටතේ වැඩට ගන්න ඕනේ නැත්තං mistress කරගන්න ඕනේ.ඒ කොහොම උනත් ඕක හොඳ දෙයක් නම් නෙවේ.අනික මේ උඹේ personal acc එක..."
සුදු පුතාත් කල්පනාකාරීව එයාගේ මතේ පැහැදිලි කලා.

මමත් මේ රස්සාවේ අඳුරු පැත්ත ගැන නොදන්නවා නෙවේ.ඒ උනාට මොකක්දෝ මංදා නොදන්නා හේතුවකට මගේ හිත කියනවා විරූඩ මාව follow කලේ එහෙම අදහසකින් නෙවේ කියලා.අනේ මංදා.....මේ සිදුවීමත් එක්ක විරූඩගේ මතකයන් ඔක්කොම ආපහු මගේ හිතේ මැවෙන්න පටන් ගත්තා.

විරූඩ Where stories live. Discover now